මැලේසියාවේ සිටි අහිංසක කේ පී කුදලාගෙන විත් රජය ලෝක අපරාධයක් කරලා !

මැලේසියාවේ කුවාලාලම්පුර් නුවර හෝටලයකට වී අහිංසක නිදහස් ජීවිතයක් ගත කළ කුමාරන් පත්මනාදන් නමැති අහිංසකයා කුදලාගෙන ගුවන් මගින් පැහැරගෙන ඒමෙන් ශ්‍රී ලංකා රජය ලෝක අපරාධයක් සිදුකොට ඇති බව ඇතැම් නීතිවේදීහු පෙන්වා දෙති . ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ කේ පී කිසිදු අපරාධයකට සම්බන්ධ නැති අහිංසකයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට පසුගියදා දැනුම්දීමෙන් පසුවය .

2009 අගෝස්තු 05 දා කේ පී මැලේසියාවේදී පැහැරගෙන මෙරටට ගෙන ආවේ ප්‍රභාකරන්ගෙන් පසු එල් ටී ටී ඊ නායකයා බවත්, ජාත්‍යන්තර අවි ජාවාරම් කරවකු බවත් , ත්‍රස්තවාදීන්ට අවි සැපයු බවත්, ආදී මෙකී නොකී දහසක් චෝදනා යටතේය .ඔහු ජාත්‍යන්තර පොලීසියට අවශ්‍ය රතු නිවේදන ලැබුවෙකු බවද කියවිණි .

එතැන් සිට ශ්‍රී ලංකා රජයේ ආගන්තුක සත්කාර යටතේ නවතාගෙන සිටින අහිංසක කේපී අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරි පත් කරන්නයි ජවිපෙ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබිණි . එයට උත්තර බදිමින් නීතිපතිවරයා කියා ඇත්තේ කේපීට නඩු පැවරීමට ඔහු කිසිම අපරාධයක් සිදුකොට නැති බවයි . අහිංසක කේපී කුදලාගෙන විත් රජය කර ඇති අපරාධය හෙළිදරවු වන්නේ නීතිපතිවරයාගේ ඉහත කී ප්‍රකාශයත් සමගය .

මෙම සිදුවීම නිසා කේපීගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවද නීතිවේදීහු පෙන්වා දෙති . එයට සුදුසු වන්දියක් ගෙවා ඔහු මැලේසියාවට ගිහින් ඇරලවිය යුතු බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති .

අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *