|

ශ්‍රී ලංකාව සඳහා වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ දී සැලකිල්ලට ගතයුතු කරුණු – මහාචාර්ය රොහාන් සමරජීව

අප අතීතය දෙස නොව අනාගතය දෙස බැලිය යුතු ය.  අප දැනට පසුවන ස්ථානය පිළිබඳව අප තුළ තිබිය යුතු වන්නේ යථාර්ථවාදී අවබෝධයකි.  රටට පරිබාහිරින් පවතින පරිසරය නිරන්තරයෙන්ම අප විසින් සැලකිල්ලට ගත යුතු වන අතර මෙහි දී අප සමග තරඟකාරී තත්වයේ පවතින රටවල කටයුතු පිළිබඳව සැලකිලිමත් වීම විශේෂයෙන්ම කළ යුත්තකි.  සිය පෞද්ගලික අවශ්‍යතතාවයන් මත කටයුතු කරන සමහර කණ්ඩායම් වල අවශ්‍යතාවයන්ට නොව පුළුල් වූ පොදු අවශ්‍යතාවයනට සහ ජාතික අවශ්‍යතාවයනට අප විසින් ප්‍රමුඛත්වය ලබා දිය යුතුව තිබේ.  මා මෙහි කරුණු දක්වනුයේ ඉහත සඳහන් කරන ලද මූල ධර්ම මත පිහිටා සිටිමිනි.

 

  1. ලෝකයේ අනාගතය ආසියාව මත රැඳී පවතී. දුරින් පිහිටි රටවල් අතර සිදුවනවාට වඩා වැඩි ජාත්‍යන්තර වෙළඳාමක් සමීපව පිහිටි රටවල් අතර සිදුවන බව ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ඇති බොහෝ මොඩලයන්හි පිළිගැනෙන කරුණකි.  එහෙත් ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන එම පිළිගැනීමට පටහැනිව ක්‍රියා කරන්නකි.  අපේ භාණ්ඩ හා සේවාවලින් වැඩි ප්‍රමාණයක් ආසියාව තුළට අපනයනය කරන තත්වය ඇති කර ගැනීමට අප ප්‍රයත්න දැරිය යුතු වන්නේ මේ වන විට වැඩිම වර්ධනය වාර්තා වනුයේ ආසියාව තුළ හෙයිනි. ලෝක වෙළඳ සංවිධානය විසින් මුලපුරන ලද දෝහා කටාර් සාකච්ඡා වටය අසාර්ථක වීමෙන් පසුව ආසියාව තුල බහුපාර්ශවීය ගිවිසුම් ඇති කර ගැනීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතු ය.
  2. මෙහි දී නැගී එන ආසියාන් සංවිධානයේ තනි වෙළඳපලට සහ චීනයට සහ ඉන්දියාවට මූලික ස්ථානය ලබා දිය යුතු වේ. කළාපීය සවිස්තරාත්මක ආර්ථික හවුල්කාරිත්වය :ඍක්‍ෑඡු* වැනි වූ ආසියාන් සංවිධානය ද සාමාජිකත්ව දරන කිසියම් සංවිධානයකට සම්බන්ධ වීම අපට කළ හැකි නැණවත්ම කටයුත්ත වනු ඇත. නමුත්, අප සමග ද්විපාර්ශවික සබඳතා ඇති කර ගැනීමට කැමැත්තක් දක්වන රටවල් සමග එසේ ද්විපාර්ශවික සබඳතා ඇති කර ගැනීමල බහු පාර්ශවීය සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය  පියවරකි.
    1   ඉන්දියාව සහ වියට්නාමය යන දෙරටම ද්විපාර්ශවීය ගිවිසුම් රැසකට ඇතුලත්ව සිටින අතර ඒවායින් එම රටවලට විපුල ප්‍රතිපල ලබා ගෙන ඇත.  ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ  දෙරට විසින් ආකර්ෂණය කර ගන්නා ලද ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයේ ඉහළ යාම තරමක සමාන මට්ටමක :7 ගුණයක් සහ 9 ගුණයක් වශයෙන්* පැවතුනත්, ශ්‍රී ලංකාව සිය අපනයන ප්‍රමාණය යාන්තම් දෙගුණ කර ගැනීමට සමත්ව ඇති කාලය තුළ වියට්නාමයේ අපනයනය 9.5 ගුණයකින් වැඩි වී තිබේ.
    2. විසි එක් වන සියවසේ වෙළඳ ප්‍රතිපත්ති වූ කලී ලෝකයේ රටවල් එක් කණ්ඩායමක ධන වෙළඳ ශේෂය සහ අනෙක් කණ්ඩායමේ වෙළඳ ශේෂ හිගය තුලනය කර පිළිතුරු ශූන්‍ය කරවන එකක් නොවේ. ගෝලීය නිෂ්පාදන ජාල :ඨඡුභි * සංකල්පය තුළ භාණ්ඩ වල කොටස් සහ අවසාන නිෂ්පාදනය :සේවාවන් ද ඇතුළුව* නැවත නැවත දේශ සීමාවන් හරහා ගමන් කරයි.  එහෙත්, මෙම කාල පරිච්ඡේදය තුළ ගෝලීය නිෂ්පාදනය ජාලයන් තුළින් අපනයන කරනු ලැබූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනයන් ගෙන් ඉතා කුඩා කොටසක් පමණකි.
    2.1    ගෝලීය නිෂ්පාදනය ජාලයන් අතිශයින්ම කාර්යක්ෂමය.  එහෙත්ල  ඒවා කඩා වැටීමේ අවදානම පවතී. එහෙයින්, ගෝලීය නිෂ්පාදන ජාලයන් හරහා කටයුතු වල යෙදී සිටින සමාගම්ල ස්වභාවික කරුණු නිසා ඇතිවන මෙන්ම පුද්ගලයින් විසින් ඇති කරනු ලබන යන දෙවර්ගයේම අවදානම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරති.  ස්වභාවික පුද්ගලයින් ගේ සංචලනය සම්බන්ධව වනල සේවා වෙළඳාමේ මාදිලි අතරින් 4 වැන්න ආවරණය කරන පැහැදිළි විධිවිධාන අඩංගු කර සකස් කරන ලද වෙළඳ ගිවිසුම් මෙම කාර්යයේ දී වැදගත් වේ.
  3. 3. සේවා වෙළඳාමටල සමස්ත ලෝක ආර්ථිකය තුළ මෙන්ම ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතාවන් තුළ ද ලැබෙන වැදගත් කම දිනෙන් දින ඉහළ යමින් පවතී. සේවා වෙළඳාමට අදාළ බලාත්මක කළ හැකි විධිවිධාන ඇතුළත් කරන ලද ප්‍රථම ගිවිසුම ද නිදහස් වෙළඳ ගිවිසුමයි.  ඨ්ඔී ලෙසින් ප්‍රකට, 1995 වර්ෂයේ දී ක්‍රියාත්මක වීම ඇරඹුනු සේවා වෙළඳාම පිළිබඳ සාමාන්‍ය ගිවිසුම තුළ ශ්‍රී ලංකාව ද පාර්ශව කරුවෙකි.  වර්තමානයේ ඇති කරගනු ලබන සියළු වෙළඳ ගිවිසුම් තුළ සේවාවන් ද අනිවාර්යයෙන්ම ඇතුළත් වේ.  ශ්‍රී ලාංකික ශ්‍රම හමුදාවෙන් සියයට 46.5 ක් සේවා අංශයේ රැකියා වල නිරත වෙති.  මෙම කටයුතු පොල් කැඩීමේල සිල්ලර වෙළඳාමේ සිට මෘදුකාංග සකස් කිරිම දක්වා වූ විශාල පරාසයක විහිදී පවතී.  කෘෂිකර්මාන්තයේ නිරතව සිටින සියයට 26.4 ක කොටසට වඩා මෙය සැලකිය යුතු තරමකින් විශාල ය.  සේවා වෙළඳාමේ 4 වන මාදිලිය :සංක්‍රමණික සේවකයින්* හරහා අපනයනය කරනු ලැබූ ශ්‍රමය තුලින් 2016 වර්ෂයේ දී ඇ.ඩො. බිලියන 7.2 ක ඉපයීමක් රටට ලැබිනි.  ශ්‍රම අපනයනයේ සීඝ්‍රතාවය පහළ වැටුනත් 2016 වර්ෂයේ දී එම අංශයේ ඉපයීම් සියයට 3.7 ක වර්ධනයක් වාර්තා කර තිබේ. 2016 වර්ෂයේ දී සේවා අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා ගන්නා ලද මුදල ඇ.ඩො. බිලියන 7.1 ක් වන අතර මෙය සියයට 11.6 ක වැඩිවීමකි.  සේවාවන් වූ කලී, භාණ්ඩ අපනයනය ද ඇතුළු සියළු ආර්ථික ක්‍රමවේදයන්ට අතිශයින්ම වැදගත් වූ යෙදවුමකි :සබචමඑ*ග  සමස්ත ආර්ථිකයේ කාර්යක්ෂමතාවය නංවාලීමට මෙන්ම අපනයනයන් ගේ තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ද සේවා කර්මාන්තයේ තරඟකාරිත්වය වැඩි කර ගැනීම අතිශයින් වැදගත් වේ.  මෙය සාක්ෂාත් කර ගැනීමේ හොඳම ක්‍රමවේදය වන්නේ රටේ සේවා කර්මාන්ත, ජාත්‍යන්තර තරඟකාරිත්වයට විවෘත කරලීමයි.

3.1    දේශ සීමා හරහා සේවා වෙළඳාමේ දී නෛතික පුද්ගලයින් :විදේශ සමාගම් වල ශාඛා සහ වරලත් ආයතන වැනි* :මාදිලිය 3* සහ ස්වභාවික පුද්ගලයින් :මාදිලිය 4* ගේ සංචලනය ඒ දේශ සීමා හරහා සිදුවීම අවශ්‍යම වන හෙයින් සාමාන්‍යයෙන් ඕනෑම ආකාරයක වෙළඳ ගිවිසුම් වලට ද විශේෂයෙන් සේවා වෙළඳ ගිවිසුම් වලට ද සාධාරණ හේතු නොමැති විරෝධතාවන් පැන නැගේ. ආරක්ෂණවාදයේ ප්‍රතිපල ලෙස සාමාන්‍යයෙන් සිදුවන හානි නම් දේශපාලන පීඩනය යොදවමින් දේශීය සැපයුම්කරුවන් විසින් තරඟකාරිත්වය ඇති වීම වලකා සේවා කර්මාන්තයේ අනිසි වාසි ලබා ගැනීමයි.  ආර්ථික ක්‍රමවේදයන් ගේ ඉතා වැදගත් යෙදවුම් දක්වා ආරක්ෂණවාදය විහිදී ගිය විට සමස්ත ආර්ථිකයටම එයින් පාඩු සිදු වේ.
3.2    සේවා වෙළඳාම් ගිවිසුම් සඳහා යොදා ගන්නා ධන ලැයිස්තු ක්‍රමවේදය විවිධ අංශ අභිමත අයුරින් විවෘත කිරීමකට මෙන්ම 4 වන මාදිලියට අයත් වගකීම් සියුම් ලෙස පාලනය කිරීමට ඉඩ සලසයි.   භාණ්ඩ වෙළඳ ගිවිසුම් වල දී මෙන් නොවල සේවා ගිවිසුම් වල දී කිසියම් අංශයක් ගිවිසුමේ විෂය පථය තුලට ගෙන එනු ලබන්නේ එම අංශය විශේෂිතව සඳහන් කර අඩංගු කිරීමෙන් සහ වගකීම්, බැඳීම් ලැයිස්තු ලබා දීමෙන් අනතුරුව ය.  සේවා වෙළඳ ගිවිසුම් වල දී 4 වන මාදිලියේ විධිවිධාන බලපානුයේ වෘත්තිකයින් සහ ජ්‍යෂ්ඨ කළමනාකරුවන් යනා දී මට්ටම් වලට ය.  එමෙන්මල ප්‍රමාණ සම්බන්ධ සීමා සහ ගෙවිය යුතු වන අවම වැටුප් වැනි කොන්දේසි අඩංගු කළ හැක.  මේ ආකාර වූ හැකියාවන් තිබීමල සමස්ථ ආර්ථිකයට සහ පාරිභෝගිකයා ගේ යහපතට හානි වන තත්වයක් දක්වාම දුර දිගට ගෙන ගොස් ආරක්ෂණවාදී ගැටළු ඉදිරිපත් කරන සංවිධිත කණ්ඩායම් සැනසීමට ආණ්ඩුවලට අවස්ථාව සලසයි.

  1. 4. ලෝකයට භාණ්ඩ සපයන කර්මාන්තශාලාව බවට පත්වීමට චීනය සමත් වී තිබීම නිසා සංවර්ධනය වන රටක තත්වයේ සිට ඉහළට ගමන් කිරීමට නිෂ්පාදනය පාදක කරගත් මාර්ගයක් තවදුරටත් නොපවතින්නේ යැයි බොහෝ දෙනෙකු තුල බියක් පවතී. ශ්‍රී ලංකාවේ බලශක්ති/විදුලිබල පිරිවැය ඉතා ඉහළ මට්ටමක පැවතීම සහ සම තත්වයේ තරඟකාරී රටවලට සාපේක්ෂව ශ්‍රමිකයින් ගේ වැටුප් ඉහළ මට්ටමක පැවතීම ශ්‍රී ලංකාවට සැලකිය යුතු බාධකයන්ව තිබේ. රටේ ශ්‍රමිකයින් අතුරින් සියයට 26.4 ක් පමණක් නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටීමට හේතුව එයයි.  කරුණු මෙසේ පවතින හෙයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තයේ අවධානය යොමු විය යුතුව ඇත්තේ විශාල සංඛ්‍යා වලින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම කෙරෙහි නොව ඉහළ අගයකින් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීම කෙරෙහි ය.  මෙම අවශ්‍යතාවය විසින්,  අප ඉහතින් සාකච්ඡා කරන ලද ගෝලීය නිෂ්පාදන ජාල සහ ද්විපාර්ශවීය සහ බහුපාර්ශවීය වෙළඳ ගිවිසුම් තුළට ඇතුළුවීම තුළින් එම නිෂ්පාදන ජාල සංවේදී වන දේශීය නීතිමය සහ නියාමන අවදානම පහත හෙළීම යන කරුණ වෙත අප නැවත රැගෙන යයි.
  2. 5. 1970 දශකයේ දී, ශ්‍රී ලංකාව විසින් ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ දෙස හැරී බලන කෙනෙකුටල එම ප්‍රතිසංස්කරණ වලින් අහිතකර බලපෑම් නිර්මාණය වන කණ්ඩායම් වලට සුරක්ෂණ දැලක් රහිතව දේශීය වෙළඳපල හදිසියේ විවෘත කර දමන ලද බරපතල ආකාරය පෙනී යනු ඇත. වර්තමානයේ සිදු කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ ඒසා විශාල ඒවා නොවේ.  එසේවුවත්, බදු, අර්ධ බදු සහ අනෙකුත් බාධක ඉවත් කරන ලද විට, ඉහළ යන තරඟකාරිත්වයට යළි සකස්වීමට අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීම උදෙසා සමහර සමාගම් වලට සහාය වීමට අවශ්‍ය යළි සැකසුම් පහසුකම් ලබා දීම පිළිබඳව සලකා බැලීමට ආණ්ඩුවේ සූදානමක් තිබීම හොඳ දෙයකි.
    රොහාන් සමරජීව

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *