ගෝටා බේරන්න ගිහින් මේජර් ජෙනරාල් අමාරුවේ !

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා බේරාගැනීමට බොරු සාක්ෂි දුන්බව  බරපතළ දුෂණ හා වංචා විමර්ශන ජනාධිපති කොමිසම  ඉදිරියේ වරද පිළිගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර මහතාට එරෙහිව බොරු සාක්ෂි දීම හා ජනාධිපති කොමිසමට අපහස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට නියමිත බව කොමිසමේ ආරංචි මාර්ග කියයි . එසේ නඩු නොපවරීමට හේතු ඇත්නම් ලබන 17 දාට පෙර දන්වන ලෙස මේජර් ජෙනරාල්වරයාට කොමිසම දැනුම් දී තිබේ .

රක්නා ලංකා සමාගමේ සේවක පිරිසක් කුමන කටයුක්තකට යෙදුවේදැයි තමන් නොදන්නා බවට ඊයේ තමන් දුන්නේ බොරු සාක්ෂියක් බව මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර මහතා අද පිළිගත්තේය . ජනාධිපති කොමිසමක් හමුවේ එලෙස බොරු සාක්ෂි දීම බරපතළ වරදකි .එම වරද ඉදිරියේදී යලි සිදු නොවීම සදහා මේ අවස්ථාවේදීම අවශ්‍ය පියවර ගතයුතු බව නීතිවේදීහු පෙන්වාදෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *