|

ව්‍යවසායකයන් පුබුදුවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගිම සදහා 2018 අයවැයෙන් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් ලබාදෙන ණය යෝජනා ක්‍රම 16 කින් සමන්විතය. මෙකී සහන ණය යෝජනා ක්‍රම සඳහා 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250 ක් වෙන්කර ඇති අතර එම මුදල උපයෝගී කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000 කට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරෙයි. එමෙන්ම මෙමඟින් නව රැකියා අවස්ථා 50,000 ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂා වී තිබේ.

මෙම ලිපිය මඟින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහන” යටතේ හදුන්වා දී ඇති සහන ණය යෝජනා ක්‍රම පිළිබදව අවධානය යොමු කෙරෙන අතර සහන පොලී අනුපාත මත ලබා දෙන මෙම සුවිශේෂී ණය පිළිබදව එමගින් පුළුල් අවබෝධයක් ඔබ සැමට ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .

කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවට “රන් අස්වැන්න”

කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීමේ සහ පහසුකම් සැපයීමේ අරමුණින් “රන් අස්වැන්න” සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ගොවීන් ගොවි සංවිධාන, කෘෂි ආශ්‍රීත සැකසුම්කරණ කාර්යයන්හි නියැළී සිටින ආයතනවල ඵලදායීතාවය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය හඳුන්වාදීමටත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට ගොවීන් සමඟ පෙර ගිවිසුම් මත පදනම් වූ වාණිජ මට්ටමින් කරනු ලබන මහා පරිමාණ ගොවිපොළ ආරම්භ කිරීම සඳහාත්, සහල් මෝල් හිමියන්ට නවීන තාක්ෂණයෙන් යුත් ගබඩා පහසුකම් ඉදිකිරීම සඳහාත් විසිතුරු මත්ස්‍යය වගාවේ නියැළෙන ව්‍යාපාරිකයින්ට හා විසිතුරු මල් වගාකරුවන්ට තම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහාත් මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, සම්පත් බැංකුව හා කාගීල්ස් බැංකුව යන රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් සුවිශේෂ සහන පොලී අනුපාතිකයක් යටතේ “රන් අස්වැන්න” ණය මුදල් මුදා හරිනු ලැබේ.

මේ යටතේ රුපියල් මිලියන 750ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැක. ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 5 කි. පොලී අනුපාතිකයෙන් සියයට 50 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශ්වය විසින් වාර්ෂික ව ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 6.75 කි. මේ යටතේ පොලී සහනාධාර ගෙවීම සඳහා 2018 වර්ෂය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 925 කි.

ගොවිතැනට යන්ත්‍ර සූත්‍ර ගන්න ගොවි නවෝදා

පැළ සිටුවීම, කෘෂි ඉඩම් සකස් කිරීම පැළ සිටුවීම, වල් පැළ නෙළීම, අස්වැන්න නෙළීම වැනි කෘෂිකාර්මික කාර්යයන් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය දිරිගැන්වීම තුළින් සුළු පරිමාණ කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණය කර නිෂ්පාදන පිරිවැය අවම වීමට සළස්වා මූල්‍යමය වශයෙන් සුළු පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම “ගොවි නවෝදා” සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වී තිබේ. එමගින් කෘෂිකර්මාන්තයේ යෙදෙන සුළු පරිමාණ ගොවීන්ට හා ගොවි සංවිධාන සඳහා උපරිම ණය සීමාව රුපියල් 500,000 ණය ලබා දෙන අතර නැවත ගෙවීමේ කාලය වසර 5 කි.

මහජන බැංකුවල ලංකා බැංකුව,ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවල ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව හා කාගීල්ස් බැංකුව යන රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් සුවිශේෂ සහන පොලී අනුපාතිකයක් යටතේ මෙම ණය ලබා ගත හැක.

පාසල් සේවයට බස් ගන්න “රිය ශක්ති”

මෙහිදී ණය ලබා ගන්නා ගොවීන් විසින් ගෙවිය යුතු ණය පොලී අනුපාතිකයෙන් සියයට75 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාතිකයන්ට අනුව ණය ලබා ගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 3.38 කි. මෙම පොලී සහනාධාර ගෙවීම සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 50 කි. පාසල් වෑන් රථ හිමියන් අවම වශයෙන් ආසන 28ක් සහිත බස් රථ සඳහා මාරුවීම දිරි ගැන්වීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ. එමඟින් වඩාත් ඵලදායී හා සුරක්ෂිත පාසල් ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අපේක්ෂාවයි.

මහජන බැංකුව සහ ලංකා බැංකුව මඟින් මෙම ණය ලබාදෙනු ලබන අතර එක් පාසල් වෑන් රථ හිමියකුට ලබා ගත හැකි උපරිම ණය සීමාව රුපියල් මිලියන 4 කිග ආපසු ගෙවිමේ කාලය වසර 5 ක් වන අතර ගෙවිය යුතු පොළියෙන් සියයට75 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් ණය ලබා ගන්නා පුද්ගලයා ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 3.38කි. මෙම පොලී සහනය ගෙවීම සඳහා 2018 වර්ෂය සඳහා රජය විසින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 150 කි.

නි‍ෙවසට විදුලිය නොමිලේ ගන්න “ රිවිබලසවි”

මෙම “රිවිබලසවි” ණය යෝජනා ක්‍රමය යටතේ නිවාස ඒකක 1,000,000 ක් සූර්ය බල නිෂ්පාදන ඒකක බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ. එක් නිවෙස් හිමියකු සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හරහා ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් 350,000 කි.

වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සූර්ය බල සංග්‍රාමය” වැඩසටහන යටතේ සෑම නිවාස ඒකකයක්ම බල ශක්ති උත්පාදන ඒකකයක් බවට පත් කිරීමේ අරමුණින් සූර්ය බල ශක්තිය උත්පාදනය දිරි ගැන්වීම සඳහා මෙම ණය ලබා දීම විශේෂත්වයකි. එමඟින් නිවාස හිමියන්ට තම බලශක්ති අවශ්‍යතාවය අඩු වියදමකින් සපයා ගත හැකි වන අතරම රටෙහි බලශක්ති පද්ධතියට තම නිවසේ සූර්ය කෝෂ පද්ධති මඟින් ජනනය කෙරෙන බලශක්තිය අලෙවි කිරීම තුළින් අමතර ආදායමක් උපයා ගැනීමටද හැකි වේ.

මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, හැටන් නැෂනල්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව හා පෑන් ඒෂියා බැංකුව හරහා මෙම ණය ලබා ගත හැක.

ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5 ක් වන අතර ණය ලබා ගත් පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂිකපොලී අනුපාතය සියයට 6.75කි. රජය විසින් තවත් සියයට 6.75ක් සහනාධාර ලෙස බැංකුව වෙත ගෙවනු ලබන අතර, ඒ වෙනුවෙන් 2018 වර්ෂය සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,500 කි.

නව ස්වයං රැකියාලාභීන්ට “ දිරි සවිය”

කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන රට පුරා ව්‍යාප්ත කිරීමත් හා නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන් සඳහා කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ගුණාත්මක අයුරින් ගබඩා කර තබා ගැනීමේ අවස්ථා වර්ධනය කිරීමත්, ඔවුන්ගේ තොග හානි අවම කර ආදායම් මට්ටම් ඉහළ නැංවීමත් අරමුණු කරගෙන කුකුළු මස් නිෂ්පාදන වෙළෙඳපොළට අමතර අධිශීතකරණ 15,000ක් ලබා දීම මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධානතම අරමුණයි.

ඒ අනුව මහා පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ග්‍රාමීයව ප්‍රාදේශීය වශයෙන් අලෙවි කිරීමට සම්බන්ධ වන නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන් 15,000 ක් සඳහා අධිශීතකරණ ලබා දීම පිණිස එක් අධිශීතකරණයක් සඳහා උපරිමය රුපියල් 50,000 කට යටත්ව ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් මෙම ණය ලබා දෙන අතර ආපසු ගෙවිමේ කාලය වසර 4 කි .මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුකුළු මස් නිෂ්පාදකයින් විසින් දැරිය යුතු පොලී වියදම මුළුමණින්ම රජය විසින් දරනු ලබන අතර එම පොලී සහනය ගෙවීම සඳහා 2018 වර්ෂය සඳහා රජය විසින් රුපියල් මිලියන 75 ක් වෙන් කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරබන්නට “ජය ඉසුර”

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, මල් වගාවල ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ සංචාරක ව්‍යාපාරය, අත්කම්, ඇඟළුම්,තොරතුරු තාක්ෂණ, ව්‍යාපාරික මට්ටමින් සූර්ය බලශක්ති උත්පාදනය හා නිෂ්පාදන කර්මාන්ත වැනි ක්ෂේත්‍ර වල නියලි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඒ ඒ ව්‍යාපාරයේ වෙළෙඳ පිරිවැටුම් සහ සේවක සංඛ්‍යාව මත පදනම්ව ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් වැඩිදියුණු කර ගැනීම හා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීම මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුවල මෙකී ක්ෂේත්‍රයන්හි නියැළී සිටින වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10 සිට රුපියල් මිලියන 250 අතර හා සේවක සංඛ්‍යාව 5 සිට 50 අතර වන සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා වසර 5 කින් ගෙවා නිම කළ හැකිවන පරිදි රුපියල් මිලියන 50 ක උපරිමයක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර මෙකී සුළු පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතු වල නිරත වන්නේ නම් රුපියල් මිලියන 100 ක උපරිමයක් දක්වා ණය මුදලක් ද ලබා ගත හැක. පොලී අනුපාතයෙන් සියයට50 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාතය අනුව ණය ලබා ගන්නා පාර්ශවය විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 6.75 කි. එසේම ඉහත ක්ෂේත්‍රයන්හි නියැලී සිටින වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 250 සිට රුපියල් මිලියන 750 අතර හා සේවක සංඛ්‍යාව 51 සිට 300 අතර වන මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වසර 5 කින් ගෙවා නිම කළ හැකිවන පරිදි රුපියල් මිලියන 200 ක උපරිමයක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර මෙකී මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතු වල නිරත වන්නේ නම් රුපියල් මිලියන 400 ක උපරිමයක් දක්වා ණය මුදලක්ද ලබා ගත හැක. පොලී අනුපාතයෙන් සියයට25 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශවය විසින් වාර්ෂිකව ගෙවියයුතු පොලී අනුපාතය සියයට10.12 කි.

මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, කාගීල්ස් බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා යුනියන් බැංකුව හරහා මෙම ණය ලබා ගත හැක. මේ ණය යෝජනා ක්‍රමයේ සහනාධාර ගෙවීම සඳහා 2018 වර්ෂයේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 750 කි.

මාධ්‍යවේදීන්ට උපකරණ ගන්න “මාධ්‍ය අරුණ”

අසීරු වාතාවරණයක් යටතේ තම රාජකාරි කටයුතු සිදුකරන ලියාපදිංචි මාධ්‍යවේදීන්ට තම රාජකාරී කටයුතු කර ගෙන යාම සදහා අවශය මාධ්‍ය උපකරණ මිළදී ගැනීම සඳහා රුපියල් 300,000 ක ණය මුදලක් “මාධ්‍ය අරුණ” සහන ණය යෝජනා ක්‍රමය යටතේ පොලී රහිතව ලබාදෙන අතර මාධ්‍ය උපකරණ වැඩි දියුණු කිරීම සඳහා රුපියල් 150,000 ක ණය මුදලක් සියයට 6.75 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබා දේ. මහජන බැංකුව මඟින් මෙම ණය ලබාදෙනු ලබන අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 5 කි. මේ සඳහා 2018 වසරේ දී රුපියල් මිලියන 25ක් වෙන්කර ඇත.

නි‍වාස  හදාගන්නට “සොදුරුපියස”

දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර ඇති එහෙත් ස්වශක්තියෙන් තම නිවාස සම්පූර්ණකර ගැනීමට හැකියාවක් නොමැති අඩු ආදායම්ලාභී ජනතාවගේ හිසට සෙවනක් ලබාදීමේ අරමුණින් බිම් වර්ග ඵලය වර්ග අඩි 1,000 ට අඩු නිවාස පුළුල් කිරීම හෝ සම්පූර්ණකර ගැනීම සඳහා අවශ්‍ය වන අයට ණය ලබාදීමේ අරමුණෙන් මෙම ණය යෝජනා ක්‍ර මය හදුන්වා දී ඇත.

මේ යටතේ එක් පවුලකට ලබාදෙන උපරිම ණය මුදල රුපියල් 200,000 ක් වන අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 7 කි. ගෙවිය යුතු පොලියෙන් සියයට 50 ක් රජය විසින් සහනාධාර ලෙස ගෙවන අතරල වර්තමාන වෙළෙඳපොල පොලී අනුපාතය අනුව ණය ලබාගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 6.75කි. මෙම පොලී සහනාධාර ගෙවීම සදහා රජය විසින් 2018 වසර සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,000 කි. ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා මෙම ණය ලබා ගත හැක

නව ඇසුරුම් ද්‍රව්‍ය සකස් කිරීමට “හරිත ණය” (Green Loan)

2018 වසරේ ජනවාරි මස 01 වන දින සිට පොලිතීන් තහනම ක්‍රියාත්මක වන බැවින් තහනම් කරන ලද පොලිතීන් වෙනුවට භාවිතා කළ හැකි දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා දේශීය ව්‍යාපාරිකයින් උනන්දු කරලීමේ අරමුණින් මෙම “හරිත ණය“ යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත. එමෙන්ම, සංචාරකයින්ට සේවා සපයන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට හා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නිවාස හිමියන්ට සංචාරක සත්කාරක නිවාස (Home Stay) ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාම සඳහා ඔවුන්ගේ නිවාස අදාළ ප්‍රමිතීන්ට අනුව සකස් කිරීම වෙනුවෙන් ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගත හැක.මෙම සංචාරක සත්කාරක නිවාස වැඩසටහන සඳහා තම නිවාස සකස් කිරීමේ දී හරිත සංකල්පය (Green Concept) අනුව අදාළ නිවාස අලුත්වැඩියා කිරීම හා ඉදිකිරීම කළ යුතු අතර විශේෂයෙන්ම එහිදී හරිත බලශක්ති භාවිතය සඳහා යොමු කිරීම අපේක්ෂා කෙරේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 5 ක උපරිමයකට යටත්ව ණය ලබාගත හැකි අතර ණය ආපසු ගෙවීමට ලබාදෙන උපරිම කාලය වසර 7 කි. ගෙවිය යුතු පොලී අනුපාතිකයෙන් සියයට 50 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් ණය ලබාගන්නා පාර්ශවයන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය 6.75 කි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණින් සංචාරක සත්කාරක නිවාස වැඩසටහන සඳහා ලබාදෙන ණය සඳහා පමණක් සියයට 6 ක විශේෂ පොලී අනුපාතයක් අය කෙරේ. මහජන බැංකුව, ලංකා බැංකුවල.ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ,හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුවල ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවලපෑන් ඒෂියා බැංකුව හා සෙලාන් බැංකුව හරහා මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරේ. මෙම ණය යෝජනා ක්‍රම යටතේ ලබා ගන්නා ණය සඳහා අදාළ පොලී සහන ගෙවීමට 2018 වසර සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 60 කි.

උපාධිධාරීන්ට ණය ලබා ගන්නට “ඇරඹුම”

නවක උපාධිධාරීන් ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා යොමු කරලීමේ අදහසින් මෙම ණය යෝජනා ක්‍රමය හදුන්වා දෙන ලදී.

ඒ අනුවල පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් සම්පූර්ණ කර ඇති වයස අවුරුදු 35 ට අඩු උපාධිධාරීන් සඳහා මෙමඟින් ණය ලබාගත හැක. මෙම ණය යෝජනා ක්‍රමය අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරනු ලැබේ.

නවක උපාධිධාරීන්ට බැංකු හරහා ණයක් ලබාගැනීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රදාන අභියෝගය වනුයේ බැංකුව විසින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයට ඇප සුරැකුම් සොයා ගැනීමයි. ඒම නිසා මෙම ක්ෂේත්‍රය යටෙත් උපාධිධාරීන් සඳහා ලබාදෙන ණය සඳහා රජයේ ඇප ආවරණයක් ලබා දෙන බැවින් මූල්‍ය ප්‍රවාහය මත පදනම්ව බැංකු විසින් ණය ලබා දිය යුතුය.

මේ යටතේ ඒක් උපාධිධාරියකුට ලබා ගත හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 1.5 කි. රජය විසින් සියයට 12 සම්ප්‍රදායික පොලී අනුපාතිකය අදාළ බැංකු වෙත ගෙවන අතර මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගන්නා ණය සඳහා පොලී සහනාධාර ගෙවීමට රජය විසින් රුපියල් මිලියන 25 ක් 2018 වසර සඳහා වෙන්කර ඇත.

මධ්‍යම ආදායම්ලාභීන්ට නිවාස හදන්නට ණය

මැදි ආදායම්ලාභීන් ඉලක්ක කරගත් නිවාස ව්‍යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බොරැල්ල, කොට්ටාව, වාද්දුව, හෝමාගම හා රාගම යන ප්‍රදේශවල ආරම්භ කර ඇති අතර මෙම නිවාස ව්‍යාපෘති තවදුරටත් රටේ අනෙකුත් නගර සඳහා ද පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම නිවාස ව්‍යාපෘති වලින් ප්‍රථමවරට නිවසක් මිලට ගන්නා තරුණ තරුණියන්ට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගත හැක. ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබන අතර ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 5 කි. ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර 25 ක උපරිම කාලසීමාවක් ලබා දී ඇති අතර පළමු වසර පහ සඳහා සියයට 7 ක විශේෂ සහනදායී පොලී අනුපාතයක් අය කෙරේ. පොලී සහන ලබාදීම සඳහා රජය විසින් 2018 වසර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 500 කි. මෙම ණය යෝජනා ක්‍රමය හරහා තරුණ තරුණියන් 10,000 ක් නිවාස හිමියන් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *