විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩුව 24 දා

දූෂණ වංචා පිළිබඳ නඩු කඩිනමින් විභාග කිරීමට පත්කළ බස්නාහිර පළාත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ප්‍රථම නඩුව සඳහා විත්තිකරුවන් සිවුදෙනකුට අගෝස්තු 24 දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කැර තිබේ. විත්තිකරුවන්ට නොතීසි භාරදීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට විශේෂ මහාධිකරණය විසින් පවරා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුවින්න, ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට නොතීනි නිකුත් කැර තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ඉකුත්දා බස්නාහිර පළාත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙළේය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙන් කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමට එවූ මුදලින් රුපියල් මිලියන පන්සීයක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමට ලබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබේ.

මෙම නඩුවට අදාළව ලේඛන අනූදෙකක් සමඟ සාක්ෂිකරුවන් හැටතුන් දෙනකු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) අදාළ විමර්ශල කටයුතු සිදුකැර තිබේ.

කමනි අල්විස්

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *