ඇලෝසියස් ගෙන් මුදල් ගත් අය අතර පොලීසියේ,රජයේ නිලධාරින් රොත්තක් !

අර්ජූන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමට සම්බන්ධ සමාගම්වලින් විවිධ ප්‍රමාණයේ අල්ලස් ලබාගත් පුද්ගලයින් අතර ‍පොලීසියේ, රජයේ හා බැංකු ‍කේෂත්‍රයේ නිලධාරින් රාශියක් සිටින බව තතුදත් ආරංචි මාර්ග කියයි. මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන රහස් පොලිස් නිලධාරින් විසින් හෙළිකරගෙන ඇති තොරතුරු අනුව පර්පචුවෙල් ට්‍රෙෂරිස්, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ වොල්ව් ඇන්ඩ් රෝ සමාගම්වලින් සැකකටයුතු ලෙස නිකුත් වී ඇති චෙක්පත් විශාල ප්‍රමාණයක්  වන බවද දැනගන්න ඇත.

බැංකු ක්ෂේත්‍රයේ, පොලීසියේ, රේගුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මේ අතර වන බව කියති. එකම තැනැත්තෙකුට අවස්ථා ගණනාවක දී මුදල් දී ඇති බව ද පරීක්ෂණ වල දී හෙළිදරව් වී ඇත. සමාගම් ගිනුම්වල එම අයගේ නම් සඳහන් වී නැති අතර සටහන් තබා ඇත්තේ සංඛේත යෙදීමෙනි. මෙලෙස නිකුත් කළ බොහෝ චෙක්පත් මුදල් කරගැනීම තෙවන පාර්ශ්වයක සහයෙන් සිදුකොට ඇති නිසා සියලු තො‍රතුරු සොයා ගැනීම තරමක් දුෂ්කර වී ඇති බව කියති.

කෙසේ වෙතත් දැනටමත් තොරතුරු බොහොමයක් හෙළිදරව් කරගෙන ඇති අතර පරීක්ෂණවල ප්‍රගතිය අනුව අල්ලස් ගත් උදවියගේ නම් වරින්වර උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රහස් පොලීසියට සම්බන්ධ අපගේ  ආරංචි මාර්ග කියයි. පරීක්ෂණවල ප්‍රගතිය සති දෙකකට වරක් උසාවියට ඉදිරිපත් කිරීම මේ වනවිට රහස් පොලීසිය විසින් සිදුකරමින් පවතියි.

මෙම රහස් පොලිස් පරීක්ෂණය පැවැත්වෙන්නේ මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා රහස් ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *