කියපු දේ කරයිද කියා විමසා බැලීම අපේ වගකීමක් – ඉනෝකා සත්‍යංගනී

inoka_01ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් වියුක්ත වෙලා වඳ වෙච්ච සමාජයක ජීවත්වෙච්ච මිනිස්සු හැටියට, 2015 ජනවාරි 8 වෙනිදා ප‍්‍රථම වතාවට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බීජය අපිට ඇ`ගට දැනෙන විදිහට පිළිසිඳගත්තා. ඒ බීජය පිළිසිඳගත්තායින් පස්සෙ, නව නායකයෙක් රටට පත්කරල, ජනතාව පෙරමුණ අරගෙන, පුරවැසියන්ගෙ බලයත් එක්ක ඒ ගොඩනගා ගත්ත. මේ දරුවා බිහිකිරීම සඳහා පසුගිය අගෝස්තු 17 වෙනිදා අපි හැමෝම නැවත ඒකරාශි වෙලා හිටිය. ඒ දරුවා බිහිකිරීමේ වගකීම වෙනුවෙන් අපි නැවතත් කැපවුණා. ස්වාභාවික උපතක් විදිහට ඒ දරුවා බිහි නූනට, ඒ දරුවා නිරෝගීව බිහිවෙලා ඉන්නව. දරුවෙක් ලොවට ජාතක වුණාට සුජාතභාවය ලැබෙන්නෙ නැහැ දරුවගෙ උප්පැන්න සහතිකය ලියාපදිංචි කරල ඒ දරුවා මේ රටේ පුරවැසියෙක් හැටියට පිළිගන්නතුරු. ඒ තීරණාත්මක දිනය හෙට එළඹෙන්න තිබියදි අපිට විමසිලිමත් වෙන්න ගොඩක් කාරණා හා ප‍්‍රශ්න තියෙනව.

යම්කිසි දේශපාලන පක්‍ෂ දෙකක්, කලින් ආණ්ඩු කරපු කණ්ඩායම් දෙකක් එකට එකතුවෙලා තියෙනව. අපි පවා එක`ගතාවයන්ට එක් නොවූ, යම් යම් කාරණා අතමිට මොලවගත්ත දේශපාලන කණ්ඩායම් දෙකක් එකට එකතුවෙලා, මේ ඇතිකර ගත්තා වූ දීගය තුළින් උප්පැන්න සහතිකය ලියාපදිංචි කරන්න යද්දි විශාල ගැටළු රාශියක් තියෙනව මේ දරුව මෙතනින් එහාට දරුවෙක් විදිහට කොයි ආකාරයට ගොඩනැගෙයිද, වැඩෙයිද කියල. මේ අත්කරගත්ත කිසිදු වෑයමක ප‍්‍රතිඵලයක් අත්වෙන්නෙ නැහැ අදින් පස්සෙ ඒ අය ගෙනියන  වැඩ පිළිවෙල සාධනීය හා වැඩදායි එකක් නූනොත්.

මේ මොහොත වෙනවිට ඒ අධිකාරීන් දෙක කිසියම් බල අරගලයක නිරතවෙලා ඉන්නවා. ඒ ගොල්ලන් තුළින් මේ හෙට දවසේ බිහිවෙන කාරණා කටයුතු මේ රටේ පුරවැසියන් හැටියට කොයිතරම් වැදගත්ද? ඒවා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙයිද? කියන එක පුරවැසියන් හැටියට, මාධ්‍යවේදීන් හැටියට ප‍්‍රශ්න කරන්න අයිතියක් තියෙනව.

අපි හැමෝටම වගකීමක් තියෙනව. තුනෙන් දෙකක බලයක් වෙනුවෙන් මේ තරම් පෙරළියක් කරන්නෙ වෙන කිසිම කාරණයක් නිසා නෙමෙයි, මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ හා රජය ඉදිරියේදී කරන්න තියෙන වැඩපිළිවෙලවල් සම්බන්ධව ක‍්‍රියාත්මක කරන්න නැවත පාර්ලිමේන්තු බලය දිනාගැනීමට. ඒ බලය දිනාගන්න මේ අය වෑයම් කරනවා නම් මේ අය එතනින් එහාට කළයුතු වැඩකොටස් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම කටයුතු කරනවාද? මේ වැඩපිළිවෙලවල් මොනවාද කියන කාරණාව අපිට වැදගත්.

අපි පහුගිය කාලයපුරා දිගටම කතා කළා කොමිසන් සභා ඇතිකිරීම සම්බන්ධයෙන්, ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන්, විගණන පනත සම්බන්ධයෙන්. එවැනි කාරණා කොච්චර කාලයක් තුළදි සිද්ධවෙයිද? මාස හයක් තුළදි සිද්ධ වෙයිද? නැත්නම් අවුරුද්දක් තුළදි සිද්ධ වෙයිද? එහෙමත් නැත්නම් මේ රාජ්‍ය බලය හිමි අවුරුදු දෙකක කාලය තුළ මේක සිද්ධ නොවෙයිද? කියන එක අතිශයින්ම වැදගත්.

තොරතුරු දැනගෑනීමේ පනත වගේ දෙයක් රජයේ සියලූම කාරණා කටයුතු සිද්ධ කරද්දි ඉතා වැදගත් වෙනවා ඒ කාරක ස්වභාවය. ඒ කාරක ස්වභාවයෙන් තොරව මේ රටේ සිද්ධවෙන කාරණා සම්බන්ධව කවුරු බලයට පත්වුණත් අපිට ගැටලූවක් තියෙනව. බලයට එන්න පෙර කියන කාරණාවලට වඩා බලය අත්පත් කරගත්තාම කරන කාරණා පිළිබඳව බලවත් කුකුසක් ඉතිහාසය පුරාම අපිට ජනිත කරල තියෙනව.

සංවිධානයක් විධිහට අප තුළ යම් පෙළගැස්මක් තියෙනව, යම් කිසි මොනිටරින් සිස්ටම් එකක් ඇති කරන්න. යම් කණ්ඩායම් මට්ටමින් සියලූම ආයතන, රටේ තියෙන විවිධ ව්‍යුහයන් ක‍්‍රියාකාරීවන අන්දම නිරීක්‍ෂණය කරන්න. ඒ වගේම ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කරන්න. වැනි කාරණා කටයුතුවලින් අවශ්‍ය මැදිහත්වීම කරන්න අපි සියලූම දෙනාට වගකීමක් තියෙනව වගේම ඒ වගකීම අපිට අතමිට මොළවගන්න පුළුවන් වෙන්නෙ මාධ්‍යවේදීන් හැටියට ඔබ සියලූ දෙනාම මේ අපි කියන කාරණා සමාජ ගත කළොත් පමණයි. ඒ කාරණාවල තියෙන වැදගත්කම ජනතාවට වටින්නෙ කොහොමද? ඒවා ජනතාවත් එක්ක කරන අන්තර්ගනුදෙනුව මොකක්ද කියන එක සම්බන්ධව මාධ්‍යවේදීන් හරහා තමයි සමාජ ගතවීම සිද්ධ වෙන්නෙ. ඒ වගකීම ජනතාව වෙනුවෙන් කළ යුතුයි. එහෙම නැත්නම් කණ්ඩායමක් හැටියට, ප්‍රෙෂර් ගෘප් එකක් හැටියට, සිවිල් සංවිධාන හැටියට මේ කාරණෙ ඉතා ප‍්‍රබල මට්ටමින් කරන්න බෑ. අපිට වඩා කොයි ආණ්ඩුව පත්වුණත් රාජ්‍ය බලය ඉතාමත් ප‍්‍රබලයි. අපිට මාධ්‍ය සාකච්ඡුා තියල මේ විදිහට හඬ නැගීම් පමණක් කරන්න වෙයිද? මේ ව්‍යුහය ඇතුළෙ අපිට ඊට වඩා සාධනීය කටයුත්තක් කරන්න ලැබෙයිද කියන එක තීරණය වෙන්නෙ මේ කරන්නා වූ අන්තර් ගනුදෙනුව තුළ.

මේ කටයුතු කොතෙක් දුරට සාධනීය මට්ටමින් ඉදිරියට යනවාද කියන එක, ඔබ අපි සියලූ දෙනාම එකට එකතු වෙලා ඒ වෙනුවෙන් කරන බලපෑම, ඒ වෙනුවෙන් කරන සහයෝගය මතයි පවතින්නෙ. ඒ සියල්ල වෙනුවෙන් අපි පෙළ ගැසීමට මාධ්‍ය සහයෝගය අපිට අතිශයින්ම වැදගත්.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *