සිංගප්පූරු ගිවිසුම විමර්ශනයට ජනාධිපති පත්කල කමිටුවේ සභාපති පාදෙනියගෙනුත් පත්වීමක් ලැබුවෙක්

සිංගප්පූරු ශ්‍රීලංකා වෙළෙඳ ගිවිසුම සමාලෝචනය කොට වාර්තා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කමිටුවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව් .ඩී ලක්ෂ්මන් මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා අතින් වෛද්‍ය ප්‍රතිපත්ති සාදන කොමිසමක සභාපති ලෙස පත්වීම් ලැබූවෙකු වෙයි. පසුගිය වසරේ මාර්තු 22දා මහාචාර්ය ලක්ෂ්මන් මහතා එම පත්වීම ලබා ඇත්තේ ජාත්‍යන්තර වෙලදාම හා ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සදහා වෘත්තිය වේදීන්ගේ ජාතික පෙරමුණ විසින් පත්කරනු ලැබූ මහජන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙනි .වෘත්තීය වේදීන්ගේ ජාතික පෙරමුණ යනු වෙලද ගිවිසුම් වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව කටයුතු කරන සංවිධාන එකතුවකි.

මහාචාර්ය ඩබ්ලිව් .ඩී ලක්ෂ්මන් මහතා සභාපතීත්වය දැරූ එම මහජන කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු ,විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර , පී.ඩී ප්‍රනාන්දු ,ආර්.පි.එල් වීරසිංහ ,ලක්ෂ්මන් පෙරේරා හා ආචාර්ය බන්දුල පෙරේරා යන අයයි.එහි ලේකම් ලෙස කේ.ඒ තිලකරත්න මහතා කටයුතු කලේය .

මෙම කොමිසමේ කාර්යය වූයේ ජාතික වෙලද ප්‍රතිපත්තියක් සකසා ප්‍රකාශයට පත්කිරීම වුවද මෙතෙක් එවැන්නක් ප්‍රකාශයට පත්වූයේ නැත.කොලඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව සිට 2017 දී විශ්‍රාම ගිය මහාචාර්ය ඩබ්ලිව් .ඩී ලක්ෂ්මන් මහතා 2009දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස පත් කරනු ලැබීය .2010දී ඒ මහතා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

විවმත ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධ අදහස් දැරූවෙකු ලෙස ප්‍රකට මහාචාර්ය ලක්ෂ්මන් මහතා නවසිය අනූගණන්වලදී අලුතින් සංවර්ධනය වූ ආසියානු රටවල් ලෙස හදුන්වනු ලැබූ සිංගප්පූරුව ,තායිවානය ,ජපානය ,කොරියාව ,හොංකොං ආදී රටවල් ගැන කල අධ්‍යනයකින් ප්‍රකාශ කලේ එම රටවල් සුවිශේෂ තත්ත්වයක් යටතේ එම සංවර්ධනය ලබාගෙන ඇතිබව හා එම ක්‍රමය සෙසු රටවලට සාර්ථක නොවනු ඇතිබවයි.එසේ වුවද චීනය ,වියට්නාමය ,මැලේසියාව ,තායිලන්තය ,ඉන්දුනීසියාව,බ්‍රසීලය ,චිලිය වැනි තවත් බොහෝ රටවල් පසුකලෙක එබදුම සංවර්ධනයක් ලබා ගත්තේය .මෙවැනි විග්‍රහයක් නිසා මහාචාර්ය ලක්ෂ්මන් මහතාගේ ආර්ථික විග්‍රහය ගැන එතරම් පිලිගැනීමක් නැති බව එම ක්ෂේත්‍රයේ තතු දත් උදවිය කියති. එසේ වුවද විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙස හා පරිපාලකයකු ලෙස ඒ මහතා කීර්තිමත් කාර්යභාරයක් ඉටු කල බව කියති.

ආණ්ඩුව ඉදිරිපත් කල ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය හදා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන වල උදවිය බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපහාසාත්මකව කියතත් ඔවුන් විසින් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සෑදීමේ කොමිසමේ සභාපති ලෙස පත්කරනුලැබු මහාචාර්ය ඩබ්ලිව් .ඩී ලක්ෂ්මන් මහතා සමාජ විද්‍යාගයන්ගේ සංගමයට නම් රාජ්‍ය නොවන සංවිධානයේ දිගුකලක් සාමාජිකත්වය දැරූවෙකු වන අතර කලක් එහි සභාපතිවරයා ලෙසද කටයුතු කොට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *