විරුද්ධ වූ නිලධාරියාගේ වැඩ තහනම් කොට ලංවිමය ඇඹිලිපිටිය බලාගාරයට කෝටි 84 ක් ගෙවයි

ඇඹිලිපිටිය එස් පවර් සමාගමෙන් විදුලිය මිලට ගැනීම හිති විරෝධී බැවින් එයට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ නිලධාරියාගේ වැඩ තහනම් කළ ලංවිම පාලනාධිකාරිය විශේෂ අවසරයක් ලබාගෙන කොටි 84ක මුදලක් අදාල සමාගමට ගෙවා ඇත .

එස් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් එම ආයතනයට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 84 ක මුදල ගෙවීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලංවිම පාලනාධිකාරිය විශේෂ අවසරයක් ලබා දී තිබේ.ඒ අනුව එම රුපියල් කෝටි 84 ක මුදල එස් – ඇඹ්ලිපිටිය ආයතනයට පසුගිය 17ද  ගෙවූ බව ලංවිම පාලනාධිකාරිය ප්‍රකාශ කොට ඇත .ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් දින 22ක කාලයකදී විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 84 ක මුදලක් එම ආයතනයට ගෙවීමට තිබූ අතර ඊට ගෙවීම ලංවිම නියෝජ්‍ය සමාන්‍යධිකාරී සුජීව අබේවික්‍රම මහතා ප්‍රතික්ෂේප කළ අතර පසුව ලංවිම පාලනාධිකාරිය ඔහුගේ සේවය අත්හිටුවා තිබුණි.මේ අතර එස් පවර් ආයතනයට මුදල් ගෙවීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන්නැයි ලංවිම සාමාන්‍යාධිකාරී ඒ.කේ. සමරසිංහ මහතා විදුලිබල හා  පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.

එම ලිඛීත ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ඒ සඳහා විශේෂ අවසරය ලබා දී ඇත.

මෙලෙස මෙම ගෙවීම සදහා විශේෂ අවසරයක් ලබාගැනීම මගින්ම එහි නීතිමය ගැටළුවක් ඇති බව ලංවිම පාලනාධිකාරිය පිළිගෙන ඇත . ඒ අනුව එම ගෙවීම ප්‍රතික්ෂේප කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීම නීති විරෝධී වෙයි .

ලංවිම පාලනාධිකාරිය මෙම බලාගාරයෙන් විදුලිය මිලට ගැනීමට ගිවිසුම් අත්සන් කොට ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියකින් තොරවය . ලංවිම පාලනාධිකාරිය කියන්නේ කැබිනට් අනුමැතියකින් එය සිදුකල බවයි .

කෙසේ වෙතත් නීතිපතිවරයාගේ මතය වී ඇත්තේ වෙනත් ආයතනයකට පවරා දී ඇති බලයක් ලංවිමයට පවරාගැනීම කැබිනට් අනුමැතියකින් කළ නොහැකි බවයි .මහජන උපයෝගිතා කොමිසම මෙම මිලදී ගැනීමට අවසර දී නැත . එබැවින් මෙම ගෙවීම කළ නිලභාරින්ට එරෙහිව පොදු දේපල පනත යටතේ පියවර ගත හැකිවන බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *