දකුණ පරළ වූ විජයකලාගේ කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මෙන්න..!

 ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් 2018-07-02 දින යාපනය වීරසිංහම් ශාලාවේදී කළ දකුණ පරළ වූ කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

‘‍‍’මෙම අවස්ථාවට ගරු ස්වදේශ කටයු පිළිබඳ ඇමති වජිර අබේවර්ධන මහතාගේ පැමිණීම යාපනේ ජනතාව වෙනුවෙන් මම ඉතා අගේකොට සළකනවා එතුමාට අපේ ගෞරවය පිරිණමනවා. මෙහි පැමිණ සිටින ගරු ඇමති වරු දෙදෙනාටම මා ඉතා සිත්වේදනාවෙන් යුතුව පවසන්නේ අප කිසිම ආධාරයක් නොලැබන තත්වයක පසුවෙන බවයි. ගැහැණියකගේ වේදනාව තවත් ගැහැණියට මිස පිරිමියෙකුට දැනෙන්නේ නෑ . වයස අවුරුදු හයක දැරියක් දූෂණයකොට මරා දමලා. කිසිම කෙනෙකුගේ පිහිටක් නැති අපේ ගැහැණ ළමුන්ට සිය දිවිනසා ගැනීමට තමයි අද සිදුව තියෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ ? කැපකිරීම් කරලා ජනාධිපති කෙනෙක් පත්කරගත්තේ මේකටද ? අපේ දැරියන්ට පාසල්ගොස් ආපසු යහතින් ගෙදර එන්න බැරි තත්වයකුයි උදාවෙලා තියෙනේ

2018 මැයි 19දාට කලින් අපේ ජනතාව ජීවත්වුනේ කොහොමද කියලා තමුන්නාන්සේලා දන්නවා. අද තත්ත්වය සළකා බලනකොට නැවත එල්ටීටීඊ එක ගෙන ආයුතු තත්වයක් තමයි තියෙන්නේ . අපේ දරුවන් කාන්තාවන් යහතින් නිවෙස්වලට ඒමට නම් ආයිත් එල්ටීටී පාලනයක් ආ යුතුයි. මේ රජය පසුගිය අවුරුදු තුනටම කර ඇත්තේ හමුදාව අත්පත්කරගෙන සිටි ඉඩම් ආපසු ජනතාවට දීම පමණයි අපි ඒගැන රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ හැර වෙනත් යමක් කරලා නෑ.

උතුරේ සංවර්ධන කටයුතු සිදුකළ බවට ආණ්ඩුව කියන කථාව බොරුවක්. අපි නායකත්වට ගරු කරනවා . මමත් රජයේ ඇමතිවරියක්. නමුන් උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන විට අපේ සීමාවන් ඉක්මවා යන තත්වයක් උද්ගතවෙනවා.

යුද්ධය ඉවර කළා තමයි. නමුත් යුද්ධය නිසා වැන්දැඹුවූවන්ට ආණ්ඩුව මොනවද කළේ.? විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කළ උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ. වැන්ඹුවන් තිස්දාහක් උතුරේ ඉන්නවා පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් දොළොස් දාහක් ඉන්නව. මෙනවද ඒ අයට කරලා තියෙන්නේ .? මොනවද දීල තියෙන්නේ.? ඒ අයට උදව්කරන්න කියලා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රකාවත් පැත්තකට දැම්මා. ඇයි එයාලා මිනිස්සු නොවෙයිද? තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි ඒ අය ආයුධ අතට ගත්තේ. ඒහින්දා ඒ අය මිනිස්සු නොවෙයි කියලද කියන්නේ.? අද යාපනනේ මත් ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා. යුද්ධය අවසන් වුනාට පසුව දේශපාළන නායකයෝ තමන්ගේ වාහන වලින් යාපනේට මත් ද්‍රව්‍ය ගේනවා. ඒ හින්දා තමයි යාපනේ මත් ද්‍රව්‍ය පාවිච්චිය වැඩිවෙලා තියෙන්නේ.

ජනාධිපතිතුමා ජනාධිපති හැටියට වැඩ කරන්න ඕනෑ. අපි එයාට පක්ෂව වැඩ කළා. නමුත් ඇමතිකම් දීලා තියෙන්නේ එයාට විරුද්ධව වැඩකරපු අයට. ඒක හරිද? සාධාරණද? ඒකම තමයි උතුරටත් කළේ. ඇත්තටම කියන්නත් ලැජ්ජයි. මේ පළාත්වල රැකියා පුප්පාඩු පුරවලා තියෙන්නේ දකුණේ තරුණ තරුණියන්ගෙන්. අපේ උන් පොළවල්වල බඩු විකුණනවා සිමින්ති අනනවා. ඒනිසා තමයි එයාලා උපවාස කරන තත්වයකට ඇද වැටිලා තියේනේ. තිබුන ආණ්ඩුව කළෙත් ඔය ටිකම තමයි. අපේ දරුවන්ටත් රැකියා අවස්ථා ලබාදිය යුතුයි. යුද්ධයක් තිබුනේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ පමණයි. ඒ නිසා මේ පළාත් දෙකට වෙනම විශේෂ සංවර්ධන වැඩසටහන් සකස් කළ යුතුයි. දැන් සිද්ධවෙලා තියෙන්නෙ උතුරු නැගෙනහිරට හැර අනෙක් පළාත් වලට විශේෂ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන එකයි.

ජෝන් සෙනවිරත්න ඇමැති තුමා එදා තෙන්නමරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් මා කළ කළ ඉල්ලීම අහකට දැම්මා. එතුමා එතුමා වෙනුවෙන් ආයුධ අතට ගෙන උතුරේ දේශපළනය කළ අයටඋදව් කළා. තෙන්නමරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්කර දුන්නානම් අපට ආර්ථික ප්‍රතිලාභ විශාල ප්‍රමිණයක් ලැබෙනවා. මම දෙදහස් දහසයේ පෙබරවාරි විසිතුන් වෙනිදත් අපේ ආණ්ඩුවෙන් ඒ ඉල්ලීම කළා දැන් ස්වදේශකටයුතු පිළිබඳ ඇමති වජිර අභේවර්ධන මහතා මේ ස්ථායට පැමිණ සිටිනවා. මම එතුමාගෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ඒ කටයුත්ත ඉටුකරදෙන ලෙසයි.

දෙදහස් එක දෙදහස් හතර කාලයේ ආරක්ෂක ඇමැති හැටියට කටයුතු කළ තිලක් මාරපන ඇමති තුමාත් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. එදා සන්නද්ධ කණ්ඩායම් සහ රජයේ හමුදා අතර ගැටුමක් තිබුනා. ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කටයුතු කළේ කොහොමද කියන්න ඔබතුමා දන්නවා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. අපේ නායකතුමා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ රටගැන හිතලයි.. නමුත් ඒ ජාතික ආණ්ඩුවෙන් කිසි වැඩක් වුනේ නෑ . එක්සත් ජාකික පක්ෂය හැටියට දැනවත් අපි තනි මතයකට ආ යුතුයි. අපේ නායකතුමා හොඳ උගත් බුද්ධිමත් නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්නේ විසිතුනයි එක්සත් ජාතික පක්ෂයට අනූ අටක් ඉන්නවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී අපි එක්සත්ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි. ප්‍රභාරන් සමඟ සාකච්ඡා කළෙත් එක්සත් ජාතික පක්ෂයයි .ඉදිරියටත්, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් වෙනුවෙන් සාකච්ඡා කොට තීරණයක් ගන්න පුළුවන්. තනි ආණ්ඩුවක් යටතේ තමයි යහපාළනයක් ඇති කරන්න පුළුවන්. ඒ සඳහා වෙහෙසෙමු.”

ලංකා ඊ නිව්ස්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *