විපක්‍ෂනායක ආර්. සම්බන්ධන්

isවිපක්‍ෂනායක ධූරයට ඉලංගෙයි තමිල් අර්සු කච්චි දේශපාලන පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ආර්. සම්බන්ධන් මහතාව පත් කෙරුණ බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී.
දෙවෙනි ස්ථානයට වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්‍ෂය වන එක්සත් නිදහස් සන්ධානය විපක්‍ෂ නායක තනතුර සඳහා නමක් යෝජනා නොකළ අතර ඊළ`ගට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් ඉලංගෙයි තමිල් අර්සු කච්චිය ඉදිරිපත් කළ නාම යෝජනාව අනුව එම පක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් හිමිකර ගත් ආර්. සම්බන්ධන් මහතාට ශ‍්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක  ධූරය හිමිවන බව කතානායකවරයා ප‍්‍රකාශ කළේය.
යාපනය ශාන්ත ප‍්‍රැන්සිස්, කුරුණෑගල ශාන්ත ආනා හා ත‍්‍රිකුණාමලයේ විද්‍යාලයක හා මොරටුව ශාන්ත තෝමස් යන විද්‍යාලයන්හි ආර්. සම්බන්ධන් මහතා අධ්‍යාපනය ලැබීය.
නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ සම්බන්ධන් මහතා  නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දෙනලදී. එස්.ජේ.වී. චෙල්ලනායගම් මහතාගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා පරිනත දේශපාලඥයෙකි.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *