|

පුනර්ජනනීය විදුලියට කුඩම්මාගේ සැලකිලි එපා – ගාමිණී සමරකෝන්

ලාංකික විදුලි නිෂ්පාදනය ගැන සැලකීමේ දී ජල විදුලිය ප්‍රධාන, පුනර්ජනනීය බලශක්තියට ප්‍රධාන තැනක් හිමිවේ. ලක්ෂපාන බලාගාරය (මෙ.වො.25) ඉදිකිරීම් හරහා ඇරඹි රජයේ ජල විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය මේ වන විට මෙ.වො. 1384ක් දක්වා වර්ධනය වී ඇත.

ජල විදුලි බල උත්පාදන සඳහා මහඟු දායකත්වයක් සපයන මහවැලි ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන් පසු වුවද, 1990 මැද භාගය වන විට අවශ්‍ය ඉල්ලුමට පැවති ධාරිතාවයෙන් සැපයිය නොහැකි වූ බැවින්, ඒ සඳහා තාප බලාගාර පිහිටුවීමට රජයට සිදුවිය.

තාප බලාගාර ක්‍රියාත්මක කිරීමේ දී ද්‍රව ඉන්දන භාවිතා කළ ද එම ද්‍රව්‍ය දහනය මගින් බල ශක්තිය නිප‍දවෙන බැවින් කාබන්ඩයොක්සයිඩ් පිටකිරීම අනිවාර්ය වේ. ඒ සමඟ තවත් විෂ වායු සහ ගල් අඟුරු දහනයේ දි අමතර වශයෙන් අළු ද ඊයම්, ආසනික්, කැඩ්මියම් සහ නොදැවුණු කාබන් අංශු ද වායු ගෝලයට මුදා හැරේ. මෙහි දී පිට කරන කාබන් ඩයොක්සයිඩ් (co2) වායුව හරිතාගාර වායුවකි. විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මෙම වායුව මගින් සූර්ය තාපය වැඩියෙන් අවශෝෂණය කරන බැවින් වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට එය බලපායි.

පරිසර උෂ්ණත්වය ඉහළ යෑම හෝ මිහිතලය උණුසුම් වීම යනු ගෝලීය ප්‍රශ්නයක් බැවින් ඒ පිළිබඳව ලෝක අවධානය යොමුව ඇත. මෑතක දී අත්සන් කළ පැරිස් සම්මුතිය අනුව ඉදිරියේ දී ඉදි කිරීමට යෝජිත ගල් අඟුරු බලාගාර වල ධාරිතාවය සීමා කිරීම ඇතුළු උපක්‍රම හරහා ඉදිරි සියවස තුළ ගෝලීය උෂ්ණතවය වැඩීවීම සෙන්ටිග්‍රේට් 1.50c කට පහළ අගයකින් තබා ගැනිමට එකඟ වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට ‍යෝජිත ව තිබූ ගල් අඟුරු බලාගාරය ජනාධිපතිතුමාගේ උපදෙස් මත අවලංගු කෙරිණි. එහෙත් ඒ සඳහා පරිසර හිතකාමි අනුප්‍රාප්තික බලාගාරයක් නොමැති නිසා පරිසර හානිය ඊට වඩා අඩු ඩීසල් හෝ ස්වභාවික වායු බලාගාර පිහිටු වීමට නියමිතය.

පහත වගුවෙන් දැක්වෙන්නේ විදුලි නිෂ්පාදනයේ දී එක් එක් ඉන්දන වලින් නිකුත් වන co2 ප්‍රමාණයයි.

 

ඉන්දන                        නිෂ්පාදිත විදුලිය                       නිෂ්පාදිත ප්‍රමාණය

කි. වොට් පැය                                       කි.ග්‍රෑ

දර                                1                                              0.39

ගල් අඟුරු                     1                                              0.34

ඩීසල්                           1                                              0.27

භූමි තෙල්                     1                                              0.26

ස්වාභාවික වායු                        1                                              0.2

ඒ අනුව කි.වො. පැය 1ක් නිපදවීමේ දී එක් එක් ඉන්දන මගින් මුදාහැරෙන co2 ප්‍රමාණය සන්සන්ධනය කළ හැකිය.

මෙම අනුපාත වලට අනුව 2015 වර්ෂයේ දී මෙරට විදුලි නිෂ්පාදනය සඳහා වායුගෝලයට මුදාහල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පහත වගුවේ දක්වා ඇත.

ඉන්දන                                  නිෂ්පාදනය කළ                                    මුදාහල co2 ප්‍රමාණය

ගිගා වොට් පැය                                          කි.ග්‍රෑ

ගල් අඟුරු                                     4443                                    1,510,620,000

ද්‍රව ඉන්දන                                   2275                                     614,250,000

2015 වසරේ විදුලි නිෂ්පාදනය නිසා   වායු ගෝලයට මුදාහල                                                                     මුලු co2 ප්‍රමාණය                                                                                    2,124,870,000

පුනර්ජනනීය විදුලිය නිසා වායුගෝලයට මුදා හැරීම නැවැත් වූ co2 ප්‍රමාණය කි.ග්‍රෑ.

ප්‍රධාන ජල විදුලි මගින්                                      1,324,080,000

කුඩා ජලවිදුලිය මගින්                                          287,550,000

සුලං බලාගාර මගින්                                              97,610,000

2015 වසර තුළ මුදාහැරීම වළක්වන

මුලු co2 ප්‍රමාණය කි.ග්‍රෑ.                                                             1.709.240.000

පෝසිල ඉන්දන දහනයේ දී මුදාහැරෙන වායුවල ප්‍රධාන සංඝටකය co2 වේ. ස්වාභාවික පරිසරය තුළ co2  ප්‍රමාණය තුලනය කරනු ලබන්නේ ප්‍රභාසංලේෂණය නම් වූ සංසිද්ධිය තුලිනි. ප්‍රභාසංලේෂණය යනු හිරු එළිය ආශ්‍රයෙන් ශාක පත්‍ර විසින් පරිසරයේ ඇති co2 උරාගෙන එය බිඳීම හරහා ආහාර නිෂ්පාදනය කිරීමයි. ඒ මඟින් ග‍සේ වැඩීමත් ඵල දැරීමත් සිදුවේ. මෙය ලෝක ආහාර නිෂ්පාදනයේ මුල් පුරුක හෙවත් පදනමයි.

පිළිගත් ගණනය කිරීම් වලට අනුව ඝර්මකලාපීය ශාකයක් co2 අවශෝෂණය අවුරුද්දකට කි.ග්‍රෑ. 22.5 පමණ වන බව දැක්වේ. මෙම අවශෝෂණ හැකියාව ගස වැඩෙන කාලයට සීමාවන අතර ඉන්පසු අඩු අගයක් පෙන්වයි. සාමාන්‍ය ගසක පැවැත්ම සඳහා වර්ග අඩි 30ක පමණ ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය යයි සැලකුවහොත් අක්කරයක භූමි ප්‍රමාණයකට ගස් 650ක් පමණ පැවතිය හැකිය. ඒ අනුව අක්කරයට කැලෑ ප්‍රදේශයකින් 22.5 x 650  කි.ගැ. 14,625ක් පමණ අවශෝෂණය කළ හැකිය.

ඉහත ගණනයට අනුව මෙරට අවුරුද්දක තාප විදුලි නිෂ්පාදනය නිසා මුදාහරින co2 ප්‍රමාණය අවශෝෂණය කිරීමට අක්කර 145,290ක ප්‍රමාණයෙන් යුත් වැඩෙන ගස් සහිත කැලයක් අවශ්‍ය වේ. (මෙය සිංහරාජ වනය මෙන් 6.5ගුණයකි)

විදුලි නිෂ්පාද‍නයේ දී සිදුවන පරිසර දූෂණය වැලැක්වීමට ඇති එක් ක්‍රියාමාර්ගයක් වනුයේ ෆොසිල ඉන්ධන දහනය අඩු කිරීමයි. ඒ සඳහා පුනර්ජනනීය විදුලි ජනන සඳහා පහසුකම් සැලසීම මගින් ආයෝජන ආකර්ෂණය කරගත යුතුය. මේ සඳහා සුළං බලය සූර්ය ශක්තිය සහ ජල විදුලි විභවයන් භාවිතයට ගත යුතුය. මේ හරහා ඇති කර ගත හැකි අනිකුත් වාසි නම්,

  1. ඉන්දන සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි වීම.
  2. ආනයනික ඉන්දන මත යැපීම අවම කිරීම මගින් බලශක්ති සුරක්ෂිත තාවය වැඩි කිරීම.

2015 වසර සඳහා පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය හරහා ඉතිරි කරගත් විදේශ විනිමය ප්‍රමාණය රු. කෝටි 16,000ක් (ඩොලර් බිලියන 1ක්) පමණ වේ.

පුනර් ජනනීය බලශක්ති නිෂ්පාදනයේ දී ඇතිවන පාරිසරික ගැටලු ගැන සොයා බැලීමෙදී එවැනි යම් පරිසර හානියන්ද සිදු වන බව පැහැදිලිය. විශේෂයෙන් ඒවායින්බලාගාර ඉදිකිරීමේ දී

  1. ගස් ඉවත් කිරීම, ගල් කැඩීම, පස් කැපීම වැනි ක්‍රියාකාරකම් සිදු කෙරේ.
  2. ඒ සඳහා යම් භූමි ප්‍රමාණයක් වෙන් කළ යුතු වේ.
  3. ජල විදුලි ව්‍යපෘතියක් නම් ජල වේල්ලෙන් පහළ කොටසේ ජල ප්‍රමාණය අඩු වේ.

ගස් ඉවත් කිරීම ගල් කැඩීම සහ පස් කැපීම වැනි ක්‍රියාකාරකම් ඕනෑම ඉදි කිරීමක් සිදු කිරීමේ දී වළක්වාලිය නොහැකිය. එහෙත් මේ බොහෝ හානි ඉදිකිරීමෙන් ටික කාලයකට පසුව යථා තත්ත්වයට පත් වේ.

ඒ සඳහා යම් භූමි ප්‍රමාණයක් වැය වීම නොවැළැක්විය හැකිය.

ජල විදුලි ව්‍යාපෘතිවල වේල්ලෙන් පහළ කොටසේ ජලය අඩු වීමද වැලැකිවිය නොහැකි නමුත්, සැලසුම් ගත හැරවීම් ප්‍රමාණයෙන් 10%ක් ගලා යෑමට සැලැස්වීම අනිවාර්ය කර ඇත. මෙම ගලා යාමට ඉඩ දෙන ප්‍රමාණය නිසි ආකාරයෙන් සිදු නොකරන බවට චෝදනා ඇති බැවින් නිලධාරින් මෙය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතුය.

එසේ නියාමනයක් සහිතව පුනර්ජනනීය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම හරහා පරිසරයට මෙන්ම දේශීය ආර්ථිකයට ද ඇතිවන ප්‍රතිලාභ ප්‍රසස්තය. ඒ පිළිබඳ ප්‍රමාණාත්මක සංසන්ධනයක් පහත සඳහන් වගුවේ අඩංගුය.

ප්‍රභවය                  මෙ.වෝ. 1 ක ධාරිතාවක්                        ප්‍රතිලාභ                             ප්‍රතිලාභ                 ස්ථාපනය සඳහා ඉඩ              co2 අවශෝෂණයට                          විස්ථාරිත සාමාන්‍ය      අක්කර                          සමාන ගස් ප්‍රමාණය              කැලෑ ප්‍රමාණය අක්කර

සුළං බලය                 1                                           31,500                               48

සූර්ය කෝෂ විදුලිය  3.5                                          23,000                               35

කුඩා ජල විදුලිය         2                                           40,000                               61

ඉහත අනුව මෙ.වො.1ක සුලං බලාගාරයක් ඉදිකිරීමට ගස් 32,500 කින් සමන්විත කැලෑ අක්කර 48 කින් ඇති කරන අවශෝෂණයට සමාන ත්‍රියාවකි. තවද මෙම ප්‍රතිඵලය සූර්ය බල ශක්තිය මෙ.වො.1ක් සඳහා ගස් 23,000 කින් සමන්විත අක්කර 35 ක කැලෑ ප්‍ර‍දේශයකට ද කුඩා ජල විදුලි මෙ.වො.1ක් සඳහා ගස් 40,000ක් සහිත අක්කර 61 කට ද සමානය.

එබැවින් පුනර්ජනනීය බල ශක්ති නිෂ්පාදනයේ ඇති අඩුපාඩු තාක්ෂණ භාවිතය කොට මගහැරවීම හරහා එම නිෂ්පාදන කටයුතු වැඩිදියුණු වීමට ඉඩ සහ පහසුකම් මැලැස්වීම මඟින් එයින් අත්වන ප්‍රතිලාභ මුලු ප්‍රජාව වෙත ගලා ඒමට සැලැස්වීම රජය සතු වගකීමකි.

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *