30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි – සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක – පුරවැසි බලය

Dharmasiri-Bandaranayakeමට කලාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නෙ, උතුරෙන් ආපු 16 දෙනා, පාර්ලිමේන්තුවට වද්දගන්න නුසුදුසුයි කියල හිතනව නම්, වෙන් වෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ ප‍්‍රදේශ තමන් පාළනය කිරිම සඳහායි 16 දෙනෙක් පත්කරගෙන තියෙන්නෙ. 30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි. ඒ නිසා සිංහල ආණ්ඩුවට සම්බන්ධ හැම දේශපාලඥයෙක්ම ඊට වගකිව යුතුයි.

කලාකරුවෙක් විදිහට මගේ ජීවිත කාලය තුළම මේ දක්වා, ඒ කියන්නෙ, මගේ අවුරුදු 65 ක ජීවිත කාලයක් සහ අවුරුදු 40 කට ආසන්න කලා නිර්මාණ කරුවෙක් විදිහට කටයුතු කිරීමේ දී, මා ලබපු අත්දැකීම් අනුව මට ජාතිවාදියෙක් වෙන්න බෑ. ඒක එන්නෙ ආගමෙන් නෙමේ කලාවෙන්. ඒ නිසා මම හැමතැනකදිම කියල තියෙන දෙයක් තමයි මගේ ආගම කලාවයි.

බොහොම බෞද්ධයො මිනීමරනවට කැමතියි. මිනී මරනවට උපදෙස් දීලා තියෙනව. පන්සිල් පද පහ ආරක්‍ෂා කරනව කියල උදේ ඉඳල පන්සිල් ගන්නව. එහෙම අය අතින් වෙලා තියෙන අපරාධ ලැයිස්තුව ගැන කතා කළොත් 1948 ඉඳලා මේ දක්වා කාලයෙදි. ඒ අපරාධ කිරීමේ ප‍්‍රතිඵලය තමයි 30 අවුරුදු යුද්ධයක් මේ රටේ ගොඩ ගැසීම. නිරායුධ මිනිස්සු කොයිතරම් මියගියාද? එහෙම කියන කොට උතුරෙ ඉඳලා දෙවුන්දරතුඩුව දක්වාම අපි සලකන්න  ඕන මේක එක රටක්.

අපි උතුරු නැගෙනහිර ගිහිල්ලා පුරවැසිබලය රැුස්වීම් තිබ්බෙ නෑ. ඒ ප‍්‍රදේශවල ඉන්න මිනිස්සු දොට්ට බැහැල, අයිඩින්ටි කාඞ්එක අරගෙන ඡුන්ද පොළට ගිහිල්ලා, ඒ මිනිස්සු ඉතාම නිර්භීතව ඡුන්දය දීල තිබුණ. රජය ප‍්‍රතික්‍ෂේප කරල ආසන 16 කට මන්ත‍්‍රීවරු පත්කරගත්ත. මේ මොහොතෙදි අපිත් මේ පැත්තෙ මන්ත‍්‍රීවරු පත්කර ගත්ත. ඒත් මෙහෙ වෙලා තියෙන එක එතන වෙලා නෑ. ඉතාමත් ඉහළ බුද්ධිමතුන්, ඒ ප‍්‍රදේශවලින් පත්වෙලා ඇවිල්ල තියෙනව. එක මිනිහෙක් හොරෙක් නෙමෙයි. සියලූ දෙනාම ඉතාම ඉහළ උගතුන් ඒ මිනිස්සු පත්කරගෙන තියෙනව. මෙහෙම පත් කරල 16 දෙනෙක් එව්ව. එහෙම 16 දෙනෙක් එවනකොට, මෙහෙන් පණිවිඩයක් දෙනවා ඒ අයට, ‘නෑ අපි උඹලට දෙන්නෙ නෑ විපක්‍ෂනායකකම’ මේක මාර නීතියක්. මේවා තමයි යුද්ධයට මිනිස්සු තල්ලූකෙරුවෙ. යද්ධයට උතුරෙ තරුණයො  එක`ග තාවයට දැක්වුවෙ මේ වගේ දේවල් නිසා.

1958 වෙච්ච දෙයක් මම ඔබට මතක් කරල, 58 බණ්ඩාරනායක ආණ්ඩුව තියෙනකොට වාහන වලට ශ‍්‍රී අකුර යෙදුවා. එතෙක් වාහනවල තිබුණෙ ඉංග‍්‍රීසි අකුරක් හෝ දෙකක්. ඊට පස්සෙ 58 මොකක්ද කෙරුවෙ ශ‍්‍රී අකුරක් ගැහුවා. එමෙ කරපුගමන් උතුර නියෝජනය කරපු එස්.ජී.වී. චෙල්ලනායගම් ද්‍රවිඩ භාෂාවෙන් ශ‍්‍රී අකුර ගහගෙන කාරෙකක් පැදෙව්වා. ඇයි එහෙම අයිතියක් නැද්ද? සිංහල ශ‍්‍රී අකුරට ඔවුන් දෙමළෙන් ශ‍්‍රී අකුරක් දැම්ම. එතකොට මොකක්ද මෙහෙ කෙරුවෙ, සියලූම බෝඞ් ලෑලි වල තාර ගෑවා. කොච්චර උනන්දුවෙන් තාර ගැවද කිව්වොත්, ගෙදර ඉඳල ඉනිමගක් හදාගෙන කොටුවෙ ඉස්ටේෂමට ඇවිල්ලා, කොටුවෙ ඉස්ටේෂන්එකේ ‘කොටුව දුම්රිය පොළ’ කියල ද්‍රවිඩ භාෂාවෙන් ලියල තියෙන වාක්‍යවල දෙමළ අකුරුවල තාර ගාන්න හැදුව. පොලීසිය මේකට මැදිහත් වුණා. ශ‍්‍රී අකුර ඔහෙ පාවෙවී ගියා, ඊට පස්සෙ මොකක්ද සිද්ධ වුණේ. ඊට පස්සෙ ආවා වාහලවලට ඉංග‍්‍රීසි අකුරු ටික, ඉංග‍්‍රීසි අකුරු දානකොට විරුද්ධ වෙන්න එපායැ. මෙන්න සිංහලයගෙ ගතිය. මෙන්න මේ රටේ දේශපාලනය ඇතුළෙ සිද්ධ වෙච්ච දේවල්.

මම හිතන විදිහට මේවට උත්තර දෙන්න තියෙන්නෙ අර බර්ට‍්‍රා්ල් බ්‍රෙස්ට් කියන නාට්‍යකරුවා, එ මානව හිතවාදියා, මේක නාට්‍යයක් නම් මේක මෙතනින් ඉවර වෙන්න  ඕන. මේක දිගින් දිගට ලියාගෙන යන්න බෑ. එතුමා කියනව, ජනතාව විසුරෝලා වෙනත් ජනතාවක් පත්කර ගන්න කියල. මම හිතන්නෙ ලංකාවටත් ඒකම තමයි විය යුත්තේ.

මගෙ නාට්‍ය දෙකක අවසානයෙ තිබුණෙ බ‍්‍රටෝල් බ්‍රෙස්ට් විසින් ලියපු ‘එසේ වූ හෙයින් මිතුරනි, ඉගෙන ගන්න දකින්න, කට ඇරන් බලන් ඉන්න නෙමේ, සොයා යන්න අරටුවටම. තව මොහොතකින් මුළු ලෝකයම යට කරනව වඳුරෙක්. (වඳුරෙක් කිව්වෙ හිට්ලර්ට* පහසුවෙන් සිතනු එපා ගැලවුණා කියල. ඔහු උරගා, බඩගා එළියට ආ ගර්භාෂය එක දිගට තව වදනව. උතුර මුල්කරගෙන මම යුරිපිඞීස් කියන ග‍්‍රීක නාට්‍යකරුවා ගේ නාට්‍යයක් කෙරුවා. ඒක අවසාන වුනේ මෙහෙමයි. ඒ නාට්‍ය මා අතින් නිෂ්පාදනය වුණා ට්‍රෝජන් කාන්තාවො කියල. ඒ නාට්‍ය අවසාන වන මොහොතේ කියනනේ,  යුද්ධයක් ඉවරවුණාට පස්සෙ ඔහු පෙනී සිටිනව යුද්ධයට විරුද්ධව, යුද්ධයට පක්‍ෂව කිසිම කලාකරුවෙක් පෙනී ඉඳලා නෑ.

උතුරේ තරුණයො තබපු විශ්වාසය මේ විදියට ප‍්‍රතික්‍ෂේප කරන දකුණෙ ආණ්ඩුවකට පුළුවන්නද සාමය ගේන්න? මේ ප‍්‍රශ්නයට අපි උත්තරයක් දිය යුතුයි. හිතන්න එපා මෙතන අපි දෙමළ සිංහල වර්ගීකරණයක් නෙමෙයි අපි ගේන්නෙ. ඊයෙ එෆ්. එම්. නාලිකා ගණනාවකම ගියේ එකම වැඩසටහන. විපක්‍ෂ නායක වියයුත්තේ කවුද? ඒ වැඩසටහන් හැම එකකව කිව්වෙ, ‘දෙන්න එපා දෙමළුන්ට විපක්‍ෂ නායකකම. හැම තැනම ඉඳලා දැවිල්ලට ටෙලිෆොන් කරන අය කෝල් කර කර කිව්වෙ මොකක්ද? ‘උතුරෙ දෙමළුන්ට දෙන්න එපා. උන් ඉන්නෙ උතුරෙ විතරයි. උතුරෙ ඉන්න එවුන්ට විපක්‍ෂ නායකකම දිය යුතුද?’ කියල.

කලාකරුවො වශයෙන් අපි කියනව, යුද්ධ කාල සීමාව තුළ ඔය කවුරුත් ඉලාම්වාදයට සහයෝගය දුන්නෙ නෑ. සිවාජිලිංගම් කියන මන්ත‍්‍රීවරයගෙ ප‍්‍රකාශයක් ඊයෙ පත්තරේක තිබුණ, ‘යුධ අපරාධ සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි’ කියල. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැවුණාම මොකද බය වෙන්නෙ? සිංහලයො හින්දද අපි බය වෙන්නෙ? නෑ. අපරාධයක් කරල තියෙනව නම් ඒ අපරාධකරුවාට දඬුවම් දිය යුතුයි. ලෝකෙම එකට එකතුවෙලා තමයි හිට්ලර්ව පහ කළේ. නැත්නම් හිට්ලර් තාම මේ ලෝකය තුළ ඉන්නව. ශිෂ්ට සම්පන්න ලෝකය ප‍්‍රතික්‍ෂේප කරනව මිලේච්ඡුයින්ව. ඒකට තමයි අපිත් මැදිහත් වුණේ පුරවැසි බලය වශයෙන්.

මට කලාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නෙ, උතුරෙන් ආපු 16 දෙනා, පාර්ලිමේන්තුවට වද්දගන්න නුසුදුසුයි කියල හිතනවනම්, වෙන්වෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ ප‍්‍රදේශ තමන් පාළනය කිරිම සඳහායි 16 දෙනෙක් පත්කරගෙන තියෙන්නෙ. 30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි. ඒ නිසා සිංහල ආණ්ඩුවට සම්බන්ධ හැම දේශපාලඥයෙක්ම ඊට වගකිව යුතුයි.

කොල්වින් අර්. ද සිල්වා සහෝදරයා කිව්වා ‘එක රටයි භාෂා දෙකයි – භාෂා එකයි රටවල් දෙකයි’ ඒ මාක්ස්වාදි ව්‍යාපාරයේ පතාක යෝධයෙක් කෝල්වින් ආර්. ද සිල්වා කියපු දේ. අපි ආයෙත් මතක් කරනනෙ ‘මේ රට ආයෙත් යුද්ධයක් කරා ගෙනියන්න දෙන්න එපා’. අවි ආයුධ තිබුණ කියල යුද්ධයක් දිනන්න හිතන්න එපා. යුද්ධයක් දිනන්න පුළුවන්, සාමය ගේන්න පුලූවන් මිනිස්සුන්ගෙ හදවත් ඇතුළෙන්. ඒ හදවත් ඇතුළෙන් සාමය ගොඩනගන්න. කලාකරුවෙක් වශයෙන් මගේ ඉල්ලීම එකයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *