වෙනියුසියුලාව බංකොලොත් වූයේ කෙසේ ද ? – කීර්ති ගොඩිගමුව

වෙනිසියුලාවට සවුදි අරාබියට වඩා තෙල් නිධි ඇත. එක් කලෙක දකුණු ඇමරිකාවේ ධනවත් රාජ්‍යයක් වූ වෙනිසියුලාව අද වන විට සාගත දේශයක් බවට පත්ව ඇත. පොදුවේ භාණ්ඩ හිඟය, කෑම සහ බෙහෙත් හිඟ වීම හරහා ජනතාව අති දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත. ලක්ෂ 16 ක පමණ ජනතාවන් මේ වන විට අසල් වැසි කොලොම්බියාව, පීරු, බ්‍රසීලය, ඉක්වදෝරය, ආජන්ටිනාව, වැනි රටවලට සරණාගතයන් ලෙස සංක්‍රමණය වී ඇත.

වර්තමාන තත්ත්වය:- 2018 වර්ෂය සඳහා උද්ධමන ප්‍රතිශතය මිලියනයට ළං වෙද්දී බොලිවර් (එරට මුදල් ඒකකය) 95%කින් අව ප්‍රමාණ කළ නිකොලස් මුදුරෝ එහි එහි බිංඳු පහක් කපා දමා නව මුදල් ඒකකයක් (Sovering Boliver) හඳුන්වා දීමට කටයුතු කළේය. ඉන්පසු ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ පෙටරෝ නම් ඉලෙක්ට්‍රානික මුදල් ඒකකයන් (Crypt currency ) සමඟ සම්බන්ධ කළේය. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය විසින් එම මුදල් ඒකකය සමඟ ගනුදෙනු කිරීම තහනම් කිරීම හේතුවෙන් එය භාවිත කළ නොහැකි විය. මෙම තත්ත්වය හමුවේ ජනතාව ඉතා අසීරු අඩියකට වැටී ඇති අතර නැගී එන ජනතා විරෝධය සමනය කිරීමට මර්ධන දියත් කර ඇති අතර විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන සිරකර ඇත. අලුත්ම තොරතුරු අනුව එරට විදේශ ණය ගෙවීමද පැහැර හැරීමට පටන් ගෙන ඇත.

වෙනිසියුලාවේ කඩාවැටීම ආරම්භ වූයේ 1998 දී බලයට පැමිණි හියුගෝ චාවේස්ගේ ‘සමාජවාදී’ යයි හඳුන්වා දෙනු ලැබූ පාලන ක්‍රමවේදය නිසා බව මේ වන විට ඉතා පැහැදිලිව පෙනී යන කරුණකි.

හියුගෝ චාවේස් යනු හිටපු හමුදා නිලධාරියෙකි. 1998 මහජන ඡන්දයෙන් බලයට පත් වන මොහු මුලසිටම ඇමරිකානු විරෝධි පුතිපත්තියක් අනුගමනය කළේය. ඔහු බලයට පැමිණි විගස එරටේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ ලොව විශාලම තෙල් නිධි සහිත එරට තෙල් ව්‍යාපාරය ජන සතු කළේය. එතැන් පටන් ඊළඟ දසක දෙක තුළ තෙල් නිෂ්පාදන සමාගම්වල තිබූ විදේශ ආයෝජන ක්‍රමයෙන් ඉවත්ව ගිය අතර නව ආයෝජන අඩුවීම සහ ජනසතුව නිසා දුර්වල වූ කළමනාකාරිත්වය හේතුවෙන් තෙල් නිෂ්පාදනයේ ක්‍රමික අඩුවීමක් සිදුවිය.

එහෙත් තෙල් මිලෙහි සිදු වූ ක්‍රමික මිල ඉහලයාම හේතුවෙන් ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවීය. චාවෙස් මෙම මුදල් වෙනිසියුලාව සුභසාධන රාජ්‍යයක් කරා ගෙනයාම සඳහා යෙදවීය. ඒ සඳහා “බොල්වර් මෙහෙවර” නම් වූ සුභසාධන වැඩ පිළිවෙල හරහා එම ධනය කෙළින්ම අඩු ආදායම් ලාභීන් වෙත බෙදා හැරීමට කටයුතු කළේය. ඒ සමගම ඉඩම් ප්‍රතිසංස්කරණ හරහා ඉඩම් බෙදාදීම සිදු ‍කළේය. කර්මාන්තශාලා ශ්‍රමිකයන්ගේ සමුපකාර ක්‍රමයක් හරහා සිදුකරන පාලනයක් ඇති කළේය. මෙම වැඩපිළිවෙලට දේශපාලන අනුග්‍රහය ලබාගැනීම සඳහා අසල්වැසි මෙම වැඩපිළිවෙලට දේශපාලන අනුග්‍රහයක් ලබා ගැනීම සඳහා අසල්වැසි රටවලට පවා තෙල් අඩු මිලට ලබා දුනි.

එහෙත් තෙල් මිල පහත වැටීම නිසා ආදායම අඩු වුවද ඔහුගේ වැඩ පිළිවෙල පවත්වාගෙන යාම සඳහා මුදල් මුද්‍රණය කිරීම හා ණය ලබා ගැනිම ආදිය සිදු කළේය. ඔහුගේ පාලන කාලය අවසන් වන විට මෙම සුභසාධන වියදම් තෙල් සමාගම් විසින් ඉපයූ මුලු විදේශ ලාභ වලට වඩා වැඩිවිය. ඔහුගේ පාලන කාලය තුළ රටේ විදේශ ආයෝජන සීඝ්‍රලෙස පහත වැටුණු අතර 2013 දී ඔහු මියයන විට විදේශ ආයෝජන ප්‍රමාණය 1998 දී ඔහු රට බාර ගන්නා අවස්තාවේදී තිබූ විදේශ ආයෝජන ප්‍රමාණයෙන් භාගයක් දක්වා අඩු වී තිබිණි.

චාවේස් අනුප්‍රාප්තික නිකලස් මදුරෝ ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට තැත් කළ ද එය කළ නොහැකි දෙයක් බවට මේ වන විට පත්ව ඇත.

චාවේස්ගේ ජනසතු වැඩපිලිවෙල හරහා එතෙක් එම සමාගම් වල පැවති කලමානාකරණය, විදේශ ප්‍රාග්ධනය ඉවත් වීමත් සමඟ බිඳ වැටුණු අතර, රාජ්‍ය බලපෑම නිසා අකාර්යක්ෂමතාවය, නාස්තිය දූෂණය හිස එසවීම හරහා ආදායම් අඩු වී ජනතාව ද්‍රරිදුතාවයට තල්ලු වී ඇත.

නිකලස් මදුරෝ සතුව විකල්ප වැඩපිලිවෙලක් නොමැති අතර රට තවතවත් අගාදයට තල්ලුවීම නොවැලැක්විය හැදි සංසිද්ධියක් බවට පත්ව ඇත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *