විජයකලා කොළඹට කැඳවයි

මහින්ද අලුත්ගෙදර

යාපනයේ පැවැති උත්සවයක් අතරතුර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹට කැඳවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි.

අගමැතිවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ද වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව අද (4) දිනයේ කොළඹ දී ඇයගෙන් කරුණු විමසීමට නියමිත බව වාර්තා වෙයි.

රාජ්‍ය ඇමැතිවරිය හමුවීමෙන් පසුව ඇය විසින් සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ජනතා සේවය වැඩසටහනේ 8 වැනි වැඩසටහන පසුගිය දා යාපනය වීරසිංහම් ශාලවේ දී පැවැති අතර එහි දී අදහස් පළකරමින් විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙවන් කරුනු විමසීම සඳහා මෙලෙස කොළඹට කැඳවා තිබේ.

මහින්ද අලුත්ගෙදර

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *