පිටතින් වැඩි මිලට විදුලිය ගන්න කුඩා ජලවිදුලි ව්‍යාපෘති සීයක් නවත්තලා !

ඇඹිලිපිටිය එස් පවර් සමාගමෙන් ඩීසල් විදුලිය වැඩි මිලට ලබා ගන්න කටයුතු කළ නිලධාරින් මෙගාවෝට් 200 කට වැඩි විදුලියක් නිපදවිය හැකි කුඩා බලාගාර ව්‍යපෘති සියයකට වැඩි ගණනක කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවසර නොදී වසර තුනක් තිස්සේ නවතාගෙන සිටින බව හෙළිදරව් වෙයි.

මෙම ජල විදුලි බලා‍ගාර ඉදිකිරීමට මීට පෙර කිසිදු ප්‍රශ්නයකින් තොරව අවසර දී තිබුණද ලංවිම යේ එම කටයුතු කරන අංශයේ ඉහළ තනතුරකට පත් වූ නිලධාරියකු විසින් එම කටයුතු හදිසියේ නතර කොට ඇත්තේ නීතිමය කරුණක් පෙන්නුම් කරමිනි. කෙසේ වෙතත් එම නීති ප්‍රශ්නයද නිවැරදි කොට නොගෙන මේ දක්වාම එම ව්‍යාපෘතිවලට අවසර නොදී සිටින අතර පිටතින් වැඩිමලට ඩීසල් විදුලිය ලබා ගැනීමට කිසිදු ලෝභ කමකින් තොරව කටයුතු කරන බව කියති.

කුඩා ජල විදුලි බලාගාරවලට අවසර දීමේදී නීතිය හරියට බලන නිලධාරීන් වෙනත් විදුලිය මිලදී ගැනීම් වලදී  එහි බලය හිමි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය නොගෙන නීතියට පිටින් කටයුතු කරන බවට චෝදනා නැගී ඇත.

මේ වන විට අධිකරණය හමුවේ ඇති කෙරවලපිටිය‍‍‍‍‍‍ ස්වභාවික වායු බලාගාරය පිළිබඳ නඩුවේදී නීතිපතිවරයා කරුණු දක්වා ඇත්තේ එම විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන තීන්දු ගත යුත්තේ මහජන උපයෝගිතා කොමිසන් සභාව බවයි.

මෙම නීතිමය කරුණු පෙන්වාදුන් ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ වැඩ තහනම් කිරීමට ද ලංවිම පාලනාධිකාරය කටයුතු කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *