බාප්පලාට පාඩම් උගන්වන්න ගිහින් නාමල් අනාථ වූ හැටි

මුළු කොළඹම අඩපණ කරනවා යැයි වහසිබස් දොඩමින් තම බාප්පලාටත් පාඩමක් උගන්වන්න අතමිට දිගහැර කෑමෙන් බීමෙන් මුදලින් ගමන් පහසුකම් සපයමින් ඉහළට එසවෙන්න සැලැසුම් කළ නාමල් රාජපක්ෂ හා ඔහුගේ හිතවතුනට හිතූ පැතූ තරම් ජන බලයක් ගෙන්වා ගන්නට අසමත්ව අනාථ වූ අයු‍රු පෙන්වන හොඳම සාධක ඊයේ (05) කොළඹින්ම දක්නට ලැබිණි.

පස්පොළකින් සෙනඟ කොළඹට රැස්වෙනවා යැයි පැවසුවද එය පෙළපාලි දෙකකට සීමාවිය. මේ පෙළපාලි දෙක සමඟ මේ පිරිස් එක්රැස් වූයේ ලේක්හවුස් වටරවුම කේන්ද්‍ර කරගෙනයි. ඊයේ රාත්‍රී සිට පසුවදා (6දා) එහි පහන් කරන බව කීවද රාත්‍රී වනවිට එක්ව සිටි පිරිසද කෙමෙන් කෙමෙන් විසිර යන අයුරුද දක්නට ලැබිණි. සෙනඟ රැස්ව සිටි ස්ථානයට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ විරෝධතාවන්ට බාධා නොකළ යුතු බවයි.

එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියද ඔහුද ස්වල්ප වේලාවකින් නික්ම යනු දක්නට ලැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් කිහිපදෙනෙක් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පාක්ෂිකයන් පිරිසක් එක්ව සිටියද ඒකාබද්ධය අපේක්ෂා කළ තරම් ජනතාවක් කොළඹට රැස් කිරීමට අසමත්වූ බව දේශපාලන විචාරකයෝ පවසති.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *