ඉදිරි අවුරුදු එක හමාරේ අලුත් තත්ත්වයක් නිර්මාණය වෙනවා. – එක්සත් සමාජමවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්- සිරිතුංග ජයසූරිය

2015 ජනවාරි පැවත් වූ මැතිවරණය ආසන්න‍ වෙත්ම, පොදු අපේක්ෂකයා නම් කිරීමටත් පෙරාතුව, රටේ විශාල උද්‍යෝගයක්, නව පිබීදීමක්, නව බලාපොරොත්තුවක් ‍තිබුණා ජනාධිපතිවරණය ගැන. මී ළඟ ජනාධිපතිවරණය තියෙන්නේ මාස 18 ක පමණ කාලයක්. ඒ වෙනකොට කුමන විදිහක වාතාවරණයක් ර‍ටේ ඇතිවෙයිද?

මට හිතෙන විදිහට ජනාධිපතිවරණය ගැන පමණක් නෙමෙයි ඉදිරියේ දිග හැරෙන දේශපාලන තත්ත්වය ගැන ජනතාව ඉන්නෙ හුඟක් අන්දමන්ද වෙච්ච තත්ත්වයක. ජනතාවට විශ්වාස කරන්න පුලුවන් පක්ෂයක් හෝ නායකත්වයක් නැහැ. බලාපොරොත්තු බිඳවැටීම නිසා නැත්නම් කලකිරීම නිසා ජනතාව අවසාන මොහෝතේදී චන්දය පිළිබ්‍ඳව තීරණයක් ගන්න පුලුවන්. මම හිතන්නේ, පසුගිය මැතිවරණ කීපයේ දී ම ජනතාව ජනාධිපති අපේක්ෂකයව තෝරගත්තෙ මහා බලාපොරොත්තු රැසක් එක්ක. දැන් දන්නව ජනතාව බලාපොරොත්තුවෙන දේවල් ඉෂ්ට කරන නායකයෙක්, පක්ෂයක් නැහැ කියල. මේ අනුව ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් කරා තමයි රට ගමන් කරමින් තියෙන්නෙ.

ඉදිරි මාස 18ක පමණ කාලය තව පෙරළි වෙන්න පුළුවන් කාලයක්. ඒ කාලය තුළ කොහොමද ජනතාව හැසිරෙන්නේ කියන කාරණය පිලිබඳව අප විවෘත මනසිකින් බැලිය යුතුව තියනවා.

පසිගිය ජනාධිපතිවරණවරන දෙක තුනම මුහුණට මුහුණ ද්වන්ද්ව සටනක් වගෙයි. සමහර මාධ්‍ය එය හැඳින් වූයේ ගල උඩ සටන් කියායි. එහෙත් මෙවර ඉතිහාසයේ ප්‍රථව වතාවට ප්‍රබල තුන්කොන් සටනක් නිර්මාණය වන ලකුණු තියෙනවා. 2020 ජනාධිපතිවරණය මොනවිදිහේ මුහුණුවරක් ගනීද?  මේ බලපොරය නිසා 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගැනීමේ හැකියාවක් කිසියම් අපේක්ෂකයකුය තියෙයිද?

පෙබරවාරි 10 තිබුණු පළාත්පලන ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂයට ලොකු විශ්වසයක් තිබුණා,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මෛත්‍රී කණ්ඩායම හා පොහොට්ටු කණ්ඩායම අතර බෙදීමක් ඇති නිසා, එ.ජා.ප. ය ට නියත ජයග්‍රහණයක් ඇති කර ගන්න පුළුවන් කියල. නමුත් ඒක ඉෂ්ට වුණේ නැහැ. ජනතාව ඒ විදිහට හැසිරුණේ නැති නිසා. ඒ වගේම ඉදිරි මැතිවරණයකදිත් ඇති වෙන්න පුලුවන් මේ තුන්කොන් සටන නිසා 50% ප්‍රශ්නය බරපතල සාධයක් හැටියට මතු වෙන්න පුලුවන්. මෙතනදි උතුරේ දෙමළ ජනතා ඇතුළු නැගෙනහිර හා අනික් ප්‍රදේශවල ඉන්න දෙමළ ජනතාවත්, නැගෙනහිර ඇතුළු අනෙක් පළාත්වල මුස්ලිම් ජනතාවත් ඉදිරි මැතිවරණයක දී ප්‍රධාන සාධකයක් වෙන්න පුළුවන්. දකුණෙත් ඡන්දය පාවිච්චි කිරීමට නොගිහින් ඉන්න පුළුවන්. උතුරේ ජනතාව තුළ දකුණේ පාර්ලිමේන්තුව ගැන තිබෙන විශ්වාසය ගෙවීගෙන යමින් තියෙනව. අපිට කාගෙන්වත් වැඩක් නැහැ කියන හැඟීමක් ඇතිවෙමින් තියනව.

ප්‍රභාකරන් 2005 දි ඡන්දය දීමෙන් වළකින්න කියල කිව්වා යුද්ධය ගැන ඔහුට තිබුණු වැරදි තක්සේරුවක් නිසා. ඊට පස්සේ යුද පරාජයෙන් පසු ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශාල බලාපොරොත්තු ඇතුව 2015 දී මහින්ද ආණ්ඩුව පරාජය කරලා මෛත්‍රි ගේන්න ඡන්දය පාවිච්චි කරන්නේ විශාල බලාපොරොත්තු ඇතිව. දැන් ඒ බලාපොරොත්තු සුන් වෙලා. එවැනි තත්ත්වයක් තුළ මට හිතෙනවා කිසිවෙකුටත් 50% ලබාගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

ඒ අය ඡන්ද පොළට ගිහිල්ලා ඡන්දය කටුගාලා දැම්මොත් ඒක ප්‍රකාශිත ඡන්දයක්. ප්‍රභාකරන්ගෙ කීම අහලා නොගිය වගේ ඒ අය ඡන්දය පාවිච්චි කරන්න නොගිහින් හිටියොත් ඒක ගණනය වෙන්නෙ නැහැ. සමහරවිට ඡන්දය කටුගාදමන්න කියල ව්‍යාපාරයක් මතු වුණොත්, ඒ තත්ත්වය තුළ කිසිවෙකුටත් 50%ක් ගන්න බැරිවෙයි. මේ තත්ත්වය තුළ අපිට වාමාංශිකයන් විදිහට ඉටු කරන්න භූමිකාවක් තියනව.

වාමාංශික‍ ඡන්දත්, පාවන ඡන්දත් එතන දී ගන්න තියන තීරණය කුමක්ද?

යම් ප්‍රතිපත්ති මාලාවක් මත වම අතර යම් එකමුතුවක් කරගන්න පුළුවන් නම්, ඒක ටිකක් අමාරුවැඩක්. ජනාධිපතිවරණයකදි, අරක කරන්නම්, මේක කරන්නම්, රස්සාදෙන්නම් කියල විතරක් ඉන්න බැහැ. නිදහසින් පස්සේ අවුරුදු 70ක් පහුවෙලත් විසඳගන්න බැරි ජාතික ප්‍රශ්නය පිලිබඳව ප්‍රතිපත්ති මාලවකට එන්නට ඕනැ. වමේ ව්‍යාපාර තුළත් ජාතික ප්‍රශ්නයේ දී ප්‍රකට වෙන්නේ ඉතාම දුබල තත්ත්වයක්. කොහොම උනත් යම්කිසි එක්සත් කමක් අපිට ඇතිකරගන්න පුළුවන් නම්, අපිට උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා සිටින ද්‍රවිඩ මුස්ලිම් ජනතාවටත්, රට පුරාම දේශපානය ගැන කලකිරීමකින් සිටින ජනතාවටත්, මධ්‍යස්ත ජනතාවටත් කියන්න පුළුවන්, දෙන්න අපිට ඡන්දය කියලා. එවන් තත්ත්වයක් මතු වුණොත්, ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක දී දෙවන මනාපය කියන සාධකය පළවෙනි වතාවට එන්න ඉඩ තියෙනව. එවිට දෙවෙනි මනාපෙන් තමයි කවුද ජනාධිපති වෙන්නෙ කියල ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තීරණය වෙන්නෙ. කවර හෝ අපේක්ෂකයකුට පහසු ජයග්‍රහණයක් කරන්න තිබෙන ඉඩකඩ අඩුයි කියන තත්ත්වයක් තුළ දෙවෙනි මනාපය ගණනය කරන්න තියෙන අවස්ථාවකට එන්න සිද්ධ වෙයි.

උතුරු නැගෙනහිර ජනතාවගෙ, රටේ වාමාංශික ව්‍යාපාරවල, මධ්‍යස්ථ ජනතාවගේ අභිමතයට යටත් කෙනෙක් තමයි එවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්නෙ. ඒක අලුත් තත්ත්වයක්. කොහොම උනත් ලංකාවේ දේශපාලනය අලුත් ‍නිමේෂයකට එලඹෙමින් තිබෙන්නෙ. ජනතාව අලුත් දිසානතියක් ගැන විමසිල්ලෙන් බලන කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඉදිරි කාලය කෙටි වුණත් ලොකු වෙනස් කම් ඇති වෙන්න පුළුවන් කාලයක්.

තවත් සමහරුගේ උපකල්පනයක් තමයි ජනතා විමුක්ති පෙරමුණට නිත්‍ය ඡන්ද ලක්ෂ පහක ප්‍රමාණයක් රටේ තියනව. ඒ ඡන්ද ප්‍රමාණයයි. උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රමාණයයි දිනාගන්න කෙනා තමයි මේ තුන්කොන් සටනින් ජයගන්නේ කියන ඒක. ඒ පිළිබඳ ඔබේ අදහස?

ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ හතරක පමණ ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. ඒ ඡන්දය ජනාධිපති ඡන්දයකදි හැසිරෙන්නෙ කොහොමද කියන එක බරපතල කාරණයක්. 1994 එයාලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට විවේචනාත්මක සහයෝගය දුන්නා. 1999 දි නන්දන ගුණතිලක ඉදිරිපත් කෙරුවා. 1999 ඡන්දෙන් පස්සෙ ඔවුන් කවදාවත් ජනාධිපතිවරණකට තමන්ගෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ නැහැ. 1995 මහින්ද මහත්තයට පූර්ණ සහයෝගය දුන්නා. 2005 එක්සත් ජාතික පක්ෂයත් එක්ක නොනිල සන්ධානයකින් සරත් ‍ෆොන්සේකා ජනාධිපතිකරන්න ගියා. 2015 දි එයාලා මෛත්‍රිපාල ජනාධිපතිකරන ඡන්ද ව්‍යාපාරයක තමයි හිටියෙ. නමුත්, වේදිකා දෙකක හිටියෙ. ‍ජනතා විමුක්ති පෙරමුණ දෙපාරක් පමණයි තනියම ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වුණේ. 1982 රෝහණ විජේවීරත් ඉන් පසුව 1999 නන්දන ගුණතිලකත්. අපි කලින් සඳහන් කළා වගේ ප්‍රබල වාමාංශික පෙරමුණක් බිහිකළොත් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද වලින් විශාල ඡන්ද ප්‍රමාණයක් එයට ලබා ගන්න පුළුවන්. ඒක තමයි නිදහසින් පසුව අවුරුදු 70ක් පැවති දේශපාලනයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙන්නේ. ඒක අනාගත දේශපාලන පෙරළියක පළමු වෙඩිමුරය වෙන්නට ඉඩ තියෙනව.

වාමාංශික ව්‍යාපාරවල එකමුතුවක් ඇතිවිය යුතු බවයි ජනතාවගේ හැඟීම, නමුත් ඇයි එවන් දෙයක් ගොඩනැගීමට නොහැකි?

ඒක ඇත්ත වශයෙන්ම කණගාටුදායක තත්ත්වයක්. වාමාංශික පක්ෂ කියන්නේ තමාට ආවේනික වූ ඉතාම දැඩි ප්‍රතිපත්ති මාලාවකට බැඳිලා ඉන්න සංවිධාන ව්‍යුහයක් තියන පක්ෂ. ඒ පක්ෂ ලේසියෙන් පුළුල් පෙරමුණකට එන්නේ නැහැ. සමාජය විසින් එවැනි තත්ත්වයකට බල කරන තත්ත්වයක් නිර්මාණය වුණොත් තමයි එවැනි තත්ත්වයක් ඇති වෙන්නෙ. මම හිතනවා එවැනි තත්ත්වයක් ඇති වෙමින් යන්නෙ කියල.

1917 බොල්ෂෙවික් විප්ලවය ගත්තත් ඒ බොල්ෂෙවික් විප්ලවයේ අවසානයේ තමයි සියලු වාමාංශික බලවේග ඒ බොල්ෂෙවික් කඳවුර වටා ඒක රාශි නොවුනේ. ඒ වගේ ජනතාවගේ තෙරපුමත් එක්ක ඒ ඒක රාශිවීම නුදුරේදිම වෙන්න ඉඩකඩ තියෙනව.

වාමාංශික පක්ෂ එකතු කරන්න බැහැ ම කියල මම කියන්නෙ නෑ. එයාලගෙ වටිනාකම් අනුව තමයි එහෙම එකතුවීමක් ගැන හිතල බලන්නෙ. වාමාංශික පක්ෂ කියන්නෙ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන, තමන්ගේ ප්‍රතිපත්ති හැල්ලුනොකරන, මන්ත්‍රිකම්වලට ප්‍රතිපත්ති පාවා‍ නොදෙන පක්ෂ. ලොකු කුඩා පක්ෂ හැම එකකටම ලොකු ක්‍රියාමාර්ග තියෙනව. මේවා කිසිවෙකුටත් අලෙවි කරන්නට සූදානම් නෑ. පැහැදිලි ප්‍රතිපත්තියක් හා ක්‍රියාමාර්ගයක් තියෙනව නම්, ඔවුන් එකතු වෙනවා. අනාගතයේ රටේ පෙරළියක් වමේ පක්ෂවලින් සිදුවෙනවා.

මේ ලෝකේ දේශපාලන පෙරළි සිදුවන කාලයක්. පාකිස්තානයේ ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කරන ලකුණු තියෙනව කියල කතාවෙනව. ඉම්රාන්කාන් වගේ කෙනෙකුට පාකිස්ථානයේ නායකත්වයට එන්න පුළුවන්කමක් තිබුණු රටක් නෙමෙයි. ප්‍රංශයේ තුන්වෙනි බලවේගයක් ජයග්‍රහණය කරන ලියෙනව. ලෝකයේ සම්ප්‍රදායික පක්ෂ නෙමේ අද ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. එදා ඇමරිකාවේ සමාජවාදය කියන වචනය සාකච්ඡාවකටවත් ගන්තෙ නෑ. අද ඒ රටවල නායකයොත් අද සමාජවාදය ගැන කතා කරනව. සමාජවාදය අපේ රටෙත් ප්‍රබල මතයක්. එය යටපත් කරගෙන හිටියත්.

ජේ. ආර්. ජයවර්ධනත් අපේ රටේ නමට සමාජවාදි ප්‍රජාතන්ත්‍රීය ශ්‍රී ලංකාව කියල නම දැම්මෙ නිකම් නෙමෙයි නෙ. ජේ. ආර්. අන්ත දක්ෂිණාංශ නායකයෙක්. ඒක තමයි හොඳම සාක්කිය.

1935 ඉඳලා ලංකා සමාසමාජ පක්ෂය, 1942 සිට කොමිනියුස්ට් පක්ෂ මේ රටේ මුල් බැහැල තියෙන්නෙ. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත්, මේ රටේ විසිරිලා, කලකිරිලා, නිද්‍රාශිලීව ඉන්න ඡන්‍දත් සේ ‍මේ සේරම ගත්තොත් ලක්ෂ පහළොවක විස්සක ප්‍රමාණයක් ඉන්න පුළුවන්. සමහර විට ඔබත් අයිති වෙන්නෙ ඒ කණ්ඩායමට වෙන්න පුළුවන්. මේ උතුරු නැගෙනහිර ජනතාව නැතුව.

මේ තුන්කොන් සටන සිව් කොන් සටනක් බවට පත් වෙන්න පුළුවන්. ප්‍රංශය ගත්තොත්, තුන්වෙනි වටයේ හිටපු එක්කෙනා තමයි ඊළඟ වටයේ පළවෙනියා වුණේ. රටේ ජනතාවට තාම විශ්වාසයක් නෑ වමට දිනන්න පුළුවන් කියල. ජනතාව වම ගැන කිරිලා නෙමෙයි. මේ රටේ යම්කිසි තත්ත්වයක් නිර්මාණය වුණොත් ජනතාව හිතා බලනවා.

අපි අවුරුදු 70ක් මේ දෙගොල්ලන්ට කරන්න දුන්නා ඇති. අපි ‍ව‍මේ බලවේගයට එකතු වෙමු කියල ජනතාව නව බලවේගයක් කරා එකතු කරගන්න පුළුවන්. ඒක සුනාමිය ආව වගේ එක දවසකින් ඇති වෙන්නෙ නැහැ. නමුත් ලාංකීය සමාජය ඒ කරා ගමන් කරමින් ඉන්නෙ.

සිරිතුංග සහෝදරයා විග්‍රකරන දෙය ස්ඵුට වෙන තවත් කාරණයක් ඊයේ සිදු වුණා. කළකිරුණු පුරවැසි බලවේග ඇතුළු සිවිල් සංවිධාන අලුත් සංවිධානයක් පිහිටුවා ගැනීමේ මූලික අඩිතාලම තිබ්බා ‘මහජන සභාව’ කියල.

ඒකෙන් පෙන්නන්නෙත් මොකක්ද! සම්ප්‍රදායික දේශපාලනයෙන් කලකරිලා ඉන්නෙ. බොහෝ අයට වම ගැනත් විවේචනයක් තියෙනව. මේ අය එක තැන ඉඳගෙන කතාකරනව විතරයි මොකුත් කරන්නෙ නැහැ කියන එක. එක අතකින් ඒ අදහස සාධාරණ වෙන්නත් පුළුවන්. ‘මහජන සභාව’ වගේ සංවිධාන මේ පෙන්වන ලක්ෂණය මොකක්ද? එය තමයි පවතින් තත්ත්වය ගැන ජනතාවගේ තියන කලකිරීම. ඒ අයත් විකල්පයක් හොයන්න තමයි ඉදිරියට ඇවිත් ‍තියෙන්නෙ. එය ඉතාම සාධනීය ලක්ෂණයක් මෙවැනි තව බොහෝ දේවල් වේවි. මේක ජයග්‍රහණයේ ලක්ෂණයක් වගේ පෙනුණාම. මම හිතන්නෙ හුඟක් දෙනෙක් හිටගන්නෙ එතන. මේ රටේ ධනේෂ්වර පක්ෂ ගැන අතිමහත් කලකිරීමක් තියෙන්නෙ. ඡන්දයක් ආවම ඡන්ද පොළට ගිහින් ඡන්දයක් දානව තමයි. ඒ ජනතාව ඉන්නේ අපේක්ෂා භංගත්වයකින්.

අපිට අනාගතයක් පෙන්නන්න පුළුවන් නම්, ජයග්‍රාහි මාවතක් පෙන්නන්න පුළුවන් නම්, නියත වශයෙන්ම වම ඇතුළු ප්‍රගතිශීලි බලවේගයකට ජයගන්න පුළුවන්.‍

මනෝජ් රූපසිංහ.     

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *