පළමුවෙන් ගහන්නේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න අයටයි – 16 කල්ලියට බැසිල්ගෙන් තරවටුවක්

ඇමෙරිකානු සිවිල් යුද්දයේදී කෙන්ටකි ප්‍රාන්තය දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න හැදුවිට එක පැත්තකට ආවේ නැත්නම් ඉස්සෙල්ලම ගහන්නේ ඔවුන්ට බව ලින්කන් ජනාධිපතිතුමා කී බවත් දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න හදන කට්ටියට තමන් කියන්නේ ද එයම බවත් පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය . බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පොදුජන පක්ෂ කාර්යාලයේදී පුවත්පත් සාකච්චාවක් අමතමින් ඒ මහතා මෙම තර්ජනාත්මක ප්‍රකාශය කළේය .කණ්ඩායම් පිළිගැනීමට තමන් සුදානම් නැති බව කි ඒ මහතා එන කෙනෙක් පුද්ගලයින් ලෙස පැමිණ තම පක්ෂයට සම්බන්ද වියයුතු බවද පැවසීය  .

මස්ටික  කා කටුවත් සුප්පු කර අන්තිම මොහොතේ එන අය භාරගන්න තමන් සුදානම් නැති බවත් එන කෙනෙක් දැන්ම පැමිණිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *