කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් ගෝඨාභයගේ සම්බන්ධයක් හෙළිවේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හා ආරක්ෂක ඇමැතිවරයාට ඍජුවම බැන ලිපියක් පලකල පසු දින තමා පැහැරගෙන ගිය බව මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පවසයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු කළැයි කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ (20දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කීත් නොයාර් මහතාගෙන් ලබා ගත් ප්‍රකාශය ද සාරාංශයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී ඉහත කාරණය ප්‍රකාශ විය.

අධිකරණයට යොමු කල කට උත්තරයේ මෙසේද සඳහන් විය.

තමා එවකට එල්.ටී.ටී.ඊ. ලිපි හා ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් ලිපි ලිවූ බවත් අවසන් වරට තමා විසින් ලියන ලද්දේ කොළඹ ලෝටස් පාරේ සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳවත් එහිදී ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ඇමැතිවරයාට ඍජුවම බැන එම ලිපිය ලිවූ බවත් ඊට පසු දින තමා පැහැරගෙන ගිය බවත්ය.

එසේම පැහැරගෙන යන අතරතුර තමාට පහර දුන් බවත් පහර දෙන අතරතුර තමාගේ ලිපිවලට තොරතුරු ලැබෙන්නේ කෙසේද? රහස් මාර්ගවලින් තොරතුරු ලබා දෙන්නේ කවුද? බිරිය හා දරුවන් පිළිබඳව හා බැංකු ගිණුම් පිළිබඳව තොරතුරුද විමසමින් තමාට පහර දුන් බවද ඒ මහතා ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

තවද තමාගේ දෑස් බැඳ පැහැරගෙන බදුවත්ත නිවෙසට රැගෙන ගොස් තමා අඩ නිරුවත් කර තමාගේ ජංගම දුරකථන හා මංගල මුද්ද ඔවුන් විසින් ගත් බවත් පහර දෙන අතරතුරදී එම ස්ථානයේ සිටි අයකුට දුරකථන ඇමතුමක් ලැබුණු පසු එම අය ”හරි සර් හරි සර්” කියමින් කථා කළ බවත් ඉන් පසුව තමාට පහරදීම නවතා ගල්කිස්ස ප්‍රදේශයට ගෙන ගොස් දමා ගිය බවත් තමාට පහර දුන් බව කිසිවකුට හෝ නොපවසන ලෙසත් පැවසුව හොත් බිරිය හා දරුවන්ට ඉන්න දෙන්නේ නැති බවත් ඔවුන් තමාට පැවැසූ බවද කීත් නොයාර් මහතා සඳහන් කර ඇති බවද ඉන් පසුවද තමාගේ නිවෙස අවට සුදු වෑන් සැරිසැරූ බවත් පසුව තමා දරුවන් හා බිරිය සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචියට පැමිණි බවත් ඒ මහතා සඳහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

ILNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *