තාජුදීන් ගේ රිය ගිනිතියා ඇති බව ස්ථිරයි – සතර දෙනකුට දල එලයි

රගර් ක්‍රීඩක තාජුදීන් ගේ පිළිස්සුනු මළ සිරුර හමුවූ ඔහු ගේ මෝටර් රථය අනතුරකට ලක්වී හෝ ගිනිගෙන හෝ නැති බවත්, එයට ගිනිතබා ඇති බවත්, පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව  වාර්තා වෙයි . ගිනි ගැනීමකට හේතුවිය හැකි හානියක් ඔහුගේ රථයට සිදුවී නැති බව හෙළිදරව් වී ඇත . සාමාන්‍යයෙන් අනතුරකදී වාහනයක් ගිනි ගත්තේ නම් වාහනයේ   ඉන්ධන ටැංකියට හෝ එම නළ ආදියට හානි සිදුවී තිබිය යුතු බව කියති . තජුදීන්ගේ වාහනයේ එබදු හානි දක්නට ලැබී නැත . ඉන්ධන ටැංකියේ ඉන්ධන පුරවා තිබී ඇති අතර එය නිරුපද්‍රිතව තිබී ඇත . තජුදීන්ගේ සිරුර තිබුණේ රියදුරු අසුනට යාබද අසුනේය . තාජුදීන් මරා වාහනයට දමා ගිනිතබා ඇතිබව මෙම සාක්ෂි වලින් තහවුරු වී ඇත .

මෙම අපරාධය කළ පිරිස ජනාධිපති ආරක්ෂක සේවයට සම්බන්ධව සිටි බවද , ඉන් හතර දෙනකු ළගදීම අත් අඩංගුවට ගන්නා  බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *