අල්ලස හා දුෂණය. – එම් ඕ ඒ ද සොයිසා

 මේ දිනවල සමාජයේ බෙහෙවින්ම සාකච්ඡාවට හා වාද විවාදයනයට පාත්‍ර වී තිබෙන ඉතාම වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. හේතුව අල්ලස සහ දුෂණය. මේ වනවිට මුලූමහත් සමාජය පුරා පැතිර යමින් තිබෙන අතිශය භයානක පිළිකාවක තත්ත්වයට පත්ව තිබීමය. අල්ලස හා දුෂණයෙන්. සමාජය මුදා ගැනීම සඳහා රාජ්‍ය බලය හසුරුවන පාලකයින්, ආගමික නායකයින් සහ වෙනත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් කොපමණ උත්සාහයක් දැරුවද දැකිය හැකි තත්ත්වය වන්නේ ඒ සෑම උත්සහයක්ම යටපත් කරමින් අල්ලස හා දුෂණය. වේගයෙන් සමාජය පුරා පැතිර යමින් පවතින තත්ත්වයක්ය. හේතුව රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේද සෑම රැකියාවක් හා වෘත්තීයක් ආශ්‍රිතවම අල්ලස හා දුෂණය. ලේ පිළිකාවක් මෙන් පැතිර යාමට පටන් ගෙන තිබීමය. අල්ලස හා දුෂණය. හේතුවෙන් මේ රට මේ මොහොතේ ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදයේ මට්ටම සහ එහි ත්‍රිව්‍රතාවය දෙස බලන විට පෙනී යන්නේ එය මර්දනය කිරීම සඳහා රජය සක්‍රීය වැඩ පිළිවෙළක් ඉක්මණින් ක්‍රියාවට නොනැංවුව හොත් සමස්ත සමාජ ක්‍රමය කඩා වැටීම එතරම් ඈතක නොවන බවය.

අල්ලස හා දුෂණය. ලෝකයේ සෑම සමාජ ක්‍රමයක් තුළම පවතින සාමාන්‍ය සමාජ සංසිද්ධියක් බවට පත්ව ඇති තත්ත්වයකුයි මේ වනවිට දැකිය හැකි වන්නේ. එය සමාජ ක්‍රමයේ ඉහළ සිට පහළටම පැතිර පවත්නා සමාජ ව්‍යාධියක් ලෙසයි සළකනු ලබන්නේ. ඕනෑම සමාජයක් තුළ අල්ලස හා දුෂණය. පටන් ගැනෙන්නේ ඉහළම සිටින දේශපාලනඥයින් ගෙනි. එය අවසාන වන්නේ රාජ්‍ය සේවයේ පහළම සිටින ලිපිකරුවන් සහ කාර්යාල කාර්ය සහායකයින් වැනි අයගෙනි. මෙයින් කරුණු දෙකක් පැහැදිලි වේ. එයින් එක් කරුණක් වන්නේ අල්ලස හා දුෂණය. නියත ලෙසම බලය සමඟ එකට බැඳී පවතින දෙයක් වන බවය. මෙයින් තහවුරු වන්නේ ‘බලය මිනිසා දුෂණය කරයි. අධික බලය අධික ලෙස මිනිසා දුෂණය. කරයි’ යනුවෙන් ඇට්කින් සාමිවරයා කරන ලද ප්‍රකාශයයි. එමගින් පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ බලය හිමි ප්‍රමාණය අනුව කරනු ලබන අල්ලස් හා දුෂණ පරිමාවද වෙනස් වන බවය.

වෙනත් ආකාරයකට කියනවා නම් එයින් අදහස් වන්නේ ඉහළ බලයක් හිමි අය විසින් කරනු ලබන අල්ලස් හා දුෂණ. ක්‍රියාවන්හි පරිමාව ඉහළ අගයක් ගන්නා බවත් පුද්ගලයින් දරන බල මට්ටම අනුක්‍රමයෙන් පහළට යන විට එම ක්‍රියාවන්හි පරිමාවද එයට සමපාත වන අයුරින් පහළ යන බවත්ය. ඉහළ පෙලේ දේශපාලනඥයින් හා රාජ්‍ය සේවකයින් රුපියල් කෝටි ප්‍රකෝටි ප්‍රමාණයෙන් ඉහත දැක්වූ අපචාර ක්‍රියාවන්හි නිරත වනවිට රාජ්‍ය නිලබල පද්ධතියේ පහළ මට්ටමේ සිටින ලිපිකරුවන් සහ කාර්යාල කාර්ය සහායකයින් වැනි අය රුපියල් සියයක දෙසීයක වැනි අඩු ප්‍රමාණයකින් එම අපචාර ක්‍රියාවන්ට සහභාගි වීමෙන් පෙන්නුම් කරන්නේ එම තත්ත්වයයි.

අල්ලස සහ දුෂණය. යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. අල්ලස යනුවෙන් අදහස් කරන්නේ නීතිය මගින් අනුමත නොකරන ලද යම් මූල්‍යමය දීමනාවක් හෝ වෙනත් ද්‍රව්‍යමය දීමනාවක් පිරිනැමීම මගින් හෝ ඉල්ලා ලබා ගැනීම මගින් යම් වැරදි ක්‍රියාවක් කිරීමට යමකු පොළඹවා ගැනීමය. වෙනත් ආකාරයකට කියනවා නම් අල්ලස හා දුෂණය. මගින් කෙරෙනුයේ නීතියට පටහැනි අයුරින් ලබා ගන්නා හෝ දෙනු ලබන ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය දේකට පිරිසිදු සහ නිවැරදි ක්‍රියාමාර්ගයෙන් පිටපැන වැරදි ක්‍රියාමාර්ග හරහා කෙනෙක් විසින් තවත් කෙනකුට යම් දෙයක් කර දීමය. අල්ලස් ලබා ගැනීම ලබන්නා විසින් එක්කෝ කෙළින්ම ඉල්ලා සිටීම මගින් කළහැක. නැතිනම් තමන්ගේ පවුලේ සාමාජිකයකු නමට ලබාගත හැක. එසේත් නැතිනම් තමන්ගේ මිතුරකු නමට ලබාගත හැක. මේ කුමන ක්‍රමයකට අල්ලස් දීම හා ලබා ගැනීම කෙරුණද අල්ලස යනුවෙන් අදහස් කරන්නේ නීතියට පටහැනිව යම් ක්‍රියාවක් කිරීම සඳහා යම් අයකු විසින් යම් ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය දීමනාවක් සේවාව ලබන්නාගෙන් ලබා ගැනීමය. අල්ලස හා දුෂණය.දෙයාකාරයකට ක්‍රියාත්මක වියහැක. එක්කෝ සේවය කරන්නා විසින් කරනු ලබන ඉල්ලීම හේතුවෙන් එය සිදුවිය හැක. නැතිනම් සේවාලාභියා විසින් තම කැමැත්ත අනුව අල්ලස් දීමට පෙළඹීම හේතුවෙන් එය සිදුවිය හැක. මෙයින් වැඩියෙන්ම සිදු වන්නේ ඉහත දැක්වූ පළමු ක්‍රමය අනුව අල්ලස් ලබා ගැනීමය. එනම් සේවාව සපයන්නා විසින් කරනු ලබන ඉල්ලීම් අනුව සේවා ලාභියාගෙන් අල්ලස් ලබා ගැනීමය.

අල්ලස හා දුෂණය. සමාජය තුළ ඇති වන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. මේ සම්බන්ධයෙන් බලපාන හේතු සාධක ගණනාවක් තිබේ. එකක් වන්නේ ආර්ථික අනාරක්‍ෂිතභාවයයි. මේ අනුව දුගී අය පොහොසත් වීම සඳහා අල්ලස් ගැනීමට පෙළඹේ. පොහොසත් අය අල්ලස් ගැනීමට වඩා අල්ලස් දීමට පෙළඹේ. හේතුව තමන් මේ වනවිට අත් කරගෙන සිටින ආර්ථික හා සමාජ වරප්‍රසාද තවදුරටත් ආරක්‍ෂා කර ගැනීම සඳහාය. රට තුළ පවත්නා බදු ක්‍රමය අල්ලස හා දුෂණය. ඇතිවීම කෙරෙහි බලපාන තවත් හේතුවක් වේ. හේතුව එක් අතකින් බදු ගෙවීම පැහැර හැරීමට බදු ගෙවීමට නියමිත අය උත්සාහ ගැනීමය. අනෙක් අතින් එම වංචනික ක්‍රියාව කිරීමට සහය වීම පිණිස ඒ හා සම්බන්ධව ක්‍රියා කරන නිලධාරීන් අල්ලස් ගැනීමය. මේ අනුව රටක පවතින බදු ක්‍රමය අල්ලස හා දුෂණය. ඇතිවීම කෙරෙහි දෙයාකාරයකින් බලපානු ලැබේ. හේතුව අල්ලස් දීම හා ගැනීම යන ක්‍රියාවන් දෙකටම පෙළඹීමක් එමගින් ඇතිවන බැවිනි.

අල්ලස හා දුෂණය. ඇතිවීම කෙරෙහි ඉතාම දැඩි ලෙස බලපාන හේතු සාධකයක වන්නේ රටක රාජ්‍ය සේවය කෙරෙහි ක්‍රියාත්මක වන වැටුප් ව්‍යුහයයි. රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප් පහළ මට්ටමක පවතින්නේ නම් සහ ගෙවන වැටුප ඔවුන්ගේ භෞතික ජීවිතය අවම මට්ටමකින් පවත්වා ගෙනයාමටවත් ප්‍රමාණවත් නොවන්නේ නම් එවැනි අඩු මට්ටමේ වැටුප් ලබන රාජ්‍ය සේවකයින් නිතැතින්ම අල්ලස් ගැනීමට පෙළඹේ. රටක අල්ලස හා දුෂණය. ඇතිවීම කෙරෙහි බලපාන තවත් තරුණක් වන්නේ නව රාජ්‍ය ව්‍යාපෘතීන් ආරම්භ කිරීමය. මේ හරහා අල්ලස් හා දුෂණවලට වලට සම්බන්ධවන්නේ දේශපාලනඥයින් සහ ඉහළ පෙලේ ව්‍යාපාරිකයින්ය. මෙම නව ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් ලබාදීම පිණිස දේශපාලනඥයින් විසින් අල්ලස් ඉල්ලා සිටින අතර එම කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා ව්‍යාපාරිකයින් විසින් අල්ලස් ලබාදීම මෙහි දී අනොන්‍ය වශයෙන් සිදු වේ. රටක අල්ලස හා දුෂණය. ඇතිවීම කෙරෙහි බලපාන තවත් හේතු සාධකයක් හැටියට විචාරකයින් හඳුන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නියෝජන ක්‍රමය පදනම් කර ගෙනය.

නියෝජන ක්‍රමය ක්‍රියාවට නැංවෙන්නේ මැතිවරණ හරහාය. දේශපාලන පක්‍ෂ මැතිවරණ සටනේ ප්‍රධාන ක්‍රියාකාරිකයින් වේ. මැතිවරණ සටන කිරීම සඳහා දේශපාලන පක්‍ෂවලට විශාල ප්‍රමාණයක මුදල් අවශ්‍ය වන අතර දේශපාලන පක්‍ෂ එම මුදල් ලබා ගන්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, බැංකුකරුවන් වැනි අයගෙනි. මොවුන් මුදල් සපයන්නේ ඒ සඳහා ප්‍රතිඋපකාර වශයෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන්ය. දේශපාලන ක්‍රමයක් තුළ ඉහළම මට්ටමේ බරපතළ දුෂණය. ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධානම හේතුකාරකයක් ලෙස මෙය හඳුන්වා දියහැක. රටක අල්ලස් හා දුෂණය. ක්‍රියාවන් ඇතිවීම කෙරෙහි බලපාන තවත් කරුණක් ලෙස කළු සල්ලි සංසරණය වීම පෙන්වා දියහැක. කළු සල්ලි යනුවෙන් හඳුන්වන්නේ රටේ ක්‍රියාත්මක වන නීති හා රෙගුලාසිවලට පටහැනි අයුරින් අයථා ලෙස උපයා ගෙන තිබෙන මුදල් හෝ බදු වංචාවලින් බදු ගෙවීම පැහැර හැර සඟවා ගෙන තිබෙන මුදල්ය. මෙම කලූ සල්ලි සුදු සල්ලි බවට පත්කළ කිරීම අනිවාර්යයෙන්ම අල්ලස් හා දුෂණය. සමඟ සම්බන්ධ වේ.

රටක අල්ලස් හා දුෂණය. ඇතිවීම කෙරෙහි බලපාන අවසාන කරුණ ලෙස සමාජ ක්‍රමය ආර්ථික හා සමාජීය වශයෙන් නවීකරණය කිරීම පෙන්වා දියහැක. නවීකරණ ක්‍රියාදාමය සමඟ බැඳී පවතින එක් නරක ගුණාංගයක් වන්නේ සමහර නරක දේවල් කිරීම සඳහා මුදල්, තාන්න මාන්න සහ වෙනත් ප්‍රතිදාන ලබාදීමේ තත්ත්වයක් ක්‍රියාත්මක වීමය. ඉක්මනින් පොහොසත් වීමට බලා සිටින අයට එසේ කිරීම සඳහා එම වැරදි මගපෙන්වීම් ඉමහත් පිටුවහලක් වන අතර එය අනික් අතින් සමාජය තුළ අල්ලස හා දුෂණ. පැතිරීම කෙරෙහි බලපානු ලැබේ.

රටක අල්ලස හා දුෂණ. මුළුමනින්ම නැති කළ හැකි දෙයක් නොව්. එසේ කළ හැකියයි සිතීමද මෝඩකමක්ය. එසේවූවද අල්ලස හා දුෂණය. යම් ප්‍රමාණයකට පාලනය කිරීමට හා මර්දනය කිරීමට හැකි වේ. ඒ සඳහා ගතහැකි පියවර කිහිපයක්ම තිබේ. පරිපාලන සේවාවේ පවතින ප්‍රමාදය නැති කිරීම සඳහා පියවර ගැනීම, තමන්ගේ යුතුකම්, අයිතිවාසිකම් හා රාජ්‍ය සේවාවන් ක්‍රියාවට නැංවීම හා සම්බන්ධ ක්‍රියාදාමයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ අනෙකුත් සේවා පහසුකම් වැඩි කිරීම, රාජ්‍ය සේවකයින් සඳහා සේවා චර්යා පද්ධතියක් සකස් කොට එය දැඩිව ක්‍රියාවට නැංවීම, පවරන ලද බලය සහිතව මිස රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශය සමඟ ගනුදෙනු කිරීම තහනම් කිරීම, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරවල ගිණුම් සවිස්තරාත්මකව සහ විවෘතව තබා ගැනීමට බලකෙරෙන නීති පැනවීම, ඉහළ විධායක තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමේ දී චරිත ඒකාග්‍රතාව කෙරෙහි දැඩි සැළකිල්ලක් දැක්වීම, සේවා කාලය තුළ දී හෝ සේවාවෙන් විශ්‍රාම ගොස් යම් කාල ප්‍රමාණයක් ගතවන තෙක් රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ තනතුරු දැරීම තහනම් කිරීම, බදු ක්‍රමය නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම, අල්ලස හා දුෂණය.සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනමාධ්‍ය සහාය ලබා ගැනීම සහ අල්ලස් හා දුෂණවලට හසුවන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා නීතියට අනුකූලව දැඩි දඬුවම් පැමිණවීම යනාදිය මෙම නිරෝධායන ක්‍රියාමාර්ග අතර වැදගත් වේ.

අවසාන වශයෙන් කිව හැක්කේ රටක අල්ලස හා දුෂණය ක්‍රියා සිදුවීම සහ රට තුළ නීතිය ක්‍රියාත්මක වීම අතර ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් පවතින බවය. රට තුළ අල්ලස හා දුෂණය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා නම් එයින් පෙන්නුම් කරන්නේ රට තුළ නීතිය ක්‍රියාත්මක වීම අඩපණ වී ඇති බවය. එසේ වූ විට මිනිසුන් නීතියට බිය වන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ මිනිසුන් අපරාධ කිරීමටද බිය වන්නේ නැත. එබැවින් රටක් අල්ලස හා දුෂණය. මර්දනය කිරීම පිළිබඳව ප්‍රථම වගකියන්නා බවට පත් වන්නේ ආණ්ඩුවයි. යම් රටක අල්ලස හා දුෂණය වර්ධනය වනවා නම් එයින් නියත ලෙසම පෙන්නුම් කරන්නේ නීතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් වී තිබෙන බවය.

එම් ඕ ඒ ද සොයිසා

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *