ශ්‍රිලනිප විපක්ෂයට, සංධානය ආණ්ඩුවේ ! මෛත්‍රි පිලෙන් අලුත් සමීකරණයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පිරිසක් විපක්ෂයට එක් වී කටයුතු කරන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තවත් පිරිසක් ආණ්ඩුවේ ඇමති ධුර දරමින් දිගටම කටයුතු කිරීමේ හැකියාව ගැන මෛත්‍රී පිලේ කථිකාවක් පවතින බව දැනගන්නට ඇත. ඇමතිකම් අහිමි වූ 16 කණ්ඩායමට විපක්ෂයට යාමට ඉඩ දෙන ගමන් ඇමැති තනතුරු අත්හැරීමට අකමැති පිරිසකට තනතුරු ආරක්ෂා කර දීම මෙම නව සමීකරණයේ අරමුණ බව කියති.

මේ අතර පසුගිය දා තමන් හමු වූ 16 කණ්ඩායම ට ජනාධිපතිතුමා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිටින්නේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පත් වූ අප නිසා 16 කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විපක්ෂයට එකතු වූවාට ආණ්ඩුව බිඳ වැටෙන්නේ නැති බවයි.

කෙසේ වෙතත් එජාපයට එකතු වී ඇමතිධුර රැක ගැනීමට කැමති අයට ඉඩ දී එජාපයට කැමති ලෙස ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දී ශ්‍රිලනිපය හා එජනිසය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ද ප්‍රබල මතයක් එම කණ්ඩායම තුළ පවතින බව දැනගන්නට ඇත. එම අදහස දරණ පිරිස කියන්නේ එජාපයට කැමති ලෙස ආණ්ඩුව ක‍රගෙන යන්නට ඉඩ දී ජනාධිපතිතුමා නිහඬව සිටීම තම ඉදිරි දේශපාලන ක්‍රියාකාරිත්වයට ව‍ඩා වාසිදායද බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *