ටිරාන් අලස් නිර්දෝෂී බවක් අගවිනිසුරු කියා නැහැ

රාඩා ආයතනයේ සිදුවූ බව කියන කෝටි සිය ගණනක වංචාව ගැන ටිරාන් අලස් මහතා අත් අඩංගුවට ගැනීම අවශ්‍ය නැතැයි අග විනිසුරු කේ  ශ්‍රීපවන් මහතා කළ ප්‍රකාශයක් අනුව  අලස් මහතා නිර්දෝෂී බව අගවිනිසුරු වරයා පිළිගෙන ඇතැයි ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරය බොරුවක් බව  නීති අංශයේ අපගේ ආරංචි මාර්ග කියයි . මෙම නඩුවේදී අගවිනිසුරු තුමා කියා ඇත්තේ අලස් මහතා අත් අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි .

කුමන චෝදනාවකට වුවද පුද්ගලයකු අත් අඩංගුවට ගෙන රදවා ගන්නේ ප්‍රධාන හේතු තුනක් නිසාය .  අධිකරණය මගහැරීමට හෝ සැගවී සිටීමට හෝ ඇති ඉඩකඩ , පරීක්ෂණයට බාධා කිරීමේ ඉඩකඩ ,සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ඉඩකඩ එම අවස්ථා වෙයි . එම තත්ත්වයන් එකක් වත් නොමැති නම් මිනීමැරුම් චූදිතයකුට වුවත් ඇප ලබාදීමට අධිකරණයක් මැලි වන්නේ නැත . ඇප ලබාදීම යනු අධිකරණ ක්‍රියාවලියට යටත් වන බවට සහතිකයකි.

අග විනිසුරු වරයාගේ අදහස වී ඇත්තේ අත් අඩංගුවට ගැනීමට අදාළ ඉහතකී සාධක කිසිවක් ටිරාන් අලස් මහතා සම්බන්දයෙන් පැන නැගී නැති බවයි . අලස් මහතාට එල්ල වී ඇති චෝදනාවෙන් ඔහු නිදොස් බවක් ඉන් අදහස් වන්නේ නැත . එවැනි ප්‍රචාරයක් ගෙනයාමද නොමග යැවීමක් බව නීති අංශයේ අපේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *