විදෙස් වෘත්තිකයන්ට නිදහසේ එන්න ඉඩදෙන වගන්තියක් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ නෑ – මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

තමන් ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන්ම කියැවූ බවත් වෘත්තිකයන්ට නිදහසේ මෙරටට පැමිණීමට ඉඩදෙන කිසිදු වගන්තියක් එහිදී තමන්ට දැකගත නොහැකි වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

වෘත්තී­ය­වේ­දීන්ට මෙර­ටට නිද­හසේ පැමි­ණීමේ ඉඩ ලබාදී ඇතැයි කියන වෘත්තී­ය­වේ­දීන් හෝ වෙනත් උද­විය එම අන­තුර ඇත්තේ ගිවි­සුමේ කුමන වග­න්තිය හෝ වගන්ති මඟින්ද යන්න පෙන්වා දිය යුතු බවත් එවැනි කිසිදු කරුණු දැක්වී­මක් තමන්ට අස­න්නට නොලැ­බුණු බවත් මහ බැංකු අධි­ප­ති­තුමා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා බැංකු­ක­රු­වන්ගේ සංග­මයේ 24 වන උපාධි ප්‍රධා­නෝ­ත්ස­ව­යට පසු­ගිය 19 දා අඟ­හ­රු­වාදා සහ­භාගි වෙමින් අද­හස් දැක්වූ කුමා­ර­ස්වාමි මහතා වැඩි­දු­ර­ටත් කීවේ ඕනෑම කරු­ණක් ගැන විරෝ­ධය දැක්වී­මට හෝ සාකච්ඡා කිරී­මට සෑම­දෙ­නා­ටම අව­ස්ථාව තිබිය යුතු බවත් එසේ වූවද එබඳු විරෝ­ධතා හා කරුණු දැක්වීම් සත්‍ය කරුණු මත පද­නම් විය යුතු බවත්ය.

“අපට මේ වන­විට ඉන්දි­යාව සමඟ වෙළෙඳ ගිවි­සු­මක් ඇති අතර එය වඩාත් පුළුල් කිරීමේ උත්සා­හ­යක් ඇති අතර යුරෝ­පයේ ජී.එස්.පී. ප්ලස් සහ­නය ලබා­ගෙන තිබෙ­නවා. චීනය සමඟ වෙළෙඳ ගිවි­සුම අත්සන් කර­න්නට අපට හැකි­වු­ව­හොත් චීනය, ඉන්දි­යාව හා යුරෝ­පය යන වෙළෙඳ පොළ තුන­ටම වර­ණා­ත්ම­කව පිවි­සීමේ අව­ස්ථාව ඇති එකම රට බවට අප රට පත්ව­නවා. එයත් භූගෝ­ලීය වශ­යෙන් රටේ පිහි­ටී­මත් මත මෙර­ටට විදේශ ආයෝ­ජන ලබා­ගැ­නීමේ විශේෂ ඉඩ­ක­ඩක් හිමි­ව­නවා”යි මහ බැංකු අධි­ප­ති­ව­රයා මෙහිදී වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විශාල රටක් හා කුඩා රටක් අතර ගිවි­සු­මක් සකස් කර­න­විට කුඩා රටට වැඩි ආර­ක්ෂා­වක් ලබා­ගත යුතු බවත්, මෙරට වෙනු­වෙන් සාක­ච්ඡා­ව­ලට සහ­භාගී වන පිරි­සට එම අව­බෝ­ධය හා හැකි­යාව ඇති බවත් ඉන්ද්‍ර­ජිත් කුමා­ර­ස්වාමි මහතා මෙහිදී පැවැ­සීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *