|

බය ‍ගෝතාගේ ගිනස් වාර්තාව

ඉස්කෝල මහත්තයා කඩයට එනවිට මුදලාලි පෙනෙනන්ට නොසිටි බැවින් මුදලාලි කොහේදැයි කඩේ ළමයාගෙන් ඇසූවිට කඩේ ළමයා කීවේ, මුදලාලි කතරගම යන්න සූදානම් වනවාය කියාය.

හදිසියේ කතරගම යන්නේ බාරයක්වත් වෙන්නටදැයි එවිට ඉස්කෝල මහත්තා ඇසුවේය.

බාරයකට නෙමේ වතුර බිලක් ගැන බලන්නට යැයි එවිට කඩේ ළමයා කීවේය.

අහවල් වතුර බිලක් බලන්නද කතරගම යන්නේ? කියා ඉස්කෝල මහත්තයා නැවත ඇසූවිට කඩේ ළමයා උත්තර දුන්නේ, මාස තුන හතරකින් කඩේ වතුර බිල ආවෙ නැති නිසා ඒ ගැන බලන්නට කතරගම යන්න සූදානම් වෙනවාය කියමිනි.

වතුර බිල එන්නේ නැත්තේ ජල මණ්ඩලයේ අයගේ වැඩ වර්ජනය නිසා වෙන්න පුළුවන් යැයි එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

ජල මණ්ඩලයේ වර්ජනය පටන්ගත්තේ ඊයේ පෙරේදා වතුර බිල පරක්කු ඒ නිසා වෙන්න බැහැ. මට දැන් මාස ගණනනිකින් වතුර බිලක් නැහැ. කතරගම ගිහිං බලල එන්න හිතුවේ ඒ නිසා, කියමින් ඒ මොහොතේ කඩේ මුදලාලි එළියට ආවේ සරමට උඩින් ඉනවටේ හවඩිය ඔතමිනි.

වතුර බිලක් ලැබුණෙ නැහැ කියල ගව්ගණන් දුරකතර ගෙවාගෙන කතරගම ගියාට හරියන්නෙ නැහැ මුදලාලි, ඉස්සරවෙලාම ජල මණ්ඩලේට ගිහිං බලන්න කියා එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

ජල මණ්ඩ‍ලේට ගියාට තේරුමක් නැහැ ඉස්කෝලෙ මහත්තයෝ, එකත් එකටම මගේ වතුර බිල කතරගමට ම ගියා. මම ගිහිං බලල අරගෙන එන්නම් කියා, මුදලාලි කීවේය.

මුදලාලි වතුර බිල කතරගම ගියා කියල හිතන්නේ මොන හේතුවකට ද කියා එවිට ඉස්කෝල මහත්තයා ඇසුවේය.

ඇයි මහත්තයෝ! අර බය ගෝතා ගේ නමට වතුර බිලක් ලැබිල තියෙනවා නේද? බය ගෝතා කියන්නේ එයාට කතරගම ගෙයක් නැහැ කියලනේ. ගෙයක් නැති තැනකට වතුර බිලක් යවන්න ජල මණ්ඩලේ මහත්තුරුන්ට මොළේ ‍කොලොප්පමක් නැහැ. එකත් එකටම මගෙ වතුර බිල බය ගෝතා ගේ නමට කතරගම යවල ඇති. මුදලාලි කීවේය.

බොරුවට කරතරගම යන්න එපා මුදලාලි. බයගෝතා ගේ නමට මුදලාලිගේ වතුර බිල කොහොමටවත් කතරගම යන්න විදිහක් නැහැ. ඉස්කෝල මහත්තයා කීවේය.

එහෙනම් මගෙ වතුර බිලට වෙච්ච දේ මොකක්ද? බය ගෝතා ගේ නමට ලැබුණේ කාගෙ වතුර බිලද? කියා මුදලාලි ඇසුවේය.

ඒක සමහරවිට ඇසිල් බැසිල් ට අයිතිත් නැති වෙනත් අයිතිකාරයකුත් නැති මල්වානෙ ගෙටයි ඉඩමටයි අයිති වතුර බිල වෙන්න පුළුවනි කියා එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

එහෙමත් නැත්නම් ඩේසි ආච්චිගෙ ගල්කිස්සෙ ඉඩමෙ වතුර බිල වෙන්නත් පුළුවනි, කියමින් කඩේ ළමයා ද කතාවට එකතු වූයේය.

ඇත්තටම ඉස්කෝලෙ මහත්තයා අපට වතුර එවන මේ ජල සම්පාදනේ වගේ කරදිය සම්පාදන මණ්ඩලේකුත් තියෙනවාද කියා නැවතත් මුදලාලි ඇසුවේය.

මුදලාලිත් අහන්නේ මහ අමුතුම ප්‍රශ්න කරදිය සම්පාදන මණ්ඩලයක් මොකට ද අපි වතුර බොනවා හෝදනවා වගේ කරදිය ඒ කියන්නේ ලුණු වතුර බොන ලුණු වතුරෙන් ‍මූණ අතපය රෙදි හෝදන අය ඉන්නවා නම් කරදිය සම්පාදන මණ්ඩලේකුත් හැදෙයි දැනට කරදිය සම්පාදනය කරන්නේ ලුණු ලේවා වලට විතරයි. ඒවට ඕන නම් ලුණු සංස්ථාවෙන් සල්ලි ගෙවනවා ඇති කියා ඉස්කෝල මහත්තයා කීවේය.

එතකොට ඉස්කෝල මහත්තයෝ තල්මසුන් ජීවත්වෙන්නෙ ලුණු වතුරෙ ද මිරිදියේ ද කියා මුදලාලි විමසුවේය.

තල්මසා කියන්නේ පෙතියා ලූලා වගේ ඇලේ දොලේ ජීවත්වෙන සතෙක් නෙමෙයි කියල මුදලාලි දන්නෙම නැද්ද? කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

බය ගෝතා මහත්තයාගෙ තල්මස් ටැංකිය මතක් වුණ හින්දයි මම එහෙම ඇහුවේ. තල්මසුන් ට කරදිය සම්පාදනය කරන්න මණ්ඩලයක් තියෙනවා නම් කතරගමට බය ගෝතා ගෙ නමට ගිය බිල තල්මස් ටැංකියේ වතුර බිලවද්ද කියල යැයි මුදලාලි කීවේය.

අයියෝ මුදලාලිට ඒකවත් මතක නැද්ද දැන් එයා රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළුවට ඒ කාලෙ තල්මසුන්ට සාත්තු සප්පායම් කරන්න යොදවල හිටියේ හමුදා කොල්ලො නේද කියා ඉස්කෝල මහත්තයා කීවේ ය.

ආරක්ෂක ලේකම් කියන්නේ ආණ්ඩුවේ තනතුරක් ද නැත්නම් රාජ්‍ය ‍‍නොවන සංවිධානයක තනතුරක් ද කියා ඇසුවේ කඩේ ළමයා ය.

ආරක්ෂක ලේකම් කියල තනතුරක් ලංකාවෙ නැහැ ළමයා. ඒකේ නියම නම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. ආරක්ෂක අමාත්‍යාංශ යේ ලේකම්ට ආරක්ෂක ලේකම් කියනවා නම් ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ට ඉඩම් ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට සෞඛ්‍ය ලේකම් කියන්න වෙනවා. එහෙම ගියොත් කාන්තා කටයුතු ආමාත්‍යාංශයේ ලේකම් කන්තා ලේකම් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බුද්ධ ලේකම් කරන්න වෙනවා කියා ඉස්කෝල මහත්තයා කාරණය තවදුරටත් පැහැදිලි කළේය.

එහෙම නම් ඒ කාලෙ බය ගෝතට ආරක්ෂක ලේකම් කියල කීවේ මොන හේතුවක් නිසා ද කියා කඩේ ළමයා ඇසුවේ නොදන්නාකමට ය.

මම හිතන්නේ එයා ඒ දවස්වල ඇමරිකාව වෙනුවෙන් යුද්ධෙට වුණත් යනවා කියල දිවුරලා ඇමරිකන් පුරවැසිකම අරන් උන්නු නිසා වෙන්න පුළුවනි කියා කී ඉස්කෝල මහත්තයා වැඩි දුරටත් කීවේ ඇමරිකාවේ ආරක්ෂක ලේකම් රාජ්‍ය ලේකම් එහෙමත් ඉන්නවා කියාය.

ඒ අතින් ගත්තාම බය ගෝතා ට ගිනස් වාර්තා පොතටත් යන්න පුළුවනි කියා ක‍ඩේ ළමයා කීවේය.

අර මක්කටද එයා ගිනස් පොතට යන්නේ කියා මුදලාලි ඇසුවේ විස්මයෙනි.

ඇයි මුදලාලි වෙනත් රටක ආරක්ෂක ලේකම් පදවිය දැරුව එකම ඇමරිකානුවා බය ගෝතා නේදැයි කඩේ ළමයා කීවේය.

ඉස්කෝල මහත්තයා කියන්නෙ ආරක්ෂ ලේකම් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කෙනෙක් නෙමෙයි රජයේ නිලධාරියෙක් කියලද? කඩේ ළමයා ඇසුවේය. ‍

ආයෙත් අහනව, ඉස්කෝල මහත්තයා කීවේය.

සරත් ‍ෆොන්සේකා රාජ්‍ය නිලධාරියෙක් නිසා ඒ කාලෙ සාටක රජ්ජුරුවන්ට ඡන්දෙට සල්ලි දුන්න නම් වරදක් කියල බය ගෝතා කීවා. ඒත් ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි බය ගෝතා අයියාගේ මංගල ඡන්ද රැස්වීමට ගියා ඒක හරිද කියා කඩේ ළමයා ඇසුවේය.

ඒකත් අහගෙන වතුර බිලත් බලාන එන්න මට කතරගම යන්නම වෙනවා කියා මුදලාලි කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *