ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්න එපා – ඇමරිකන් තානාපති මහින්දගෙන් ඉල්ලයි

තම කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොකරන ලෙස මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .පසුගිය 10 දා කොළඹ විජේරාම පාරේ  මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඇමෙරිකානු තානාපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ . ඔහු පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඇමෙරිකානු රජය විරුද්ධ බවයි . ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බව මහින්ද රාජපක්ෂ මහතා ඇමෙරිකානු තානාපතිවරයාට පවසා ඇත .

ගෝටාභය රාජපක්ෂ මහතාට එල්ල වී තිබෙන අපරාධ හා දුෂණ චෝදනා ඇමෙරිකාව මෙබදු ඉල්ලීමක් කිරීමට හේතුව බව කියති . ගෝටාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *