ඒකාබද්ධයේ තවත් මාධ්‍ය ජවනිකාවක් එළියට – විපක්ෂ නායකත්වය ඉල්ලූ ලිපියට අස්සන් අටයි

විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙනලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී ඇති ලිපියට අස්සන් කැර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනකු පමණක් බව වාර්තා වේ. එකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ,  ඩබ්ලිව් ඩී. ජේ. සෙනවිරත්න, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, හා සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් ඊට අස්සන් තබා ඇත. එම ලිපියට ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 69දෙනකු අත්සන් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද අත්සන් කර ඇත්තේ මන්ත්‍රීවරු අට දෙනකු පමණි. විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපිය කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී තිබේ.

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන ලෙස ඉල්ලමින් දිනේෂ් ගුණවර්ධන මහතා ලබා දී ඇති ලිපියට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කර ඇතත් එම නම් ඉදිරියෙන් අත්සන් කර නොමැති බවද වාර්තා වේ.

විපක්ෂ නායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධා‍නයට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කළ විමසීමේ දී පාර්ලිමේන්තු ප්‍රධානියකු සඳහන් ක‍ළේ එවැනි ඉල්ලීමක් කළ යුත්තේ එම පක්ෂයේ නායකයා හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විසින් බවයි.

ඒකාබද්ධ විපක්ෂය යනු පාර්ලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවත් පාර්ලිමේන්තුව පිළිගෙන ඇත්තේ දේශපාලන පක්ෂ හයක් පමණක් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කිසියම් පක්ෂයකින් තේරීපත් වූ මන්ත්‍රීවරු පිරිසක්, කණ්ඩායම් කිහිපයක් හෝ තනි කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන් මනාප මන්ත්‍රීවරයකුට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා සිටින විටක එම මන්ත්‍රීවරුන් තේරීපත් වූ පක්ෂයේ නිල මතය කවරක්ද? යන්න විමසීම කථානායකවරයාගේ වගකීම වේ. ඒ අනුව එම ලිපියේ අත්සන් තබා ඇති සියල්ලන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන බැවින් අදාළ ඉල්ලීම පිළිබඳව එම පක්ෂයේ නිල මතය දැනගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමතන ලද ලිපියක් 2018-08-02 දින එතුමන් වෙත යොමු කර ඇත.

ස්වර්ණා විජේකෝන්

රෝෂන් තුෂාර

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *