මහින්දට ජනාධිපතිවරණයට තරග කලහැකිදැයි අහන්න ඒකාබද්ධය උසාවි යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපති වරණය සදහා ඉදිරිපත් වීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම සදහා තම පාක්ෂිකයෙකු ලවා පෙත්සමක් ඉදිරිපත් කිරීමට මහින්ද පිල සූදානම් වන බව දැනගන්නට ඇත . දෙවරක් ජනාධිපති ධූරය දැරූ අයෙකුට තෙවන වතාවට එම තනතුර සදහා තරග කිරීමටනොහැකි බවට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වන සදහන වලංගු වන්නේ දෙවරක් තේරීපත්වී බලයේ සිටින ජනාධිපති වරයෙකුට පමණක් ය යන නීති තර්කයක් මතුවී තිබීම එයට හේතුවයි.බලයෙන් ඉවත්වූ අයෙකුට තෙවනවර තරග කිරීමේ තහනමක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ලබාගත හැකිද යන්න සොයා බැල්ම මෙම පෙත්සමේ අරමුණ බව කියති. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුල විශාල ගැටුම් හටගෙන තිබීමත්,යෝජිත කිසිවෙකුට ජනාධිපති වරණය ජයගත නොහැකිය යන තක්සේරු වත් නිසා මෙම උපායමාර්ග උරගා බලන්නට යන බව කියති. යම්හෙයකින් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කල හැකිවුවහොත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටද එම අවස්ථාව හිමිවනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *