නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විවෘත ලිපියක් – තිසුරී වන්නිආරච්චි

Thisuree Wanniarachchiආදරණීය නව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුනි,

අපි බොහෝ දේ නොඉල්ලමු . අපගේ මුදල් සොරකම් සොරකම් කරන්න එපා . වැඩිපුර වියදම් කිරීමද සොරකමකි .බලය නොතකා සිටිය නොහැකි බව මම දනිමි . එසේ වූවද අනෙක් අය නොතකා හරින බව ඔවුන්ට හැගෙන පරිදි හැසිරීමෙන් වලකින්න උත්සාහ දරන්න . ආරක්ෂකයින් පිරිවරාගෙන යාම අඩු කරන්න .ඔබ මරාදැමීමට කිසිවකුට අවශ්‍යතාවක් නැත . ඔබගේ කාර්යය ඉටුකරන්න . කුසට අහරත් පිපාසයට ජලයත් හැරුණුවිට තවත් බොහෝ දේ මහජනයාට අවශ්‍යය . එසේ වුවද එකී මූලික අවශ්‍යතා පවා නොලබන ජනයා අප රටේ සිටිති .

අපගේ අධ්‍යාපන ක්‍රමය අවුල් ජාලයකි . ටිකින් ටික එය නිරවුල් කරන්න . රටපුරා ඇතිකරන ගුරු පුහුණු මධ්‍යස්ථාන මගින් එය ආරම්භ කළ හැකිය . රටේ හැම පළාතකම දරුවන්ට උසස් පෙළ පන්තිවලදී විවිධ විෂය ධාරා තෝරාගැනීමට හැකිවන පරිදි සම්පත් ලබාදෙන්න . කලා උපාධිධාරීන් විශාල පිරිසකට රැකියා අහිමිවීමේ ප්‍රශ්නය විසදීමට එය උපකාරී වන ඇත .

සමානත්වය සියල්ලයි . එය කිසි දිනක කළ නොහැකි තරම් වුවද ඒ කරා ළගාවීමට ඔබගේ උපරිම උත්සාහය දරන්න . සියවස් ගණනාවක් තිස්සේ අසාධාරණයට ලක්වූ ජන කොටස් අප රටේ සිටිති . ඔවුන්ට යහපත් යමක් කරන්න . එය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැගීමට කාලය පැමිණ ඇත .

ස්ත්‍රීන්ට අවස්ථාව ලබාදෙන්න . රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල ස්ත්‍රීන් සදහා අනිවාර්ය පංගුවක් නියම කිරීම හොඳ ආරම්භයක් විය හැකිය . සැබෑ දේශපාලනඥයන් බිහිවන්නේ සිටු මැදුරුවල නොව මෙවැනි ආයතනවලය .

මාධ්‍ය නිදහස ලබාදෙන්න . ඔබගේ කාර්යය හරියට කරමින් අපගේ රට වඩා යහපත් ස්ථානයක් කිරීමට ඔවුන් ඔබට උපකාරී වනු ඇත . තොරතුරු දැනගැනීමේ අයිතිය සැම පුරවැසියෙකුටම හිමිවිය යුතුය . එය සීමා නොකරන්න . හරි දේ හා වැරදි දේ තෝරාගැනීමට තරම් මහජනයා බුද්ධිමත්ය . පසුගිය මැතිවරණ දෙකේ දී ඒ බව ඔප්පු වීය . හොඳ මාධ්‍යයක් සංවර්ධනය වේගවත් කරයි . එමගින් නූගත්කම අඩු කරයි . මහජනයා වඩා දැනුවත් හා විනයගත කරයි .

අප රටේ විශාල ලෙස සිදුවන ලිංගික අතවර පිළිබඳ ප්‍රශ්නයට කල් පවතින විසදුම් ලබාදීමට උත්සාහ දරන්න . එසේ වුවද තත්ත්වය කොතරම් නරක වුවද මරණ දඩුවම යොදා නොගන්න . ඊට වඩා හොද කල් පවතින මානවවාදී විසදුම් ඇත .

ආරක්ෂක හා රජයේ වර ප්‍රසාද වියදම් අඩුකොට එම මුදල් සෞඛ්‍යය සදහා යොදන්න . දරුණු වකුගඩු රෝගය නිසා වසරකට දහස් ගණනක් මියයන අතර රජයේ රෝහල්වල තමන්ගේ හදවත් සැත්කම් සදහා වාරය එළඹෙන තෙක් දහස් ගණනක් පෝලිමේ සිටිති . ශ්‍රී ලංකාවේ , විශේෂයෙන්ම උතුරේ රජයේ ආධාර ලබන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩිකිරීම අවශ්‍යය .

පරිසමින් බලය විමධ්‍යගත කරමින් අපගේ විදේශීය මිතුරන් කිට්ටුවෙන් තබාගන්න . මැද පෙරදිග සමග අපගේ සබදතා ශක්තිමත් කර ගනිමින් අපගේ විදේශගත ශ්‍රමිකයන්ට හොඳ කම්කරු අයිතීන් ලබාදීමට සාකච්චා කරන්න . අප වෙනුවෙන් බොහෝ සේ වෙහෙසෙන ඔවුන් ගැන අප ක්‍රියා කර ඇත්තේ අඩුවෙනි .

මත්ද්‍රව්‍ය තර්ජනය විකිණීම නතර කරන්න . මහජනයා එය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට වැඩි කලක් ගත නොවනු ඇත . මත ද්‍රව්‍ය තර්ජනය අවසන් කිරීමට හොඳම විසදුම හොඳ රැකියා අවස්ථා ඇති කිරීමයි . වෙලේ සුදා අහම්බයක් නොවේ . අපගේ තරුණයන් අතරින් සියයට විසි අටක් රැකියා විරහිතය .

පරිසරය සුරකින්න . අපේ රට දූපතකි . කාලය එළඹෙන විට මුලින්ම මුහුදට යටවන රටවල් අතර අප රට ද වනු ඇත . දැන් දේශපාලන බලය ඔබ සතු වුවද දේශපාලන පලිගැනීමට නොපෙළබෙන්න . ඉතිහාසයේ සැම පක්ෂයක්ම වරද්දා ගත් තැන එයයි . ඔවුනට දශක ගණනක් තිස්සේ වන්දි ගෙවන්නට සිදුවීය . ඔබගෙන් බොහෝ දෙනකු ඉතා උගත් හා විනයගරුක නිසා පළිගැනීමේ චේතනාව ඔබ තුළ නැති බව මම විශ්වාස කරමි .

ඔබගේ බලය නොව ශක්තිය අපට පෙන්වන්න .

 

තිසුරී වන්නිආරච්චි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *