හිට්ලර් මිනිස් ඝාතකයෙකි- ජගත් හේමචන්ද්‍ර

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන උපන් දිනය වෙනුවෙන්, මහ සංඝරත්නය වැඩමවා සපිරි කර සහිත දානමය පිංකමක් පසුගිය දා ඔහුගේ නිවසේ දී පැවැත්වු බව මාධ්‍ය වලින් දැක ගත හැකිවිනි. ”පිංකම් කිරීමෙන් ආයු වර්නෝ සුඛං බලං” යනුවෙන් බුද්ධ දේශනා වල සඳහන් වී ඇත. ඒ නිසා එය උතුම් පුණ්‍ය කර්මයකි. පුණ්‍ය කර්මයකට වැඩවමා වදාල උඩරට, සිංහල, බෞද්ධ, රදල, අයට පමණක් උපසම්පදාව ලබාගෙන එම සුදුසුකම මත නායක කමට පත් විය හැකිය. අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමි රස බෝජුන් වැලදිමෙන් සහ පිරිකර පිළිි ගැනිමෙන් පසු අමුතු තාලයේ අනු ශාසනාවක්් සිදු කර ඇතිබව සමාජ මාධ්‍ය තුලින් දිටිමී. එනම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත්තේ හිට්ලර් කෙනෙක් ලෙස හෝ රට පාලනය කරන ලෙසය.
ඒ අනුමෝදනාව අනුව අනු නාහිමියන් හිට්ලර් ගැන පමණක් නොව බුද්ධ දේශනාව පිළිබඳවත් පැසුනු බුද්ධියක් නැති චිවරධාරියෙක් බව අපට දැන් පැහැදිලිය. රදල කුලයේ ඉපිද හා සිව්රේ සිටි කාලය සලකා අනු නායක ධුරයෙක් ලබා ගත් අයෙක් බව අපට පෙනේ. හිට්ලර් යනු මිලියන එකසිය විස්සකගේ ජිවිත විනාශ කල බව අ.පො.ස විභාගයට පෙනි සිටින ශිෂ්‍යයකුගෙන් වුවද උපාලි තෙරුන්ට විමසා දැන ගත හැකිය. පංචශිලයේ එන පලමු ශික්‍ෂා පදය වුයේ ”පානාති පාතා වේරමණී” ශික්‍ෂා පදයයි. ඒ අනුව මනුෂ්‍ය ජිවිත පමණක් නොව සතුන්ගේ ජිවිත ද නැසිමට කිසිවෙකුට අයිතියක් නොමැති බව එම ශික්‍ෂා පදයෙන් කියවේ. පංච ශීලයේ පිහිට වු අයට එසේ නම් අධි ශිලයේ පිහිටි අයට කොතරම් අකැප කරුණු ඇද්ද? මතයට විරුද්ධ අය විනාශ කරන ලෙස භික්ෂුවක් ගෝඨාභයගෙන් ඉල්ලිමම කොතරම් අකැපද? හිට්ලර් තම මතයට ගරු නොකල රෝසා ලස්මන්බර්ග් වැනි දේශපාලන නායිකාවන්ට මරණ දඩුවම ලබා දෙන විට හිට්ලර්ට කඬේ ගිය පුජකවරු කිවේ අප නොව එයට ලක්වන්නේ කම්කරුවන්, බුද්ධිමතුන්, විප්ලවාදින් සටන්කාමින් නිසා අප ඉදිරිපත් නොවිය යුතු බවය. විරුද්ධවාදින් සියලූ දෙනා ඝාතනය කර පසුව පුජකවරුන් ද ඝාතනය කරන විට ඔවුන් වෙනුවෙන් කථා කිරිමට කිසිවෙක් නොමැත. ඒ අනුව හිට්ලර් පන්නයේ කෙනෙක් ලංකාවේ රාජ්‍ය නායකයා වී හිට්ලර්ගේ අඩි පාරේ යමින් විරුද්ධ වාදින් ඝාතනය කර, වැලිකඩ හිර ගෙදරට මුදා හැරි පරිදි අස්ගිරි විහාරයට හමුදාව පැමිණි විට උපාලි වැනි චිවරධාරින් බේරාගැනිමට කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇත. ඒ වනවිට එයට එරෙහිව හඩනගන සියලූ දෙනා මිය ගොස් ඇති බැවිනි.
උපාලි හිමියනි ! ඔබ රටට ගෙන එන්න අරමුණු කරන්නේ එවැනි මිනිමරණ පාලනයක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ගැන ඇතුලූ බොහෝ දේ ගැන පලමුවෙන් පෙනි සිටියේ බුදුරාජාණන් වහන්සේ බව දහම් පාසල් සිසුවෙකුගෙන් වුවත් අසා දැන ගත හැක. එම දරුවන්ට තරම්වත් බෞද්ධ ධර්මය ගැන නිපුණත්වයක් නොමැති මේ චිවරධාරින් කරන්නේ, සම්බුද්ධ ශාසනයත් බෞද්ධ දර්ශනයත් රටත් අගාධයට ගෙන යන බව කිවයුතුය. අද මුලූ ලෝකයේම මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විදින මෙවැනි යුගයක, අඥාණ කහකඩයන් පැමිණ මෙවැනි අනුමෝදනා කිරිම මුලූ ජනතාවම පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය. මෙවැනි අඥාන කහකඩයන්ට අංජලීකරණීයෝ කියා දෑගිලි බැඳ වන්දනා මාන කල හැකිද?
එම චිවරධාරියාගේ අදහසට ඌණ පූර්ණයක් දෙමින් බදුල්ලේ පිනා මන්ත‍්‍රි ඩිලාන් පෙරේරා එය සාධාරණිකරණය කරන්න උත්සාහ දරණ බව මාධ්‍ය වලින් දිටිමි. ඩිලාන්ගේ කථා මාධ්‍යයෙන් පෙන්වන විට වැඩි දෙනා කරනුයේ රූපවාහිනි ප‍්‍රවෘත්ති වසා දැමීම බව දනිමි. එයින් පිළිඹිඹුවන්නේ ඩිලාන් දේශපාලන කුණු කුඩයට වැටී ඇති සැටිය. නමුත් ඊලග වතාවෙත් පිනා මන්ත‍්‍රි ධුරයකින් පාර්ලිමේන්තුවට ගොඩ විමට ඉබාගාතේ ඇවිදින මෙවැනි දේශපාලූවන් දේශපාලන පිහිටියෙන් ඉවත් කිරිමට කාලය එලඹී ඇත. ඔහු දේශපාලන ක්‍ෂේත‍්‍රයේ කල් ඉකුත් වු භාණ්ඩයකි.

සටහන

ජගත් හේමචන්ද්‍ර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *