පොහොට්ටුව පරවෙයි ! – පොහොට්ටුව යටතේ ඉදිරි මැතිවරණ තරග නොකරයි – ඒකාබද්දයෙන් බැසිල්ට කනේ පහරක්

මින් එදිරියට කිසිදු මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව යටතේ තරග  නොකිරීමට ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ තීරණය කොට ඇති අතර ඒ සදහා එක්සත් පොදුජන පෙරමුණ නමින් නව සන්ධානයක් ගොඩ නැගීමට ද තීරණය කොට ඇත . එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම කණ්ඩායමක් ලෙස පිළිගත නොහැකි බවට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට තිබු කොන්දේසිය ඉවත දමා එම කණ්ඩායම පිළිගැනීමටද ඒකාබද්ද විපක්ෂය තීරණය කොට ඇත . එම කණ්ඩායමේ දෙදෙනකුට ඒකාබද්ද විපක්ෂයේ නායක මණ්ඩල රැස්වීමට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට ද තීන්දු කොට ඇත . ඔවුන්ට තවදුරටත් ශ්‍රී ල නි ප ය සමග කටයුතු කිරීමට ද ඉඩ දී තිබේ .

ඒකාබද්ද විපක්ෂයේ නායක මණ්ඩල රැස්වීමක් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවතී අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ .

බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබෙන දුෂණ චෝදනා බරපතළ නිසා ඔහුගේ නායකත්වයෙන් ඇති පක්ෂයකින් මැතිවරණ තරග කිරීමට ඒකාබද්ද විපක්ෂයේ ඇතැම් පක්ෂ අකමැත්තෙන් සිටි බව ද දැනගන්නට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *