කාබනික පොහොරවල වකුගඩු රෝග කාරක කැඩ්මියම් ? – වහාම පරීක්ෂණයකට ඇමතිගෙන් නියෝග

මෙරට කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කරන කාබනික පොහොරවල කැඩ්මියම් ලෝහය බහුලව ඇති බවට පැමිණිලි ලැබීම නිසා ඒ ගැන වහාම පරීක්ෂණයක් කර වාර්තා කරන ලෙස ඇමති මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ නිලදරීන්ට නියෝග කොට ඇත .

රජරට වකුගඩු රෝගය පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිදානය කළ පරීක්ෂණ වලදී හෙළිවී  ඇත්තේ රෝගීන්ගේ වකුගඩුවල බර ලෝහ ප්‍රමාණයට වැඩ ඇති බවයි . එයින් ප්‍රධානම ලෝහය වන්නේ කැඩ්මියම් ය . කාබනික පොහොරවල කැඩ්මියම් ඇති බව තහවුරු වුවහොත් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම ගැනද ප්‍රශ්න මතුවිය හැකි බව කියති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *