ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

 ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වී ඇත.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇත්තේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී බව සදහන් වේ.

මිය යන විට කරුණාරත්න 56වැනි වියෙහි පසුවිය.

හේම නලීන් කරුණාරත්න ප්‍රේක්ෂක ජනතාවගේ සිත් දිනාගත් ජනප්‍රිය නිවේදකයෙකි. ඔහු අන්තර්ජාලය හරහා විකාශය වන හෙරිටේජ් ටීවී හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

එසේම ඒ මහතා මෙරට රූපවාහිනී ආයතන කිහිපයකට ම සිය දායකත්වය ලබා දුන්නේය.

ඔහු ජාතික රූපවාහිනියේ ඉදිරිපත් කළ“නමයයි පහ” වැඩසටහන මෙරට ප්‍රේක්‍ෂකයන් වැළඳගත් සොදුරු වැඩසටහනකි.

මැලේසියාව, ජර්මනිය හා එක්සත් ජනපදයේ ලන්ඩන් නගරයේ ජන මාධ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ වැඩි දුර අධ්‍යාපනය ලැබූ හේම නලින් කරුණාරත්න ‘Beyond 2000’ , ‘Lonely Planet ‘ වැනි විදෙස් වැඩසටහන් වලින් ආභාෂය ලබා ගෙන දේශීය මුහුණ වරකින් “නමයයි පහ” යන වාර්තා වැඩසටහන රැගෙන ආවේය.

නිවේදකයකුට වඩා දැවැන්ත මෙහෙවරක් රූපවාහිනී ක්‍ෂේත්‍රය තුළ ඉටු කළ අයෙක් වන හේම නලින් කරුණාරත්න සොබා සෞන්දර්යයට බොහොම ලැදි, සරල චරිතයක් ලෙස රසිකයන් අතර ප්‍රසිද්ධ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *