මහින්දට මුදල් දුන් චීන්නු රනිල්ටත් මංගලටත් සල්ලි දෙන්න හදලා – දෙන්නම එය ප්‍රතික්ෂේප කරලා !

මහින්ද රාජපක්ෂ මහතාට මුදල් දුන් ආකාරයටම චීනය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ඇමති මංගල සමරවීර මහතාට මුදල් දීමට උත්සාහ කළ බවත් ඔවුන් ඒවා ප්‍රති‍ක්ෂේප කළ බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවකින් හෙළිදරව් කොට ඇත. මීට පෙර එම පුවත්පත පළ කළ එම ප්‍රවෘතිය මතක් කරමින් ජුලි 8 දා කතුවැකිය ලියමින් පුවත්පත කියන්නේ එවකට හිටි චීන තානාපතිවරයා වත්මන් අගමැතිවරයාට මුදල් දීමට උත්සාහ කළ බවයි. ඔබ කැමති ඕනෑම පදනමකට ආධාර කළ හැකි බව චීන තානාපතිවරයා කී විට දර්ශනවාදී ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා තමන්ට අයිති කිසිදු පදනමක් නැති බවත් බෞද්ධයකු වන තමන් මතු පැවතීම සඳහා කුසල් පමණක් රැස්කරන බවත් ප්‍රකාශ කොට ඇත. තනාපතිවරයාට කැමතිනම් මුදල් අවශ්‍ය ඕනෑම පන්සලකට මුදල් දුන්නාට වරදක් නැති බව අගමැති ප්‍රකාශ කළ බව එහි සඳහන්ය.

මංගල සමරවීර මහතාගේ නම සඳහන් කර නැති පුවත්පත කියා ඇත්තේ එවකට සිටි විදේශ කටයුතු අමැතිවරයාට මුදල් දීමට උත්සාහ කළ බව හා ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි. මෙම සිදුවීම සිදු වී ඇත්තේ හම්බන්තොට වරාය හා කොළඹ ‍ෆෝට්සිටි ව්‍යාපෘතිය නවතා ඒවා ගැන චීනය සමඟ නැවත සාකච්ඡා කරමින් සිටි අවධියේ බව පුවත්පත කියයි. එවිට අගමති රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ ඇමති මංගල සමරවීර  මහතාය. චීනය සමඟ ඉහත ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම්වලට එළඹීමේ දී මේ දෙදෙනාටම විශාල වගකීමක් පැවරී තිබිණි.

එම අවස්ථාවේම සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙම පුවත පළ කළ නමුත් තානාපති වරප්‍රසාද නිසා ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයක් සිදු නොවූ බව ද කිසිවෙකු එම පුවත ප්‍රතික්ෂේප නොකළ බව ද පුවත්පත කියයි.

පුවත්පත කියන්නේ මෙය පැහැදිලි ලෙසම අල්ලස් දීමේ උත්සාහයක් බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ මංගල සමරවීර ඇමතිවරයා මේ සිදුවීම ගැන කිසිවක් ප්‍රකාශ කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *