ඥාණසාර හිමියෝ බඩ කපා ගනිති !!!

සය වසරක සිර දඩුවමක් නියම වී බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව පරතිකාර ලබන ඥාණසාර හිමියන් ලබන 13 වන දා  සදුදා යටි බඩෙහි  ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත බව රෝහල් ආරංචිමාර්ග සදයන් කරයි.

උන්වහන්සේගේ වම් වකුගඩුවේ සෙ.මි. 3 2/1 (තුන හාමාරක) පමණ ගලක් ඇති බවත්, එය අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එය ඉවත් කළ හැක්කේ ශල්‍ය කර්මයකින් බවත් ජයවර්ධන පුර රෝහලේ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව උන්වහන්සේ තවදුරටත් බන්ධනාගාර නිලධාරින් යටතේ රෝහලේ රැදී සිටීමින් 13 වන සදුදා ශල්‍යකර්මයකට භාජනය වීමටනියමිතය. ශල්‍යකර්මයෙන් පසුව ටික දිනක් උන්වහන්සේට රෝහලේ රැදී සිටීමට සිදුවනු ඇත .

සිර දඩුවම් නියම වීමට පෙර උන්වහන්සේ ජයවර්ධන පුර රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුලත් වී සිටියහ .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *