ප්‍රගීත් කව්ද..? – එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීමකට සම්බන්ධ වී ඇති බවට වාර්තා වී නොමැති බව සියලු ආරක්ෂක අංශ කියයි

මෙහි පහතින් දැක්වෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ කොටියා යයි නගන අවලාදයට පිළිතුරකි. එහිදී යුද හමුදාපතිතුමා, ගුවන් හමුදාපති තුමා, නාවික හමුදාපති තුමා, අණදෙන නිලධාරී විශේෂ කාර්ය බලකාය (STF) අධ්‍යක්ෂ විශේෂ කාර්යාංශය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාශය, අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව, අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය, නියෝජ්‍ය පොලිස්පති ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය (TID) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ඨාශය ආදී සියළුම දෙනා විසින් ප්‍රගීත් එල්ටීටීඊ ය සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ බවට අධිකරණයට වාර්තා කර ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ මෙසේ දැක්වේ

“ඒ අනුව යුද හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද, ඉහත සියළුම ස්ථාන වලින්ද දැනුම් දී ඇත්තේ ප්‍රගීත් රංජන් බණ්ඩාර එක්නැලිගොඩ යන අය කිසිදු අපරාධයකට හෝ එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ යම් අපරාධ කණ්ඩායමකට හෝ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීමකට සම්බන්ධ වී ඇති බවට වාර්තා වී නොමැති බව හා යම් අධිකරණ ක්‍රියාවකට අවශ්‍ය නොවන බවය”

2017 නොවැම්බර් 06 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් උපුටා ගත්තකි

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *