සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් මාස දෙකට ඇ.ඩො බිලියන 16ක ආයෝජන ඇවිත්

ජාත්‍යන්තර වෙළඳාමට හා විදේශ ආයෝජනවලට විවෘත නොවී ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීමට කිසිදු රටකට හැකියාවක් නොමැති බවත්, ගෝලීය වෙළෙඳපොළ හා තරඟකැර රට සංවර්ධනය කිරීම සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ මූලික පරමාර්ථය බවත්, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන සංවර්ධනයේ පෙරමඟ සලකුණු දැනටමත් රටට ලැබී ඇති බව පැවසූ ඇමැතිවරයා පසුගිය මාස දෙෙක්දී අමෙරිකන් ඩොලර් බිලියන 16කට වැඩි ආයෝජන ලැබී ඇති බවද පැවසීය. මෙම ආයෝජනයන්ට අමතරව තෙල් පිරිපහදුවක්, වානේ නිපදවන කර්මාන්ත ශාලාවක්, තිරිඟුපිටි කර්මාන්ත ශාලාවක් හා සීනි පිරිපහදුවක් වැනි මහා පරිමාණ ආයෝජන රැසක් මේ වන විට ලැබී ඇති බවද ඇමැතිවරයා පැහැදිලි කෙළේය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය. ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාවට කරුණු ‍දැක්වූ මලික් සමරවික්‍රම ඇමැතිවරයා මෙසේද පැවසීය.

ස්වර්ණා විජේකෝන් , රෝෂන් තුෂාර , චමීර ඇල්ලදෙණිය

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *