එකා මෙන් සමගියෙන් ඉන්න ලංකාව ආදරණීය මිනිසුන් වෙසෙන ලස්සන රටක්

පසුගිය 6,7.8 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගන දෙකම යොදා ගනිමින් පැවැත් වූයේ මේ දිනවල ලොව පැවැත්වෙන විශාලතම සමුලුවයි. එයට ඇමරිකාව, ඉන්දනීසියාව, කොංගෝව, ඉන්දියාව ඇතුළු විවිධ රටවල් රැසකින් විදේශිකයන් 4000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් 12000ක් පමණ ජනකායක් සහභාගි වී සිටියහ. මේ අනුව දින තුනක් පුරා සමුළුවට සහභාගි වූ  සංඛ්‍යාව දිනකට 15000ක් ඉක්ම විය.

ලොවපුරා යේසුස් වහන්සේගේ ධර්මය අදහනන්වුන්, විශ්වාස කරන්නවුන් විවිධ නිකායන්හට නැත්නම් කණ්ඩායම් වශයෙන් සෑදී තිබේ. පසුගිය දින පැවැත්වූයේ යෙහොවාගේ සාක්ෂිකාරයන් ගේ ජාත්‍යන්තර සමුළුවයි. එම සමුළුව නිරීක්ෂණය කිරීමට මාධ්‍යවේදියකු සහභාගිකරවන ලෙස www.yukthiya.lk වෙත කළ විශේෂ ආරාධනාව අනුව 7. 8 යන දෙදින මම එම සමුළුවට සහභාගිමි. එය මා මගේ මාධ්‍ය ජීවිතයේ ලැබූ සුවිශේෂ අවස්ථාවක් සේ දකිමි.

සැබැවින්ම එය මනා සංවිධානයකින් හා ආගන්තුක සත්කාරයකින් යුත් සමුළුවක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔවුන් සියලුම කටයුතු ඉතාමත් පිලිවෙලට හා පිරිසිඳුව කලට වෙලාවට මෙන්ම පරිසර හිතකාමීව සංවිධානය කර තිබුණු අයුරු විශ්මය ජනකය. 15000කට අධික පිරිසක් සහභාගි වූ උත්සවයක් වුවත් එක ෂොපින් බෑගයක්, ‍පොලීතින් දවටනයක්, හිස් වතුර බෝතලයක්, කඩදාසි කැබැල්ලක් එම භූමියේ කොතැනකවත් වැටී තිබෙනු දක්නට නොලැබිනි. මට සිහියට කැඟුණේ මැයි රැළියකට හෝ දේශපාලන රැස්වීමකට පසු දක්නට ඇති පරිසරයයි. නැත්නම් එළිමහන් සංගීත ප්‍රසංගයක් හෝ මොනයම්ම සෙන්‍ඟක් එකතුවෙන තැනකුයි. එම තැන්වල එම වැඩසටහන්වලින් පසු  හිස් සිසිල් බීම හිස් බෝතල් නොව විවිධ මත්පැන් වර්ගවල හිස් බෝතල්, බියර් ටින්, ෂොපින් බෑග්, කෑම දවටන කො‍තෙකුත් දකින්නට පුළුවන. මෙම භූමියේ ඒ කිසිවක් නැත.

තවද මෙම සංවිධානයේ කිසිවෙක් මත්පැන් පානය නොකරන, හා දුම් නොබොන අය බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෙහි සහභාගි වී සිටි දහස් සංඛ්‍යාත සාමාජිකයන් අතරින් මම හතරදෙනෙක් සාකච්ඡාවට සහභාගි කර ගත්තෙමි. Arlette Lufulo and Miguel Lufulo – Democratic Republic of Gongo and Franklin Rachmawan  and Desy Rachmawan From Indonesia (Jalartha) යන අයවලුන්ය.  ඒ කොන්ගෝවෙන්  පැමිණි සිටි ලුෆුලෝ යුවල හා ඉන්දුනියාවෙන් පැමිණ සිටි ෆ්‍රැක්ලින් හා ඩේසි යුවලයි. යුක්තිය නැඟූ ප්‍රශ්න හා ඔවුන් දුන් පිළිතුරු පහත දැක්වෙන් පරිදි වේ.

www.yukthiya.lk – ඔබලා කවදාද ලංකාවට පැමිණියේ?

Arlette Lutulo and Miguel Lufulo – අපි 2 වන සඳුදායි ලංකාවට පැමිණියේ.

Franklin Rachmawan  and Desy Rachmawan – අපි දෙදෙනා පැමිණියේ 4 වන වන බදාදා.

www.yukthiya.lk – මේ ඔබලාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයද?

All  – ඔව්. මේ අපගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයයි.

www.yukthiya.lk – ඔබලා නැවතී සිටින්නේ කොහෙද?

All – අපි මීගමුව මුහුද ආශ්‍රිත හෝටලයකයි අපි නැවතී සිටි‍න්නේ. මීගමුව ලස්සන පළාතක්. වෙරළ තීරයත් ලස්සනයි. දකුණු පළාතේ මුහුදු වෙරළ මිට වැඩිය ලස්සන බව හැමෝම කියනව. ආපසු යාමට පෙර අපි එහි යන්නත් හිතාගෙන ඉන්නවා.

www.yukthiya.lk – ඔබලා ලංකාවේ විශේෂ ස්ථාන බලන්න ගියේ‍නැද්ද?

Franklin Rachmawan  and Desy Rachmawan – අපි ආවේ 4 වෙනිදා 5 වෙනිදා හුණුපිටියේ අපේ මධ්‍යස්ථානයට ගියා. හයවෙනිදා සමුළුව පටන් ගත්තා. ඒනිසා අපිට කොහෙවත් යන්න කාලය මදි වුණා.

Arlette Lutulo and Miguel Lufulo – පින්නවල ඇත්තුරු සෙවන බලන්න ගියා. අපි එදා ගොඩක් සතුටු වුණා. නුවරත් ගියා නුවර නගරයත් ඉතාම ලස්සන නගරයක්. දළදා මාලිගාව ඉතාම ප්‍රතාපවත්.

www.yukthiya.lk – ලංකාව ගැන ඔබලාට මොනවාද කියන්න තියෙන්නෙ?

All – ලංකාව හරිම ලස්සන රටක්. ඒක විස්තර කරන්න අපිට වචන නැහැ. ඒ වගේමයි එහි ජනතාවත් හරිම කරුණාවන්තයි. ආගන්තුක සත්කාරයට ඔවුන් හරිම ලැදි පිරිසක් බවයි පෙනෙන්නෙ.

www.yukthiya.lk – ඔබලා මෙහි පැමිණීමට පෙර ලංකාව ගැන ආසා තිබුණද?

All – ඔව්. පහුගිය කාලේ අපිට ලංකාව ගැන අහන්න තිබුණෙ හොඳ ආරංචි නෙමෙයි. ඒ තත්ත්වය මේ වෙනකොට තිබුණනම් මේ වගේ සමුළුවක් මෙහි පවත්වන් වෙන්නෙ නැහැ. දැන්නම් ලංකාවේ තත්ත්වය ඉතාම සාමකාමියි.

www.yukthiya.lk – ලංකා‍වේ සාමාන්‍ය ජනතාවත් එක්ක කතාකිරීමට ඔබලාට අවස්ථාවක් ලැබුණද? ‍ඔවුන්ගේ හැඟිම් මොනවගේ ද?

All –  ලංකාවේ ආර්ථික තත්ත්වය හරිම අමාරුබවයි හැමදෙනාම කියන්නේ. එක අතකින් මුදලේ අගය අඩුවෙලා. අනිත් අතින් භාණ්ඩ මිල ඉහළ ගිහින්. නමුත් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදි නිදහස උපරිමයෙන් ලැබිලා තියෙන බව කියනවා. රටේ ඕනෑම පළාතකට යන්න. ලියන්න කියන්න කතාකරන්න නිදහස ලැබීලා තියන බව කියනව. ඒක තමයි අවශ්‍ය. කොතරම් භෞතික සම්පත් ලැබුණත් වැඩක් නෑ මානව නිදහස අධ්‍යාත්මික නිදහස නැත්නම්.

ලංකාවේ ජනාධිපති ඉතාම නිහතමානි කෙනෙක් බවත්, සරල දිවි පැවැත්මක් ඇති කෙනෙක් බවත් අසන්න ලැබුණා. එය සතුටට කරුණක්. රටකට ආදර්ශයක්. ඔහු තමයි නැවේ කැප්ටන්. ඔහුට තමයි නැව සුබ දිසාවකට පැදවීමේ හැකියාව තියෙන්නේ.

ලංකාවේ අගමැති ජත්‍යන්තර කීර්තිය දිණු අයෙක්. ජාතීන් අතර ආගම් අතර සංහිඳියාවකින් කටයුතු කරන කෙනෙක් බව දැන ගැනීමෙන් සතුටටපත් වුණා. කවුරුත් මනුෂ්‍යයො විවිධ භාෂාවන් කතාකරන අය වෙන්න පුළුවන්. විවිධ ආගම් ලබ්ධිකයන් වෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ මානව නිදහස. ඒත් කවුරුත් මනුෂ්‍යයෝ.

www.yukthiya.lk – ඔබලාගේ ආගමික සමුළුව ගැන තියෙන තක්සේරුව කුමක්ද?

All – ඉතාම සාර්ථක සමුළුවක්. ඉතාම සාර්ථකව පැවැත්වුණා. විවිධ රටවල විවිධ ජාතීන් මෙතන ඉන්නවා ලංකාවේ විවිධ පළාත්වල විවිධ ජනකොටස් මෙතන ඉන්නවා. ඒත් කිසිම භේදයක් පෙන්න නෑ. හැමෝම එකා වගේ ඉන්නවා. 15000ක් සෙනඟ හිටියත් එක නරක වචනයක්වත් පාවිච්චි වෙන්නෙනෑ. හැමෝම හැමෝටම අචාරකරනවා. හැමෝම සමඟ හිනාවෙනවා. හැකිපමණින් අදහස් හුවමාරු කරගන්නවා. මේ සමුළුව ලෝකෙටම ආදර්ශයක්. ලෝකෙ හැමෝටම මේ වගේ සමගියෙන්, පරිසරය පිරිසිඳුව තබාගෙන, සහෝදරත්වයෙන් ඉන්න පුළුවන් නම් ලෝකය කොතරම් ලස්සන තැනක් කරගන්න පුළුවන් ද? මේ ආදර්ශය ලෝකයට ආශිර්වාදයක් වේවා!

www.yukthiya.lk – ඔබලා යළිත් ලංකාවට එන්න අදහසක් නැද්ද?

All (laughing) අපි වේලවක් ලැබුණ විගස ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඒක අනිවාර්යෙන්ම ඉෂ්ඨ වෙන සිහිනයක්.

www.yukthiya.lk – මොකක්ද ඔබලාට ලංකාවේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය.

All – ලංකා‍වේ ඉන්නේ ආදරණීය ජනතාවක්. ඔවුන් ආගන්තුක සත්කාරයට ලැදියි.  ලංකාව දෙවියන් දුන්න වටිනාම තෑග්ගක් වගෙයි. මේ රට තුළ කිසිම බේදයක් නැතුව හැමොම එකාමෙන් සතුටෙන් ඉන්න කියලයි ඉල්ලන්නෙ.

 

Interview By Manoj Rupasinghe                                                                                                                                         Fix by – Neel Karunarathne

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *