බැසිල්ට සිය රට යන්න අධිකරණයෙන් අවසර

ඇමෙරිකානු පුරවැසියකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා එරටට යාමට  කොළඹ මහාධිකරණය ඊයේ (16) අවසර ලබා දුන්නේය .පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වී ඇත .

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ ඊයේ  කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දා දක්වා වන කාලසීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවසර ලබා දී ඇත .

දැනට අධිකරණ භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කරන ලදි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *