සමාජ විරෝධීන්ට ඇමතිකම් දී යහපාලනය ගේන්න පුලූවන්ද? – සමන් රත්නප‍්‍රිය – සම කැඳවුම්කරු – පුරවැසි බලය

saman rathnapriyaඉතිහාසයේ සමාජ විරෝධි වැඩ කරපු අය, දැන් යහපාළන ආණ්ඩුවෙ ඇමතිකම්වලට පොරකනව. ඉතාම පැහැදිළිවම,  ඒ ගොල්ල ඇමතිකම් ගන්න පොරකන්නෙ තමන්ගෙ ලිපිගොනු වහගන්න, හොරකම් වහගන්න, මැරකම් වහගන්න, ඝාතනවලට සම්බන්ධ වෙච්ච ඒව වහගන්න, සමාජ විරෝධි ව්‍යාපාරවල යෙදුන ඒවා  වහගන්න, මේ තත්ත්වය තුළ මේ ආණ්ඩුවට යහපාළනය ගේන්න පුලූවන්ද කියන එක අපිට ප‍්‍රශ්නයක්.

පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා එසේ ප‍්‍රකාශ කලේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති පුරවැසි බලය විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්වය අලූත් අත්දැකීමක්. ඉතිහාසය තුළ ජාතික ආණ්ඩු කියන එක, අත්දැකීමක් විදිහට  අපිට නැහැ. අනික් අතට මේ පවතින දේශපාලන සන්ධර්භය හා පවතින දේශපාලන වටපිටාව ඇතුළෙ එක`ග විය නොහැකි කාරණා රාශියක් සිදුවෙමින් තියෙනව. සමහර කාරණා එක`ග විය හැකි කාරණා. සමහර කාරණා එක`ග විය නොහැකි කාරණා.

ජාතික ලැයිස්තුවට මන්ත‍්‍රීවරුන් පත්කිරීම කියන කාරණේ ඉඳලා මේ දක්වා සිද්ධ වෙච්ච සමහර කාරණා පිළිබඳව බරපතල ප‍්‍රශ්න මේ රටේ ජන සමාජයට වගේම, අපිටත් ඇතිවෙලා තියෙනව. ජාතික ලැයිස්තුවට පැරදුණු අපේක්‍ෂකයෝ 11 දෙනෙක් පත් කළා. ජනතා විමුක්ති පෙරමුණ පළවෙනි අවස්ථාවෙම සම්මත ප‍්‍රතිපත්තිය කැඩුවා. ඊළ`ගට එක්සත් ජනතා නිදහස් සංධානය 7 කෙනෙක් පත්කල ඒ ප‍්‍රතිපත්තිය කැඩුවා. ටී.එන්.ඒ. එක දෙන්නෙක් පත්කල ඒ ප‍්‍රතිපත්තිය කැඩුවා. ඊළ`ගට රිෂාඞ් බද්දියුදීන් මහත්තයගෙ පක්‍ෂය එක් කෙනෙක් පත්කරල ඒ ප‍්‍රතිපත්තිය කැඩුව. ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් එම අවස්ථාව දෙවන වතාවටත් කැඩෙන්න යනවා කියල වාර්තා වෙනවා. ඒ අයගෙ පැත්තෙන් මේ ගැන කියන්න බොහෝ කාරණා තියෙනව. නමුත් අපේ පැත්තෙන් තියෙන්නෙ මෙය සමාජයට, දේශපාලනයට හොඳ කාරණයක් නෙමෙයි කියන එක.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පැත්තෙන් හා ජනාධිපතිවරයාගේ පැත්තෙන්,  සාධනීය කරුණු තියෙන්න පුලූවන් ඔහුගේ කණ්ඩායම සැලසුම් සහගතව පරාජය කිරීම, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අකර්මණ්‍ය කරලා ශ‍්‍රී ලංකා නිදහස් සන්ධානයේ සුලූ පක්‍ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යට කර ගැනීම, ඒ හරහා ජාති වාදී හා ආගම්වාදී බලවේග ඒ පක්‍ෂය ඇතුලෙ ඉස්මතුවීම, කියන කාරණා ඔහුට තියෙන්න පුලූවන්. ඒ කාරණා ගැන අපිත් සද්භාවයෙන් බලනව. හැබැයි එහෙම වුණා කියල, පහුගිය අවුරුද 10 ඇතුළත හොරකම් කරපු, මැරකම් කරපු, තක්කඩිකම් කරපු එවුන් ජාතික ලැයිස්තුව කියන කාරණාව ඇතුළෙ ඇතුළට ගැනීම ගැන අපිට කිසිසේත්ම එක`ග වෙන්න බෑ. හොඳ මිනිහෙක් දෙන්නෙක් ආව නම් අපිට ලොකු ප‍්‍රශ්නයක් නැහැ. තක්කඩිකම් කරපු අය, සමාජය විසින් ප‍්‍රතික්‍ෂේප කරපු අය ගැන අපේ බරපතල විරෝදයක් තියෙනව. අපි ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව වර්තමානයේ සහ අනාගතයේදිත් දැඩි විමර්ශනයක යෙදෙන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම එම ක‍්‍රියාවලිය අඛණ්ඩවම නිරීක්‍ෂණය කරල, ඒ ගැන සමාජයට හෙළිදරව් කරන්නත් බලාපොරොත්තු වෙනව. වේදිකාවල අපි කියපු දේවල්, ජනතාවට දීපු පොරොන්දු, අපි ඉෂ්ට කළ යුතුයි. පුරවැසි වගකීම අපි ඉෂ්ට කළ යුතුයි.
ජාතික ආණ්ඩවක් කියල කියන්නෙ, නිශ්චිත කාලයක් ප‍්‍රකාශයට පත්කර, නිශ්චිත වැඩපිළිවෙලකට, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂ ආණ්ඩුවකට එකතුවිම. කාලය ප‍්‍රකාශයට පත්වෙලා තියෙනව, වැඩපිළිවෙල හරියට ප‍්‍රකාශයට පත්වෙලා නැහැ. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල එක`ගතාවයක් නෑ. හැබැයි යහපාලනයක් සඳහා එක්සත් ජාතික පෙරමුණ පැත්තෙන් තියෙන කාරණා කිහිපයක් ඒගොල්ල කියනව, ඒ අයගෙ මැතිවරණ ප‍්‍රකාශණය තුළත් මේක තිබුණ. වේදිකාවලත් මේක කිව්ව. රට අවුරුදු 50 ක් ආපස්සට ගියා, ආපස්සට ගියපු එක වියසනයක්. ඒක ආපස්සට හරවන්න නම් දේශපාලන එක`ගතාවයක් අවශ්‍යයි.
ඒ අර්ථයෙන් වර්ථමාන අගමැතිවරයා විවෘතව ආරාධනා කෙරුවම, ජනතා විමුක්ති පෙරමුණ සහ ටී. එන්. ඒ. එක ප‍්‍රතික්‍ෂේප කෙරුවා. අපි විපක්‍ෂයෙ ඉන්න ලෑස්තියි. හොඳ දේවල්වලට අත ඔසවන්නම්, නරක දෙවල් වලට විරුද්ධ වෙන්නම් කියල.

ජාතික ආණ්ඩු කියන සංකල්පය මේකෙ කෙරන්නෙ නැහැ. ඒ වෙනුවට පක්‍ෂ දෙකක ආණ්ඩුවක් තමයි දැන් හැදෙමින් තියෙන්නෙ. පක්‍ෂ දෙකක ආණ්ඩුවකට එකතුවෙනකොට, ‘තනි ආණ්ඩුවක්මයි හදන්නෙ’ කියල මොරදීපු, ගෝරනාඩු දීපු එක්සත් ජනතා නිදහස් සන්ධානෙ අය හැරෙණ තැපෑලෙන් ඇවිල්ලා ඇමතිකම් ඉල්ලන්න පටන් ගත්ත එක අපි දැක්ක. වඩා හොඳ ඇමතිකම් ඉල්ලූව. කේවල් කෙරුව. ප‍්‍රවාහන ඇමතිකම  ඕන කියල කිව්ව. සෞඛ්‍ය ඇමතිකම  ඕන කියල කිව්ව, ඊළ`ගට මුදල් ඇමතිකමත්  ඕන කියල කිව්ව. උප අග‍්‍රාමාත්‍යධුරයක් හදන්න  ඕන කියල කිව්ව. ඒක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට  ඕන කියල කිව්ව. මේ එක්සත් ජනතා සන්ධානෙ තනි ආණ්ඩුවක් හදන්න  ඕන කිව්ව අය තමයි මැතිවරණය ඉවරවුණ ගමන් එහෙම කියන්න පටන් ගත්තෙ. දැන් ඇමතිකම්වලට පොරකනව. මේ පොරකන අය ඉතාම පැහැදිළිවම ඉතිහාසයේ සමාජ විරෝධි වැඩ කරපු අය. ඒ ගොල්ල පොරකන්නෙ තමන්ගෙ ලිපිගොනු වහගන්න, හොරකම් වහගන්න, මැරකම් වහගන්න, ඝාතනවලට සම්බන්ධ වෙච්ච ඒව වහගන්න, සමාජ විරෝධි ව්‍යාපාරවල යෙදුන අය ඒවා  වහගන්න, තනතුරු ගනිමින් සහ තනතුරුවලට පොරකමින් ඉන්නව. මේ තත්ත්වය තුළ මේ ආණ්ඩුවට යහපාළනය ගේන්න පුලූවන්දකියන එක අපිට ප‍්‍රශ්නයක්, සැකයක් ඇති වෙනව. ජනතාවටත් එහෙම ඇති වෙන්න පුලූවන්.

අපි ඉල්ලපු ජනාධිපති ක‍්‍රමය අහොසි කිරීම, පනත් ටික ගේන එක, මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන එක, ඒ සියලූ දේවල් කරව ගන්න සිද්ධ වෙන්නෙ මේ 225 න් ම යි. පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු 225 න් 190 කටත් වඩා මේකෙ ඉන්නව.  එහෙම බලනකොට මේ ආණ්ඩුව ලොකුවට අලූත් වෙලා නෑ. ආසන්න වශයෙන් 30 ක් විතර තමයි අලූතෙන් ඇවිල්ලා තියෙන්නෙ. එතකොට ඒ අය බහුතරය නෙමේ. මේ කණ්ඩායමෙන්ම තමයි මේ වැඬේ කරගන්න වෙන්නේ. එම් අනුව වැදගත් වෙන්නේ පුරවැසි මැදිහත් වීම. පුර වැසි මැදිහත්වීමක් නැතිව මේ වැඬේ කරන්න බෑ. අඛණ්ඩ පුරවැසි මැදිහත් වීමක් අවශ්‍යයි මේ අය කරන්නෙ මොනවද කියල බලන්න. වැරදි දේවල් කරන අයට විරුද්ධව අරගල කරන්න, අපි ඉල්ලපු දේවල් කරවා ගැනීම සඳහා මේ අය නියම පාරේ අරගෙන යන්න. ඒක කරන්න අත්‍යාවශයයි. අපි ඒක ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනව.

ජාතික ආණ්ඩව විසින් කළයුතු නිශ්චිත කාරණා වහාම ජනාධිපතිවරයා විසින් රටට හෙළිදරව් කළයුතුයි කියල අපි යෝජනා කරනව. ඒක අත්‍යාවශ්‍ය කාරණයක්. ආණ්ඩුවක් හදනවනම් මේව තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියල අගමැතිවරයා දිවුරුම් දුන්න දවසෙ ඒ ගොල්ල ගිවිසුමක් අත්සන් කෙරුවා, එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් කබිර් හසීම් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් දුමින්ද දිසානායක. ඒ ගිවිසුමේ සමහර ඒවා අපිට ප‍්‍රශ්නයක්. රනිල් වික‍්‍රමසිංහ මහත්තය  සංවිධාන 110 ක් එක්ක ගිවිසුමක් අත්සන් කළා ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු කාරණා 14 කට. ඒවා ඔහු පිළිගත්ත. 28 වෙනිදත් අපිත් එක්ක සාකච්චාවක් කෙරුවා. ඒවා ඉස්සරහට ගෙනියන බවට ඔහු අපට සපථ කෙරුවා. ඒ ගැන අපිට යම් විශ්වාසයක් තියෙනව. ඒක නිසා තමයි අපි මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම පරාජය කරන්නත්, ඔවුන් බලයට පත්කරන්නත් වැඩ කෙරුවෙ.

නමුත් එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර  අත්සන් කරපු ගිවිසුමේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනව කියල නැහැ. ඒ දෙකේ පරස්පරයක් තියෙනව. යහපාලනයක් සඳහා ජාතික පෙරමුණ ක‍්‍රියාත්මක කරන්නෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ක අත්සන් කරපු ගිවිසුමද? පුරවැසි කණ්ඩායමත් එක්ක අත්සන් කරපු ගිවිසුමද? කියන කාරණාව පිළිබඳව අපි ප‍්‍රශ්න කරනව.

මේ පක්‍ෂ දෙක එකතුවෙලා කරන්න යන්නෙ ඒ ගොල්ල කියන විදිහෙ ජාතික ආණ්ඩුවක් නම්, ඒකෙ අදාළ වර්ෂ දෙක තුන කරන්නෙ මොනවද? කරුණාකරල එම න්‍යායපත‍්‍රය රටට ප‍්‍රසිද්ධ කරන්න. හිතේ තියාගෙන මේක කරන්න බැහැ. මූලික දේවල් ටිකවත් කියන්න. එම න්‍යායපත‍්‍රය රට ඉදිරියේ තැබිය යුතුමයි. නැතුව ජාතික ආණ්ඩු කරන්න බෑ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *