ජ.වි.පෙ. පා.ම. සරච්චන්ද්‍ර මායාදුන්නේ මහතා ඉල්ලා අස්වේ – ඒ වෙනුවට ලාල් කාන්ත?

17-02ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී දෙකෙන් එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයක් හිමි වූ හිටපු විගණනාධිපතිවරයකු වූ සරච්චන්ද්‍ර මායාදුන්නේ මහතා අද දින (03.09.2015* පෙරවරුවේ පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේදී සිය මංගල කතාව පවත්වා සිය මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

මේ තමාගේ ප‍්‍රථම හා අවසන් පාර්ලිමේන්තු කතාව බව ප‍්‍රකාශ කළ සරච්චන්ද්‍ර මායාදුනනේ මහතා තමා ඉල්ලා අස්වෙන බවත්, තමා ඉල්ලා අස්වුවත් තමාගේ සමාජ ක‍්‍රියාකාරකම් හා මත දැක්වීම් ඉදිරියටත් කරගෙන යන බවට ප‍්‍රකාශයට පත් කළේය.

මායාදුන්න මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අසුනට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා පත්වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ලාල් කාන්ත මහතා පසුගියදා පළාත් සභා මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
මීට පෙර ජ.වි.පෙ.ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී දෙකෙන් එක් මන්ත‍්‍රී ධූරයක් සඳහා දකුණු පළාතෙන් මහ මැතිවරණයට තර`ග කර පරාජයට පත් වූ සුනිල් හඳුන්නෙත්ති මහතාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පත්කරන ලදී.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *