|

වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වෙන්න වෛද්‍ය සංගමය ආර්ථික විද්‍යාඥයන් සොයයි – මෙතෙක් හමු වූ කසිවෙක් වැඩේට එකඟ නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දිනවල රටේ යම් කීර්තියක් දිනා සිටින ආර්ථික විද්‍යාඥයන් සොයා යමින් රජයේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වීමට සහය ඉල්ලා සිටින අතර මේ වනතෙක් කිසිවෙක් එකඟ කරවා ගැනීමට හැකි වී නැති බව දැනගන්නට ඇත. විවිධ ආයතනවල ඉහළ තනතුරු දරන හෝ විශ්වවිද්‍යාලවලින් හෝ විශ්‍රාම ලබා සිටින ආර්ථික විද්‍යාඥයන් ගණනාවක් හමු වී වෛද්‍ය සංගමය කරුණු දක්වා ඇති බව කියති. ආණ්ඩුව සම්බන්ධයෙන් යම් යම් විවේචනාත්මක අදහස් දරන උදවිය හමුවීමට ඔවුන් වැඩි අවධානයක් යොමුකොට ඇති බව කියති.

මෙලෙස ආර්ථික විශේෂඥයන් බොහෝ දෙනෙකු හමුවීමට වෛද්‍ය සංගමයේ නියෝජිතයන් ගොස් ඇති අතර වෛද්‍ය සංගමයේ ඇතැම් අදහස් පිළිගත්තද වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වීම සියලු දෙනාම පාහේ ප්‍රතික්ෂේප කොට ඇත.

වෛද්‍ය සංගමයේ නියෝජිතයන්ට සවන් දුන් බොහෝ ආර්ථික විද්‍යඥයන්ගේ අදහස වී ඇත්තේ වෙළඳ ගිවිසුම්වල ඇති සංකීර්ණ කරුණු තේරුම් ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි. ඔවුන්ගේ බොහෝ විවේචන ගිවිසුම් මතපිටින් බලා කරන ඒවා මිස එහි හරය තේරුම්ගෙන කරන ඒවා නොවන බව එම ආර්ථික විද්‍යාඥයෝ කියති.

සිංගප්පූර් වෙළඳ ගිවිසුමට මෙන්ම වෙනත් වෙළඳ ගිවිසුම් ගැනද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විවේචන කරුණු වරදවා වටහා ගැනීමෙන් කරන ප්‍රකාශ පමණක් බව මෙම ආර්ථික විද්‍යාථයන්ගේ අදහස වී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *