ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීම අවශ්‍යයි – ධර්මසිරි බණ්ඩාරනායක.

ජ්‍යාimagesතන්තර පරීක්‍ෂණ පැවැත්වීමට විරුද්ධවීම, නොසන්ඩාල, අසීලාචාර දේශපාලනය තවදුරටත් මේ රටේ ස්ථාපිත කරන්න හදන උත්සාහයක්. අපි දන්නව සැප්තැම්බර් මාසෙ එල්ල වෙන්න තියෙන ඒ චෝදනා වලියට දෙන උත්තරේ. ‘ඒවට අපි ඉඩ තියල නෑ කියල’ යම් දේශපාලන පක්‍ෂයක් කියවනව නම්, ‘ඉඩ දීලා නෑ කියන්නෙ’, ඒ දේශපාලන පක්‍ෂය සම්පූර්ණයෙන් අපරාධකරුවන්ගෙ පක්‍ෂයක්. මම හිතන විදිහට ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීම අවශ්‍යයි.

සිනමාවේදියකු හා සමාජ ක‍්‍රියාකාරිකයකු වන ධර්මසිරි බණ්ඩාරණායක මහතා එසේ ප‍්‍රකාශ කර සිටියේ ‘මාධ්‍ය නිදහස සඳහා ක‍්‍රීයාකාරි කමිටුව’ විසින් සංවිධානය කරනල ලද, කොළඹ 10, සමාජ හා සාමාජයීය කේන්ද්‍රයේ   පැවති මාධ්‍ය හමුවකදී ය.

මම පහුගිය වකවානුව පුරාම ප‍්‍රගීත්් එක්නැලිගොඩ පිළිබඳව කතා කරල තියෙනව. ‘වසර පහකට වැඩි ප‍්‍රමාණයක් බිරිඳක් තමාගේ ස්වාමිපුරුෂයා සොයා ගෙන ගිය ගමන මගේ විෂය වශයෙන් ගෙන මම ජනතාව අමතන කොට, ඒ ගැන කතා කළා.  ඒ කතා කරන අතරතුර මම හිතුවා යම්කිසි කෙනෙකුගෙ වේදනාවක් දැනෙන්න පුළුවන් සමාජයකයද මම ජීවත් වෙන්නෙ කියල, කලාකාරයෙක් විදිහට එහෙම හිතාගෙනයි මම ඒ ඇමතුම කළේ.

මේකට අදාල නූනත්, ජී.එස්.එස්. මායාදුන්නේ නමැති ජනතා විමුක්ති පෙරමුණෙන් පත්කරපු මන්ත‍්‍රීතුමා ඉල්ලලා අස්වෙනව කියල අද පත්තරේ පුවත්පත් වාර්තාවක් තියෙනව. එතුමා ප‍්‍රකාශ කරල තියෙනනේ, මේ රටේ බහුතර ජනතාවකට ශීලාචාර දේශපාලනයක් අවශ්‍ය නැහැ කියල. මේ වෙනකොට ඒක අපිත් ප‍්‍රත්‍යක්‍ෂ කරගෙන යනව. එතකොට අපි මොකද කරන්නෙ? අපිට විශාල වශයෙන් චෝදනාවලියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනව. පළවෙනි එක අපි ඇඳුම් අඳින්නෙ ඇයි කියන එක? ලජ්ජාවට. අපිට ලජ්ජා හිතුනට මේ දේශපාලනයට ආපු කිසිවෙකුට ලජ්ජාවක් නැහැ. මේක නම් තත්ත්වය මේකට වගකිව යුත්තේ මේක පත්කරන්න සම්බන්ධ වෙච්ච අපි.

අපි කල්පනා කළේ මිනිහෙක් කොච්චර වටිනවද? මනුෂ්‍යයෙක් එක එක්කෙනාට  ඕන විදිහට පැහැරගෙන ගිහිල්ලා, අතුරුදහන් කරල, අතපය කපල, නැත්නම් අතපය කඩල, මනුස්සයෙක් විනාශ කරන්න ප‍්‍රයත්නයක් තියෙන මේ රට, රටක්ද? එච්චරයි අපිට අහන්ඩ තියෙන්නෙ. මේ රට වර්ණනා කරනව නම් මේ රට වර්ණනා කරන එවුන්ට මොනවද වෙලා තියෙන්නෙ? මේක තමයි වර්තමානයේ අපි මුහුණ දෙන ප‍්‍රශ්නය.

ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීමට විරුද්ධ වුණා. විරුද්ධවෙච්ච උදවිය වගකියන්න  ඕන අභ්‍යන්තර පරීක්‍ෂණ පවත්වනකොට, ඒවා වසා දමනව නම්, අපි ඉල්ලා සිටිය යුතුයි ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍යය කියල.

ජ්‍යාතන්තර පරීක්‍ෂණ පැවැත්වීමට විරුද්ධවීම, නොසන්ඩාල, අසීලාචාර දේශපාලනය තවදුරටත් මේ රටේ ස්ථාපිත කරන්න හදන උත්සාහයක්. අපි දන්නව සැප්තැම්බර් මාසෙ එල්ල වෙන්න තියෙන ඒ චෝදනා වලියට දෙන උත්තරේ. ‘ඒවට අපි ඉඩ තියල නෑ කියල’ යම් දේශපාලන පක්‍ෂයක් කියවනව නම්, ‘ඉඩ දීලා නෑ කියන්නෙ’, ඒ දේශපාලන පක්‍ෂය සම්පූර්ණයෙන් අපරාධකරුවන්ගෙ පක්‍ෂයක්. අපරාධකරුවො නියෝජනය කරන පක්‍ෂයක්. මම හිතන විදිහට ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීම අවශ්‍යයි,

මේ ප‍්‍රගීත් එක්නැලිගොඩගෙ සිද්ධියේ දී සන්ධ්‍යා එක්නැලිගොඩ ගියා මානව හිමිකම් කමිටුව ඉදිරියට. ජිනීවවල, ගියාම මොකක්ද දීපු උත්තරේ, ඈ ගිහිල්ලා ඇගේ ස්වාමිපුරුෂයා ගැන හොයලා බලන්න කියල ඉල්ලපුවම දීපු පිළිතුර තමයි, මෙහෙන් ගිය නීතිපතිවරයා ඉංග‍්‍රීසියෙන් කිව්වා, මොකක්ද කිව්වෙ? ‘‘ස්වාමිපුරුෂයා වෙන රටක වෙන ගෑනියෙක් එක්ක ජීවත් වෙනව’’ කියල. ඒක ඉංග‍්‍රීසියෙන් කිව්වට වැඩිය හොඳයි ඒක සිංහලෙන් කිව්ව නම්. මොකද සිංහල කියන වචනෙත් එක්ක දැන් ලොකු විරෝධයක් මතු වෙනව.
දෙමළ පක්‍ෂ වලට කියල තියෙනව විපක්‍ෂය වෙන්න කිසිම ඉඩකඩක් දෙන්නෙ නෑ කියල. මේ ශීලාචාර දේශපාලනයක්ද? නැවත අදින්න හදන්නෙ ජාතිවාදයට. අපිට පේනව ළ`ගදිම ලේබල් අලවන්න උත්සාහ දරනව, ප‍්‍රගීත් එක්නැලිගොඩ කොටි සංවිධානෙත් එක්ක සම්බන්ධකම් පැවැත්වූවා කියල. මේ දිනවල එවැනි උත්සාහයක් දරනව.

ප‍්‍රදීප් එක්නැලිගොඩ කොට සංවිධානයත් එක්ක එහෙම උත්සාහයක් දැරුව නම්, කොටි සංවිධානය නියෝජනය කරපු කරුණා අම්මාන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති වරයා ලෙස පත්කරගෙන මේ ආණ්ඩුවෙ මේ සියලූම අය අතර කරුණා අම්මාන් හිටිය. ඇමති මණ්ඩලයේ මේ හැම දෙනා අතර කරුණා අම්මාන් හිටිය. කරුණා අම්මාන් දැන් එළිදරව් කරනව, ප‍්‍රභාකරන් වීරයෙක් කියල කියනව. එක් කියන්නෙ කවුද? කරුණා අම්මාන්. මම කරුණා අම්මාන්ට ස්තූතිවන්ත වෙනව, තමන්ගෙ පාර්ෂවය ඇතුළෙ ඒ අරගලය ගෙන ගිය මනුස්සය වීරයෙක් කියල කියන්න නිර්භය වීම ගැන. ඉන්දියාවෙදි ඔහු පටිගත කරපු ඒ සම්මුඛ සාකච්ඡුාම ඉන්දියාවෙදි ප‍්‍රදර්ශනය කරල තියෙනව.

මම හිතන්නෙ අපි ලජ්ජා නැති ජාතියක්. දැන් මෙච්චර අපි ඉදිරියට ඇවිල්ල තියෙනව ඝාතන ක‍්‍රියාවලියක් පිළිබඳව, ඒ ඝාතකයො වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්කරගෙන තියෙනව ජාතික ආණ්ඩු සංකල්පය, ඔවුන්ට මේවයෙන් මුවාවෙන්න. ඔවුන්ට තවදුරටත් මේ කටයුතු කරගෙන යන්න, බලයක් තමයි මේ ප‍්‍රධානය කරල තියෙන්නෙ. ප‍්‍රධානය වෙන්නෙ. මේකට එරෙහිව ජනමාධ්‍ය ඉදිරියෙ අපිට කියන්න තියෙන්නෙ ප‍්‍රගීත් එක්නැලිගොඩ විතරක් නෙවෙයි අතුරුදහන් කරපු. ඝාතනය කරපු හැමදෙනා පිළිබඳවම විභාගයක් කරල මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් වශයෙන් ඉදිරියට ගෙනියනවද නැද්ද කියන එකට පිළිතුරක් දෙන්න. පරීක්‍ෂණ වහල දානව නම් ඒ වහල දාන්නෙ රටේ දරුවො ඉදිරි කාලය තුළ ඝාතනය කරල, ඒ දරුවන්ගෙ මළ මිනී උඩින් වැජඹෙන්න යන ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඒ විදිහෙ ප‍්‍රයත්නයකයි මේ යෙදෙන්න. ඒක අඳුරාගන්න තියෙන එක් අවස්ථාවක් තමයි ප‍්‍රගීත එක්නැලිගොඩගෙ මරණයෙදි අත්අඩංගුවට ගත් පිරිස් ඒක යටපත් කරන් උත්සාහ දරණවනම් යම් ආණ්ඩුවක්, එවැනි අශීලාචාර ආණ්ඩුවක් පිහිටුවන්න අපි ඉදිරිපත් වුවානම් අපි ජනතාවගෙන් සමාව ඉල්ලනව ඒකට විරුද්ධව පෙළ ගැසෙන්න කියල අපි ඉල්ලා සිටිනව. ස්තූතියි.

මෙම මාධ්‍යහමුවේදී සමන් වගආරච්චි, සමන් රත්නප‍්‍රිය, අනුර බණ්ඩාර රාජගුරු, චමීර පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් හා සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් අදහස් දැක්වූහ.

මනෝජ්  රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *