ඇමැති මණ්ඩලය ප්‍රමාදවීමෙන් ආණ්ඩුව හොම්බෙන් යයි .

නව රජයේ ඇමැති මණ්ඩලය පත් කීරීම සති තුනක් ප්‍රමදවීමත් සමග ආණ්ඩුවේ මුදල් තත්ත්වය බරපතළ ලෙස නරක අතට හැරී ඇති බවද රුපියලේ අගය පහත වැටෙන්නට පටන්ගෙන ඇති බවද මුල්‍ය ක්ෂේත්‍රයේ අපේ ආරංචි මාර්ග කියයි . ජනවාරියේ ඉදිරිපත් කළ අතුරු අයවැයේ අදායම් යෝජනාවලට අදාළ මුදල් පනත් සම්මත කර ගැනීමට එවකට පැවති පාර්ලිමේන්තුවේ සහාය නොලැබීමත් මෙම පාර්ලිමේන්තුවෙන් එම පනත් සම්මත කොට අදායම් ලැබීමට තවත් කලක් ගතවීමත් මෙම තත්ත්වය බරපතළ වීමට හේතු වී තිබේ .

මෙම තත්ත්වයට මුහුණදීමට මේ වනවිට ආණ්ඩුව රුපියල් බිලියන සියයක මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇත. මෙම මුදල් වෙළදපොලට නිකුත් කිරීමත් සමග මෙතෙක් පාලනය කොට තිබූ උද්ධමනය ඉහළ  යා  හැකි බවද කියති . පසුගිය මාස දෙකේ උද්ධමනය වෙනුවට වාර්තා වුයේ අවධමන තත්වයකි .එසේ වුවද අපනයන පහත වැටීමක්ද ආනයන ඉහළ  යාමක් ද පසුගිය මාස කිහිපයේදී වාර්තා වීය .

මෙම අයහපත් තත්ත්වයට පිළියම් යෙදීම ප්‍රමාද වීමට ඇමැති මණ්ඩලයක් නොමැතිව සති තුනක් රට අරාජිකව තිබීම ප්‍රබල හේතුවක් බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *