සර්කස් කුකුල්ලු

දිනය 2018 අගෝස්තු 16 බ්‍රහස්පතින්දාය. ගම්පහක් ඇතැයි කියන දුම්රිය ස්ථානයකි. බදුල්ල බලා යාමට කොළඹ කොටුවෙන් රාත්‍රි අටට පිටත්වන තැපැල් දුම්රිය ඉහතකී දුම්රිය ස්ථානයට පැමිණීමට ආසන්න වෙමින් තිබිණි. පිටකොටුවේ නාට්ටාමිවරු අල ලූනු ප්‍රවානය කිරීම සඳහා භාවිතා කරන කරත්ත වැනි, රෝද දෙක අසල රැඳවුම් බාරයක්, දිගු හැඬලයක් සහිත කරත්තයක් අරගෙන ආවේ දුම්රිය පෝටර්වරු දෙදෙනෙකි. වේදිකාවේ සිදුරු කරන ලද පෙට්ටි වගකයි. ඒවාහි සිටින්නේ දවසේ පැටවුන් ලෙස හඳුන්වන එක් දිනක් පමණක් වසය වූ කුකුළු පැටවුන් බව පැහැදිලිය.

මුලින් කී රෝද දෙකක් සහ දිගු හැඬලයක් සහිත කරත්තයට යමක් පටවා රැගෙන යාමේ දී හැඬලය කොටස කරත්තය තල්ලු කරන්නාගේ උසට කෙළින් වේ. ප්‍රතිඵලය කරත්තය එසවූ විට පෙට්ටි වල සිටින කුකුල් පැටවුන්, කරත්තයේ පහළ දෙසට පෙට්ටිතුළ තල්ලු වී යාමය. කුකුළු පැටවුන් ප්‍රවාහනයට ගැලපෙන්නේ රෝද හතරක් සහිත කරත්තයක් මිස රෝද දෙකේ කරත්තයක් නොවන බව කාට වුව නොවැටහෙන්නට හේතුවක් නැත ගම්පහක් ඇති දුම්රිය ස්ථානයේ එවැනි කරත්තයක් නොතිබෙන්නට ද හේතුවක් නැත. දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල ආරක්ෂාවත්, දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහණය කරන්නන් ගේ යහපතත් අපේක්ෂා කරන දුම්රිය සේවකයන් නම් කළ යුතුව තිබුණේ, පැටවුන් ප්‍රවාහනය කරන්නට රෝද හතරේ කරත්තයක් යොදා ගැනීමය.

දුම්රිය පැමිණීමට ආසන්නයේ මුලින් කී සේවකයන්ගේ (ඔවුන් දෙදෙනෙකි) සුපවයිසර්යයි සැක කළ හැකි කෙට්ටු උස තට්ටය ඇති මහතකු පැමිණියේය. පළමු සේවකයකු අත තිබුණු දුම්රිය බඩු බාරදීමට අදාළ රිසිට්ටුව උදුරාගෙන ඉනෙහි ගසා ගත්තේය.

ඒ වන විට කරත්තයට පටවා තිබුණේ කුකුළු පැටවුන් සහිත පෙට්ටි හතරක් හෝ පහකි. කරත්තයේ හැඩය අනුව වැඩි උසකට පෙට්ටි පැටවූ විට කුකුළු පැටවුන්ට සිදු වන හානිය වැඩි බව මුල් සේවකයින් දෙදෙනා වටහාගත් නිසා විය යුතුය.

සුපවයිර්වරයා (පොලිස් මන්) පැමිණි වහා පටවාතිබුණු පෙට්ටි කිහිපය කරත්තය මත එක උඩ තබා බිම තිබුණු ඉතිරි පෙට්ටිද කරත්තයට පැටවීය. ඉන් සමහර පෙට්ටියක් පටවනු ලැබුණේ යට අත උඩට හිටින ආකාරයටය. දැන් කුකුළු පැටවුන් කකුල් හතර අහසටය. අසල සිටි මගීන් වරද කොතෙකුත් පෙන්වාදුන්නද උද්දච්ච සුපවයිසර්වරයා වැරැද්ද නිවැරැදි කළේම නැත. දුම්රිය පැමිණියේ විනාඩි දහයකට පමණ පසුවය. එතෙක් කුකුළු පැටවුන් වේදනාවෙන් කෑගසනු අසාසිටිනු නොහැකිව ඇතැමුන් එතැනින් ඉවත්ව ගියහ. අදාළ ස්ථානයෙන් දුම්රියෙන් බාන විට එම පෙට්ටිවල සිටි කුකුළු පැටවුන්ගෙන් කී දෙනකු මියගොස් සිටියා ද, කකුල් බෙල්ල කැඩී සිටියාද දන්නේ නැත. එදින කුකුල් පැටවුන් දුම්රියෙන් ප්‍රවාහනයට බාරදුන් අයට යම් අලාභයක් වුයේ නම් ඒ සඳහා අලාබයක් වන්දියක් ලබාගන්නට වුවද හැකියාවක් ඇතත් සතුන්ට වූ සැබෑ හේතුව අදාළ පාර්ශව නොදන්නා බැවින් එවැන්නක් සිදු නොවනු ඇත.

පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නම් ඉහතකී පෝටර් එදින රාත්‍රී තැපැල් දුම්රියේ සේවය කළ ආරක්ෂක නිලධාරින්ගෙ මිතුරෙකි. ඔවුන් ඉහත කී පොලිස්මන් වරයාට අත වනා ගිය බැවිනි. ඉහත සිදුවීම ලියා තබන්නට සිතුවේ අද හෙටම දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදුවන බවට ප්‍රවෘත්ති පළවෙමින් ඇති බැවිනි. දුම්රිය ගාස්තු වැඩි කරන්නට හේතුව දුම්රියේ පාඩුව මකා ගැනීමටය. 2016 වසරේ දුම්රිය රුපියල් බිලියන 6.8ක් පාඩු ලැබූ බව කියැවේ. 2017 වසරේදී එම පාඩුව රුපියල් බිලියන 7.6දක්වා වැඩි වී තිබුණි. පාඩුව ඉහළ යන අතරම දුම්රියේ වියදමද වසරින් වසර ඉහළ යනු ලැබේ. 2016 වසරේ බිලියන 13.4ක් වූ මෙහෙයුම් වියදම 2017 වසරේ දී බිලියන 14.1 දක්වා ඉහළ නැගුණු අතර පසුගිය දා දුම්රිය සේවකයන් විසින් දියත් කරනු ලැබූ “හිටිවන වැඩවර්ජනය” නිසා දුම්රියට සිදු වූ පාඩුව රුපියල් කෝටි හත ඉක්මවූ බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

අප පුදුම විය යුත්තේ ඉහත ආකාරයේ සේවකයන් ඇති දෙපාර්තමේන්තුවක් පාඩු නොලබන්නේ නම් පමණි. එක්තරා දුම්රිය ස්ථානාධිපතිවරයකු වරෙක පැවසූවේ වෙල්ගම සමයේ දුම්රියට කාන්තාවන් රැසක් බඳවාගත් නමුත් ඔවුන්ට පවරන්නට රාජකාරියක් නොමැති බවයි. බඩු පැටවීම් බෑම් වැනි කටයුතුවල කාන්තාවන් යෙදවිය නොහැකි බැවිනි. එහෙත් එම කතුන් බඳවාගෙන ඇත්තේ එවැනි රාජකාරිවල යෙදවිය යුතු ශ්‍රෙණ් සඳහාය.

ගාස්තු නැංවීමට උනන්දු වන තරමට දුම්රිය දෙපාර්තමේන්තුව දූෂණය ආකාර්යක්ෂමතාව අඩු කරන්නට උනන්දුවන බවක් පෙනෙන්නට නැත. ආදායම් උපයන ක්‍රම හොයනවා වෙනුවට දුම්රිය බලධාරින් උනන්දු වන්නේ වියදම් කරන ක්‍රම සොයන්නට බව පෙනේ.

ඔබ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගොඩවන මගියෙක් නම් එහි මගී වේදිකාවල ඇති ආසන බලන්න. සුද්දගෙ කාලයේ තැනූ යකඩ පාද සහ ලී පටි ඇති බංකු තවමත් හොඳින් තිබේ. එහෙත් ඊට පසුව වේදිකාවේ තැබූ යකඩ හා ප්ලාස්ටික් පටු කොතෙක් නම් කැඩී විනාශ වී තිබේද? ඒ සියල්ලට වියදම් වූයේ මහජනතාවගේ මුදල්ය. පාඩු ලබමින් ජනතා බුදු මුදලින් නඩත්තු වන ආයතනයකට නොව ලාබ ලබන ආයතනයකට වුව එවැනි නාස්තිකාරි වියදම් සාධාරන නැත. එහෙත් ඒ කිසිවක් වෙනුවෙන් කිසිවකුට කිසිම දඬවමක් ලැබුණු බවක් ද පේන්නට නැත. පරීක්ෂණ ද නැත. යළිත් අලුතෙන් පුටු ගෙනෙනු ඇත.

එක්තරා දුම්රිය ස්ථානයක සේවකයකුගේ රාජකාරිය ළි‍ඳෙන් ටැංකියට වතුර ගැසීමයි. ඔහුට කරන්නට ඇත්තේ දවසට දෙවරක් වතුර පොම්පයේ සුවිචය දැමීම බව කියැවේ. තත්ත්වය එසේ නම් ටිකට්ටුවක මිල දුම්රිය මැදිරියක මිල දක්වා ඉහල දැමුවත් දුම්රිය සේවයට ගොඩයාමක් තිබිය හැකිද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *