පැසිස්ට් අවතාර නැවත හිස එසවීමේ අභියෝගයක් රට හමුවේ තියෙනවා ; පුරවැසි සංවිධාන නැවත බලගැන්විය යුතුයි – වමේ කේන්ද්‍රයේ – චමීර පෙරේරා

පැසිස්ට්වාදී බලවේග නැවත හිස ඔසවන සමයක පුරවැසි සංවිධාන නැවත බලගන්වීම පිණිස සංවිධානය වූ ‘මහජන සභාව’ සංවිධානය කළ මංගල හමුව, ‘ප්‍රජාතන්ත්‍රවාදයට පසු පැසිස්ට් අවතාර හොල්මන් කරන සමයක පුරවැසි වගකීම ජාතික දේශපාලන අවියක්’ යන මැයෙන් ඊයේ 22 වන ඉරිදා කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී සාර්ථක අන්දමින් පැවැත්විණි. එහි දී වමේ කේන්ද්‍රය නියෝජනය කරමින් කතා කළ එහි සම කැඳවුම්කරු චමීර පෙරේරාගේ කතාව.( මේ මහජන සභාවේ කතාවක් මාධ්‍යයක මගින් පළවන ප්‍රථම අවස්ථාවයි.)

අපට අවශ්‍යවුණේ මහජන සභාවක් ගොඩනැගීම. දිගින් දිගටම මතුවුණු කාරණයක් තමයි, මෙහිදීත් ඒ අදහස මතුවුණා ආචාර්ය කුමුදු සහෝදරයා ඒ අදහස මතු කළා 2015 පරිවර්තනයෙන් පස්සෙ ඇතිකරපු වෙනස හා ඒ ආණ්ඩුව පිළිබඳ සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන තමන්ගේ දේශපාලනය අත්හැරීම පිළිබඳ විවේචනය හැමතැනක දී ම මතුවුණා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වය කීප දෙනෙක් අතට පත් කරමින්, එය ඔවුන්ගේ කාර්යක් බවට පත් කළ බවට චෝදනා මතු වුණා. ඒ විවේචනය අපේ දිස්ත්‍රික් ක්‍රියාකාරි සහෝදරවරුන්ටත් තිබුණා. දිගින් දිගටම ඒ විවේචනය මතුකළා. මේක පුරවැසි ක්‍රියාකාරිත්වයක් ද? කියන කාරණය මතුවුණා.

ජනවාරි 8 පරිවර්තනය අපි බොහොම පැහැදිලිවම දන්නවා  කොළඹ කේන්ද්‍රිය අද ප්‍රභූ තලය නියෝජනය කරන  පුද්ගලයන්ට ඒ අවශ්‍ය කරන වේදිකාවල් හැදුවේ අම්පාර, බදුල්ල, මොණරාගල, පානම වගේ ප්‍රදේශයන්වල ගොඩනගපු ව්‍යාපාරවල බිම්මට්ටමේ  ක්‍රියාකාරිත්වයයි. අද මේ සංවිධානය වෙලා තියෙන අපේ සංවිධානය අය එදා ඒ සඳහා බරපතල කැපවීමක් කළා.

ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ ඒ ප්‍රදේශවලට යන්න. ජනවාරි 8න් පස්සේ ඒ අයත් සමඟ තියන සම්බන්ධය පිළිබඳ පරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ අයත් එක්ක තිබුණු සම්බන්ධය මොකක්ද? ඒ අයත් එක්ක කරපු සාකච්ඡාව මොකක්ද? ඒ නිසා තමයි මේ විවේචනය දිගින් දිගටම මතු වුණේ.

ඒ නිසාම තමයි ජනවාරි 8න් පස්සෙ පුරවැසි ක්‍රියාකාරිත්වය බරපතල විදිහට දුර්වල වුණේ. දිගින් දිගටම අපි මේ පිළිබඳව පැහැදිලි කළා. 2016දී අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. සමහර න්‍යායපත්‍රයන් පිළිබඳ අපේ විවේචනය ගෙනාවා. නවලිබරල්වාදි සැලැස්ම ගැන අපේ විවේචන ගෙනාවා. අප කිව්වා විවේචනයක් අවශ්‍යයි කියල. නවලිබරල්වාදය ගැන විවේචනයක් අවශ්‍යයි. හැබැයි අපේ සංවිධානවල ප්‍රභූ ක්‍රියාකාරිකයන්, ජනවාරි 8න් පස්සෙ සමහර අය  ඒ අය ආණ්ඩුවෙ කොටස් කරුවන් වුණා. ඒ හින්දා ඒ අයට නවලිබරල් වාදය ගැන විවේචනයක් අවශ්‍ය වුණේ නෑ. ඔවුන්ට අවශ්‍ය වුණේ රාජපක්ෂවරුන් පරාජය කිරීම පමණයි. අපි සියලු දෙනාටත් අවශ්‍ය වුණා රාජපක්ෂ පාලනතන්ත්‍රය පරාජය කරන්න. ඒ රාජපක්ෂ පාලන තන්ත්‍රය පරාජය කිරීම ප්‍රමුඛව තිබුණා. නවලිබරල්වාදය පිළිබඳ විවේචනයක් තිබුණා. සමහර අය කියනවා නෑ කියලා. නෑ නෙමේ විවේචනයක් තිබුණා. සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කළේ ඒ නිසා. නව ලිබරල් වාදි සැලැස්ම, මේවා හුදෙක් යුරෝපය කේන්ද්‍රකරගත්ත ඒවා.

රාජපක්ෂ පාලනතන්ත්‍රය චීන ස්වරූපයෙන් නවලිබරල්වාදි සැලස්මකට අනුව කටයුතු කරන්නේ.   ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කෙරුවා. මහජන ක්‍රියාකාරිත්වය සමතලා කෙරුවා.  ඒ නිසා තමයි අපි දකින්නෙ කොහොමද චීනයත් එක්ක කටයුතු කළේ කියන එක. චීනයත් එක්ක නව සර්වාධිපති  නවලිබරල්වාදී සැලැස්ම කොහොමද මහින්ද රාජපක්ෂ පාලනය ක්‍රියාත්මක කළේ කියන එක. ඒක තමයි අපි දකින, ඒ වංචාව පිළිබඳව ඒ වරදාන පිළිබඳව, කප්පම් ලබාදීම පිලිබඳව. මහින්ද රාජපක්ෂවාදි නව ලිබරල්වාදය කොතරම් දුරට ක්‍රියාත්මක කළා ද කියනඑක.

මේ ප්‍රජාතන්ත්‍ර වාදය විනාශ කිරීමට සූදානම් වන එක් උදාහරණයක් තමයි අපි ඊයෙ පෙරේදා දැක්කෙ. බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන්ට පවා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතාකරන්න බොහොම බය නැතුව කෝටි දෙක තුනක් වියදම් කරමින්. කම්පම් ලබාදීම කොතරම් ක්‍රියාත්මක කළා ද කියනව නම් , මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම ගැන එක් උදාහරණයක් තමයි අපි ඊයෙ පෙරේදා දැක්කේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ මන්ත්‍රිවරුන්ව පවා රාජපක්ෂ බොහොම බය නැතුව කෝටි දෙක තුනක් වියදම් කරමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් තමන් වෙනුවෙන් කතා කරන්න ඔහුට වියදම් කරන්නෙ අපේ මුදලින්.මේක තමයි අපි දැක්ක නවලිබරල්වාදයේ අද ක්‍රියාත්මක කරන විදිය. එම මුදල් වියදම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය පවා දුර්වල කරමින් නවලිබරල් වාදයකට යන විදිහ.

මේ විනාශය පිළිබඳ යම්  විවේචනයක් රාජපක්ෂ පාලන ක්‍රමය වෙනස් කිරීමේ දි තිබුණා. ඔහුගේ ආර්ථික කටයුතු පිළිබඳ විවේචනයක් තිබුණා. ඔහු ආර්ථිකය හැසිරීම පිළිබඳව, පරිසර සාධක නොසලකා හැරීම පිළිබඳව බරපතල විවේචනයක් තිබුණා. හැබැයි, ජනවාරි 8 පරිවර්තනයෙන් පස්සෙ අපි දැක්කේ ඒක ඉදිරියට ගිය බවක්. වමේ කෙන්ද්‍රය විදිහට අපි ඒක මතු කළා. ඇහුම්කන් දුන්න බවක් අපි දැක්කෙ නැහැ. ඒ වෙනුවට දිගින්දිගටම ආණ්ඩුවත් එක්ක කිසිදු ආකාරයක විවේචනයක් නැතුව, විරෝධයක් නොදක්වා ඒවා පිළිගන්නා තැනකට පත්වුණා. ඒ නිසා තමයි පරාජය කරපු පැසිස්ට් අවතාර නැවත අප අතරට ඇවිත් තියයෙන්නෙ. අපි හමුවේ අභියෝගයක් තියෙන්නෙ ඒ නිසා.  එක අතකින් චීන ස්වරූපයෙන් එන සර්වාධිපති බලවේගවලට විරුද්ධ වෙනවා වගේම නව ලිබරල්වාදි සැලස්මවල් වලට විරුද්ධ වෙන එක. අපි මහජන සභාවක් කැඳවන්න අපි යෝජනා කළේ ඒ නිසා. එක පැත්තකින් වාම ජනප්‍රියවාදයත්, අනික්පැත්තෙන් අති දක්ෂිණාංශක ජනප්‍රියවාදී ස්වරූපයෙන් පැසිස්ට්වාදයත් නැගී සිටිනවා.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි න්‍යායාචාර්යවරුන් පවා අද ඔවුන්ව විවේචනය කරනවා. මහින්ද රාජපක්ෂගෙ පාලන තන්ත්‍රයට අවවාද සපයපු දයාන් ජයතිලක වැන්නන් පවා අද කියනවා මේ අද ගමන් කරන්න හදන්නේ අති දක්ෂිණ අන්තවාදයකට, වර්ගවාදයකට කියලා. අපි දැක්කා. අපි 2013 ඉඳලා අපි දැක්කා. අපි වාම වාදීන් හැටියට අපි මැදිහත් වුණා. කටයුතු කළා. කටයුතු කරද්දි අපි දැක්කා රාජපක්ෂ පාලනයේ ක්‍රියාකාරි භූමිකාවක් ඉටු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ. අපි දැක්ක සමහර වාමාංශික නායකයන් තමන් ළඟට ගෙන්නලා ඒ අයට කියනවා බලය බෙදීම ගැන කතා කරන්න එපා කියල.

අපි දැක්කා මහින්ද රාජපක්ෂ පාල‍නයේ යටත් නොවන පුද්ගලයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරපු ආකාරය. සර්වාධිපති පාලන තන්ත්‍රයක් ති‍බ්බෙ මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය යටතේ. අපිට යම් අදහසක් ගන්න පුළුවන් ගෝඨාභය එක්ක එන සරත් වීර‍සේකර වගේ අය දැක්කාම. බලයක් නැතුවත් බය නැතුව කියනවා අපිට අවස්ථාවක් ලැබුණොත්, අපේ ආණ්ඩුවක් යටතේ දේශද්‍රෝහින්ව එල්ලා මරණවා කියල. මුලින්ම කිව්වා දේශද්‍රෝහීන්ට මරණීය දණ්ඩනය දෙනවා. මේක තමයි රාජපක්ෂ කඳවුර නැවත බලය ලබාගත්තොත් අපට අත් වෙන්න තිබෙන ඉරණම. ගෝඨාභය රාජපක්ෂ නතර වෙලා වෙන රාජපක්ෂ කෙනෙක් ආවත්, චමල් රාජපක්ෂ ආවත්, එයත් නැතුව තවත් රාජපක්ෂ කෙනෙක් ආවත් ගමන් ක‍රන්නෙ එකම පීල්ලෙ. ගමන් කරන්නෙ සර්වාධිපති පීල්ලේ. ක්‍රියාත්මක වෙන්නෙ චීනෙත් හවුල් කරගත්ත සර්වාධිපති වැඩපිළිවෙලක්. ගෝඨාභය රාජපක්ෂගෙ වියත් මගේ කතාකරන වෘත්තීය වෙදීන් නොකිය කියන්නේ සර්වාධිපති ස්වරූපයෙන් ගෙන යන චීන මෝඩලයක් ඇති වෙන බවයි.

ඒ නිසා අපි වමේ කේන්ද්‍රය විදිහටත් මේ ‘මහජන සභාව’ විදිහටත් අපි සූදානම් වෙන ඕනෑ. අපිට මධ්‍යස්ථව වැඩ කරන මහජන න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. එය දක්ෂිණාංශික නොවන, ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් විය යුතුයි.  මේ මහජන සභාව බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් මට්ටමින් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. නැවත මහජන ක්‍රියාකාරිත්වයක් ගොඩනැගිය යුතුයි. ඒ සඳහා එක්සත්විය යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *