අමතක කිරීමේ රෝගයේ වාසිය කාටද ? – භාතිය බරුකන්ද

‘‘සිංහල මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි’’ කියලා කිවුවේ හිටපු කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්. සිංහලයාගේ මේ අමතක කිරීමේ ඓතිහාසික පුරුද්ද (ඡුන්ම ගතිය* කොටි නායකයා කොතරම් දුරට තම පැවැත්ම වෙනුවෙන් භාවිත කළා ද කියලා අපට නිවැරදි වැටහීමක් නැහැ.
ඒත් සිංහලයා සතු මේ අමතක කිරීමේ පුරුද්ද තමන්ගේ දේශපාලන වාසිය / පැවැත්ම පිණිස අසීමිතව භාවිත කිරීමට රාජපක්ෂ කල්ලිය නම් අපූර්ව සාමාර්ථභාවයක් දක්වන බව අපට පසුගිය කාලය තුළ මනාව පැහැදිලි වුණා. අද මේ සියලූ කල්ලි එකම පිළකට පැමිණ ආණ්ඩුව එල්ලන්න සූදානම් වෙන්නේ වෙන කිසිදු පදනම් හේතුවක් හෝ සාධාරණ හේතුවක් හෝ නිසා නොව සිංහලයා සතු පහසුවෙන් අමතක කිරීමේ පුරුද්දට පින් සිදුවන්න බව නම් ඉතාම පැහැදිලියි. මේ නිසා අද ආර්ථිකයේ සියලූ වගකීම් සක‍්‍රයාගේ පුතා වයිමාට භාර දුන් බන්දුල ගුණවර්ධනට වගේම ආර්ථිකය ගැන මෙලෝ හසරක් නොදන්න නීති මහාචාර්ය ජී.එල් පීරිස්ටත්, තම පියාගේ කාලයේ චෝගම් සිහිනය හරහා බිලියන ගණනින් ජාතික ධනය විනාශ කළ නාමල් රාජපක්ෂටත් මහා ආර්ථික විශ්ලේෂකයින් හා අනාවැකිකරුවන් වීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ තත්ත්වය කොතරම් දුරට ගොස් තිබේද යන්න පැහැදිලි කරන අපූරු සිදුවීමක් වන්නේ අද ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නායකත්වයෙන් ‘‘ආර්ථික පර්යේෂණ ඒකකයක්’’ ක‍්‍රියාත්මක වීම තුළයි. ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ ආර්ථික පර්යේෂණ ඒකකයේ බැනරය යට ඉඳගෙන වත්මන් ආර්ථික තත්ත්වය විග‍්‍රහ කිරීම සහ ආර්ථික අනාවැකි පළ කිරීමට තරම් නිර්භය වී තිබෙන්නේ බන්දුල ගුණවර්ධනලා බලයේ සිටි කාලයේ ආර්ථිකයට කළ විනාශය ගැන අද ජනතාවට අමතක වීම නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවෙයි. (මේ ගැන ඉදිරි පරිච්ෙඡ්දයේදී සාකච්ඡුා කරමු*
අතීතයේ විඳි අමිහිර මතකයන් ජනතාවට පහසුවෙන් අමතක වීම ඇතැමුන් සලකන්නේ පෘතග්ජන ස්වභාවයක් විදිහටයි. ඔවුන් කියන ආකාරයට රුසියාවේ සාර් පාලනය යටතේ තවන්ගේ පියවරුන්, මුතුන්මිත්තන් විඳි අපමණ පීඩා අමතක කිරීමට වත්මන් රුසියානු පරපුරට පුළුවන් නම් මහින්ද රාජපක්ෂ රෙජිම පාලන සමයේ මේ රටේ ජනතාව විඳි ආර්ථික, දේශපාලන හා සමාජයීය පීඩනයත් පහසුවෙන් අමතක කිරීමට ජනතාව යොමුවීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ නිසා රාජපක්ෂ රෙජිමයේ මර්ධනකාරී, පීඩාකාරී අතීතය තව දුරටත් යළි රාජපක්ෂ ආගමනයක් සිදු වීම වැළැක්වීමට යොදා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැති බව ඔවුන් කියනවා. ලංකාව වැනි අව සංවර්ධිත රටක ජනතාව ජීවත් වන්නේ අතීතයේ හෝ අනාගතයේ නොව වර්තමාන මොහොත තුළ පමණක් බවත් ඔවුන්ට අනාගත සෞභාග්‍ය ගැන මනස් සිතියම් ඉදිරිපත් කිරීම සියතින්ම ගෙළ සිඳ ගැනීමක් බවයි ඔවුන් කියන්නේ. මේ සඳහා ශක්තිමත් උදාහරණයක් ලෙස ඔවුන් 1970 – 77 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන සමය සහ 1977 මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපයට අත් වූ අපකීර්තිමත් පරාජය දැක්වීමට ඔවුන් දැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රමාත්‍ය ධූරය දැරූ 2001 දෙසැම්බර් 2004 අපේ‍්‍රල් ආණ්ඩුවත් කදිම උදාහරණයක් ලෙස උපුටා දැක්වීමට ඇතැම් ආර්ථික හා සමාජ විශ්ලේෂකයින් කැමැත්තක් දක්වනවා. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ, 1994 – 2001 කාලය තුළ දැවැන්ත ලෙස පුළුල් වූ ඌන උපයෝගී රාජ්‍ය අංශය තව දුරටත් පුළුල් නොකර (රජයේ රැුකියා ලබා නොදී* ආර්ථික සංවර්ධනය සමග පුළුල් වන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැුකියා තරුණ පිරිසට ලබා ගැනීමට අවස්ථාව ලබාදීම අරමුණු කරගත් රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය එජාප ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ පාක්ෂිකයින්ට සේම පාවෙන ඡුන්දදායකයින් තුළ ද අතෘප්තියක් ඇති කළ බවයි. සාම්ප‍්‍රදායානුකුළව ආණ්ඩු බලය අල්ලා ගැනීම සමග ආණ්ඩු පාක්ෂිකයින් වෙත අසීමිතව විවර වන රාජ්‍ය අංශයේ රැුකියා සහ ආර්ථික අවස්ථා අවස්ථා අහිමිව ගිය එජාප පාක්ෂිකයින් 2004 මහ මැතිවරණයේදී ඡුන්ද පොළට නොගිය බවත් ආණ්ඩුවේ මෙම තීරණය එදා ශ‍්‍රීලනිපය නායකත්වය ගත් කණ්ඩායම අසීමිත ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
‘‘2004 මහ මැතිවරණය ඉලක්ක කරලා චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව උපාධිධාරීන් 45,000ට රජයේ රැුකියා ලබා දුන්නා. 2005 ජනාධිපතිවරණයේදී මේ උපාධිධාරීන් 45,000ම රජයේ රැුකියාවල ස්ථිර කරන බවට පොරොන්දුවක් මහින්ද රාජපක්ෂ දුන්නා. ඒ දේ ඒ ආකාරයෙන්ම සිදු වුණා. මේ උපාධිධාරීන් 45,000ට ආණ්ඩුවේ රැුකියා ලබාදීම මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය සඳහා කොතරම් උත්තේජනයක් වුණා ද කියලා වෙනම සොයා බැලිය යුතුයි. මගේ අදහස වන්නේ රනිල් වික‍්‍රමසිංහ සමග දකුණේ පැවැති තියුණු තරඟයෙන් මහින්ද රාජපක්ෂට ඉදිරියට ඒවට මේ රැුකියා 45,000 ප‍්‍රබල තල්ලූවක් වුණා’’
මේ ලියුම්කරු සමග මේ ආකාරයෙන් ප‍්‍රකාශ කළේ ප‍්‍රකට ආර්ථික හා සමාජ විශ්ලේෂකයෙක්. ඔහුට අනුව මෙරට ගොවිජනතාව කිසිඳා නොඉල්ලූ ( රසායනික පොහොර භාවිතය ආරම්භ කළ 1960 දශකයේ සිට 2005 දක්වා වසර 45ක් පමණ * ගොවීන්ට දැවැන්ත ගැටලූවක් නොවූ සහනාධාර පොහොර (අඩුම මිලට* ලබාදීම ද මහින්ද රාජපක්ෂ මහතා නිලය අල්ලා ගත් දේශපාලන තීන්දුවක් බව පැහැදිලියි. 2005 ජනාධිපතිවරණයේ දී ද තමන් බලයට පත් වුණොත් රුපියල් 350ට පොහොර ලබා දෙන ජනාධිපතිවරණ පොරොන්දුව ද මේ ආකාරයේම ප‍්‍රබල බලපෑමක් කළ එකක්.
2005 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට ගොවිජනතාව අතර දැවැන්ත බලයක් හිමිකර ගැනීමට වාර්ෂිකව රුපියල් බිලියන 35ක් පමණ ජාතික ධනය වැය කරන පොහොර සහනාධාරය ප‍්‍රබල ශක්තියක් වුණා. එජාපය (ඞී.එස්. සේනානායක යුගයේ සිට* බිහි කළ මහවැලි ගම්මාන, ගොවිජනපද ව්‍යාපාර ඇතුළු රටේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල මහින්ද රාජපක්ෂ දැවැන්ත ජන පදනමක් හිමිකර ගැනීමට මේ පොහොර සහනාධාරය ප‍්‍රබල උත්තේජනයක් වූ බව අපට පැහැදිලිව දැකගත හැකියි. මේ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද මනාව පැහැදිලි වුණේ 2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මේ ගොවි ජනපද ප‍්‍රදේශවලින් ලැබුණු සහාය 2018 දී ආණ්ඩුවට නොලැබී ගියා. ඊට ප‍්‍රධානතම හේතුව වුණේ පොහොර සහනාධාරය හා සම්බන්ධ ගැටලූ බව ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ වුණා.
මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිෂයින් පටු දේශපාලන අවශ්‍යතා මත පුළුල් කළ රාජ්‍ය සේවය පුළුල් කළ රාජ්‍ය සේවය තුළින් ද මනාව පැහැදිලි වෙනවා. 2004 වර්ෂයේදී පත් කළ ‘‘තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂම’’ ඉතාම පැහැදිලිව යෝජනා කළේ එවකට රාජ්‍ය සේවයේ නියැලී සිටි සේවක සංඛ්‍යාව සියයට 33කින් අඩු කළ යුතු බවයි. මන්ද ඒ වන විටත් රජයේ සේවය කර විශ‍්‍රාම ලැබූ විශ‍්‍රාමිකයින්ගේ විශ‍්‍රාම වැටුප් ගෙවීමේ අර්බුදයකට ආණ්ඩුව මුහුණ දී සිටියා.
එහෙත් සිදු වුණේ රාජ්‍ය සේවය අත්තනෝමතික ආකාරයෙන් පුළුල් කිරීම මගින් උදාවිය හැකි ආර්ථික ගැටලූ ගැන කිසිඳු අවධානයකින් හෝ පුරෝකථනය කිරීමකින් තොරව රාජ්‍ය සේවය දැවැන්ත ලෙස පුළුල් කරන අවස්ථාවාදී දේශපාලන ප‍්‍රවේශයකට රාජපක්ෂ ආණ්ඩුව යොමුවීමයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ බලයට පත්වන විට ලක්ෂ 7ක සීමාවේ (උපරිමයටත් වඩා වැඩි* පැවැති රාජ්‍ය සේවක සංඛ්‍යාව 2015 වන විට ලක්ෂ 14ක් දක්වා වේගවත් ප‍්‍රසාරණයකට ලක් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව පියවර ගත්තා. මේ සමග රාජ්‍ය සේවක වැටුප් බිල රාජ්‍ය ආදායමෙන් සියයට 35 දක්වා වර්ධන වුණා.
එහෙත් ජාතික ආර්ථිකයට කුමනාකාරයේ හානියක් උදා වුණත් මේ ලක්ෂ 7ක රාජ්‍ය සේවකයින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ස්ථිරසාර ඡුන්ද පදනමක් ලබා දුන් බව නොරහසක්. 2005 -2015 දක්වා අඛණ්ඩව මැතිවරණවලදී තැපැල් ඡුන්දවලින් (2015 ජනවාරි මේ තත්ත්වය වෙනස් වුණා* මහින්ද රාජපක්ෂ සුවිශාල ජයග‍්‍රහණයක් ලබා ගත්තේ මේ තත්ත්වය නිසා බව අප විසින් කිසිසේත් අමතක නොකළ යුතුයි.
ඔබට අවශ්‍ය නම් මේ තත්ත්වය 1995 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණ විසින් ආරම්භ කළ ‘‘සමෘද්ධි ව්‍යාපාරය’’ සම්බන්ධයෙන් ලබාදිය හැකියි.
1994 දී එජාපයේ 17 වසරක පාලනය නිමා කරමින් බලයට පත් ශ‍්‍රීලනිප හවුලට තම ග‍්‍රාමීය ඡුන්දදායකයින්ට හා ක‍්‍රියාකාරීන්ට ආණ්ඩුවේ වියදමින් සහනාධාර ලබාදීමට හා රැුකියා ලබාදීමට සමෘද්ධි ව්‍යාපාරය අනගි අවස්ථාවක් වුණා. සියයට සියයක් ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ට පමණක් හිමි වූ බව විශ්වාස කළ හැකි සමෘද්ධි සහනාධාරය සේම සමෘද්ධි ව්‍යාපාරය ආශ‍්‍රිත රැුකියා මගින් 1995 සිට මේ දක්වා ශ‍්‍රීලනිපයට දැවැන්ත ග‍්‍රාමීය අඩු ආදායම්ලාභීන් අතර ඡුන්ද පදනමක් සකස් කර දී තිබෙන බවක් අපට නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව සියයට 6කට ආසන්න අගයක් ගන්නා බව කියන ලංකාවේ දරිද්‍රතා දර්ශකයේ පවුල් ප‍්‍රතිශතය ඉක්මවා යමින් රටේ සමස්ත ගෘහ ඒකක සංඛ්‍යාව වශයෙන් සැලකිය හැකි ගෘහ ඒකක 54 ලක්ෂයෙන් පුද්ගලයින් (2017* ලක්ෂ 14කට අධික පිරිසක් සමෘද්ධි සහනාධාරය ලබන බව ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛන පැහැදිලි කරනවා. මේ පිරිස වෙනුවෙන් ආණ්ඩුව වාර්ෂිකව රුපියල් කෝටි 4000ක් වැය කරනවාට අමතරව 27000ක් පමණ වන සමෘද්ධි ව්‍යාපාරය ආශ‍්‍රිත නිලධාරී ඇණියේ වැටුප් (2018 දී මාසිකව රුපියල් 40,000ක් පමණ වන වැටුප* සඳහා මහා භාණ්ඩාගාරය තවත් රුපියල් බිලියන සිය ගණනක් වැය කරනවා. ඒ අනුව අවම වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 100ක් පමණ රාජ්‍ය වැය බරක් දරන සමෘද්ධි ව්‍යාපාරය වෙනුවෙන් පසුගිය 23 වසර පුරා රුපියල් බිලියන 2300ක් වැය කර තිබෙනවා. ඉතාම පැහැදිලිව මේ රුපියල් බිලියන 2300 සැලකිය හැක්කේ 27000ක් වන ශ‍්‍රීලනිපයේ බිම් මට්ටමේ ක‍්‍රියාකාරීන් පිරිසක් හා ඡුන්ද දායකයින් ලක්ෂ 14ක් නඩත්තු කිරීමටයි. (මේ වන විට තවත් ලක්ෂ 2කට සමෘද්ධිය ලබා දීමට නියමිතයි. ඒ පසුගිය කාලයේ සමෘද්ධි හිමිකම නොලැබු එජාප පාක්ෂිකයින් බව ද පැහැදිලිය*
මේ අනුව අපට පැහැදිලි වන දේශපාලන හා ආර්ථික යථාර්ථය කුමක්ද ? රජයේ රැුකියා ලක්ෂ 7ක්, පොහොර සහනාධාරය වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 35ක් හා සමෘද්ධි ව්‍යාපාරය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 100ක් පමණ ඉතාම ඍජුව දේශපාලන අවශ්‍යතා සඳහා වැය වන බවයි.
ඔබට මේ ගැන තව දුරටත් අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ යුගයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති (හම්බන්තොට, මත්තල, හම්බන්තොට නගර සංවර්ධන* වෙනුවෙන් වැය කළත් කිසිදු ආර්ථික ඉපයීමක් නැති දැවැන්ත ධනස්කන්ධය සේම ජී.එස්.පී. ප්ලස් සහනාධාරය, යුරෝපා මත්ස්‍ය තහනම ආදිය මගින් ද රටට අහිමි වූ දැවැන්ත ජාතික ධනය ද එක්කළ හැකියි.
ඔබට තව දුරටත් යාමට අවශ්‍ය නම් හෙජින් සූදුව නිසා අහිමි වූ ධනය ද, ලාභ ලබමින් සිටියදී යළි රජයට පවරා ගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් සහ මිහින් ලංකා සමාගම විසින් කාබාසිනියා කළ දැවැන්ත ජාතික ධනය ද එක් කළ හැකියි.
මීට සමගාමී රාජපක්ෂ යුගයේ ආර්ථික ආශ්චර්යයේ කුළුණු වශයෙන් සැලකූ කොන්ක‍්‍රීට් සංවර්ධනයට ලැබුණු අතිෂය පුළුල් අවධානය නිසා ගිහිලී ගිය කෘෂිකාර්මික සංවර්ධන අවස්ථා මගින් දිගු කාලීන වශයෙන් අහිමි කළ ජාතික ධනය ගණනය කළ නොහැකි බවයි ආර්ථික අංශවල අදහස වන්නේ.
මේ සියලූ කතා මුලින් කීවා සේ යළිත් රාජපක්ෂ රෙජිමයට එරෙහිව දමා ගැසිය නොහැකි තරම් කල් පැන ගිය ඒවා සේ සැලකිය හැකියි. එහෙත් මේ කල්ලිය යළි බලය අල්ලා ගැනීමට තැත් කරන්නේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‘‘වැටුණු ආර්ථිකය යළි ගොඩගත හැකි මඟ ගැන’’ සැලසුම් ඉදිරිපත් කරන්නේ ඉහත සඳහන් සියලූ කාරණා පොදුජනතාවට සදාකාලිකව අමතකව ඇතැයි යන පදනමින් නම් අපි ඒවා යළි යළිත් අවධාරණය කළ යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ‘‘? වැටුණු වළේ දවල් වැටීමක් මිස වෙනකක් නොවන බව ද අප වටහා ගත යුතුයි.
බදු ගැන කතා
මේ සමග පසුගිය දා ඉහළ ගිය තෙල් මිල සමග සමාජගත වෙමින් තිබෙන බදු මිත්‍යාව ගැන ද අප අපගේ අවධානය යොමු කළ යුතුයි.
පසුගිය දා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1848දී ගැසූ බදුවලටත් වඩා බදු මේ ආණ්ඩුව විසින් ජනතාවගෙන් අය කර ගන්නා බවයි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මහින්ද රාජපක්ෂ දශකයේ අන්තයටම විනාශ කර තිබුණු ජාතික ආර්ථිකය යළි ගොඩගැනීමට ආණ්ඩුවට අනුගමනය කළ හැකි බදු නොවන ප‍්‍රායෝගික විසඳුම් (හම්බන්තොට වරාය කළමනාකරණය, එටිකා වැනි ගිවිසුම්* වලට දැවැන්ත විරෝධයක් පාන රාජපක්ෂ රෙජිමය රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා යෝජනා කරන වෙනත් විකල්ප විසඳුම් කුමක්ද ? යන්නයි.
මෙහිදී අප මුලින්ම වටහා ගත යුත්තේ පසුගිය කාලය පුරාම ආණ්ඩුව මුහුණ දෙන සියලූම ආර්ථික අභියෝවලට පදනම වන්නේ රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම් (රාජ්‍ය සේවක වැටුප්, ණය, සංවර්ධන, සුභසාධන ආදි* ප‍්‍රමාණවත් නොවීම බවයි. ඉහත සඳහන් කළ ආකාරයෙන් දැවැන්ත රාජ්‍ය සේවක යාන්ත‍්‍රණයක්, පොහොර සහනාධාරය වැනි දැවැන්ත සහනාධාර හා හම්බන්තොට, මත්තල, ශ‍්‍රීලන්කන් වැනි ආයතන වල ණය ගෙවීම් සඳහා ආණ්ඩුව මුදල් සොයා ගන්නේ කෙසේද යන්නයි.
අද ආර්ථික අර්බුදයක් ගැන කතා කරන රාජපක්ෂ රෙජිමය තම පාලන සමයේ ජාතික ආර්ථිකය, රාජ්‍ය ආදායම විනාශ කළ ආකාරය අපට මහ බැංකු වාර්තා මගින් පැහැදිලිව වටහා ගත හැකියි.
ශ‍්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක පමණ ප‍්‍රතිශතයක් ගත යුතු බව පොදුවේ පිළිගැනේ. රට තුළ කොතරම් ආර්ථික හා දේශපාලන අර්බුද තිබුණ ද 1995 දක්වා මේ සියයට 20ක ප‍්‍රතිශතය පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි වුණා. එහෙත් අද ආර්ථික ඔස්තාර්ලා වී සිටින බන්දුල ගුණවර්ධනලා ද සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ රාජ්‍ය ආදායම දැවැන්ත ලෙස පිරිහීම ආරම්භ වූ අතර 2014 දී රාජ්‍ය ආදායම නිදහසින් පසු අවම අගය වාර්තා කළා. ඒ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11ක ප‍්‍රතිශතයක් වශයෙනුයි.
රාජපක්ෂ යුගයේදී රාජ්‍ය ආදායම මේ ආකාරයේ දැවැන්ත ලෙස පහළ බැසීමේ ප‍්‍රතිඵල මුළු සමාජයටම උස් පහත් භේදයකින් තොරව විඳ දරා ගැනීමට සිදු වුණා. ඒ අනුව 1995දී සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් සඳහා අයවැයෙන් වෙන් කළ සියයට 6ක ප‍්‍රතිශතය 2014දී සියයට 03 දක්වාත්, 1995 දී සමෘද්ධි ප‍්‍රතිලාභ ගෙවීම සඳහා වැය කළ සියයට 3ක ප‍්‍රතිශතය 2014දී සියයට 0.5 දක්වාත් කිසිදු බියකින් තොරව අඩු කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පියවර ගත්තා.
අර්ථික අර්බුද කතාව
වත්මන් ආණ්ඩුව යටතේ රට ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටින බව ද එය ජය ගැනීම කළ හැකිවන්නේ යළි රාජපක්ෂ යුගයක් බිහි කිරීමෙන් බව ද පසුගිය තෙවසර පුරාම අඛණ්ඩව ගෙනයන ජනප‍්‍රිය කතාවකි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ඔය කියන ආර්ථික ඔස්තාර්ලා නායකත්වය ගත් ආණ්ඩුවේ 2010 කාලයේදී රාජ්‍ය ආදායම අඩුවීම පිළිබඳ පුළුල් විවේචනයක් තිබීම සහ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග සෙවීම සඳහා විවිධ පැලැස්තර් විසඳුම් ද යෝජනා කිරීමයි.
2010 දී පත්කරන ලද මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘‘බදු කොමිෂම’’ ඒ අතරින් වඩාත් ප‍්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ එකකි. එහෙත් අද බදු ගැන මහත් ඉහළින් කතා කරන බන්දුල ගුණවර්ධනලා එදා මහාචාර්ය ලක්ෂමන් මහතාගේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කරනු තබා ඒ යෝජනා දුටු බවටවත් සහතිකයක් නැහැ.
මේ සමගම තවත් වැදගත් කරුණක් පෙන්වා දිය යුතුය. ඒ 2010 වර්ෂයෙන් පසු වේගවත් වූ විදේශ ගිනිපොළි ණය (චීන ණය* මත පදනම් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ක‍්‍රියාවලිය ඵලදායී ආර්ථික ක‍්‍රියාවලියක් හා සමපාත නොවන්නේ නම් දරුණු ආර්ථික ගැටලූවලට කඩිනමින් මුහුණදීමට සිදුවන බවට 2010 -2014 කාලය පුරාම ආර්ථික විද්වතුන් විසින් සිදුකළ අනතුරු ඇඟයීමයි.
මේ සියලූ කරුණු අනුව ‘‘එන පොට හොඳ නැති බව’’වටහා ගත් මහින්ද රාජපක්ෂ 2015 දී ගත් සටකපට දේශපාලන උපාය ගැන අප අලූතින් සිතිය යුතු නැහැ. උපරිම රාජ්‍ය හා මැර බලය යොදා යළි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර ජනතාව මෝහනයට පත් කිරීමේ රාජපක්ෂ සැලසුම අතේ පත්තු වුණේ 350ට පොහොර ගත් ගොවීන් සේම ලක්ෂ 7ක රජයේ රැුකියා ගත් රාජ්‍ය සේවකයින් ද එක පෙළට රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට නොබියම පියවර ගත් නිසා මිස ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ හෝ වෙනත් බිල්ලන් නිසා නොවෙයි. එහෙත් අද මේ සියල්ල ජනතාව අමතක කර ඇති අතර යළිත් වයිමලාට ආර්ථිකය භාරදීමට තදියමකින් සිටිනු දැකිය හැකියි.
එනිසා අපි යළි යළිත් අවධාරණය කරන්නේ ඉන්ධන මිල ඉහළ ගිය විට එය පහළ දැමීමට උද්ඝෝෂණය කළ හලාවත ධීවරයින් බිළිගත්තා වූ ද ඉන්ධන මිල ගණන් පහළ යාමේ වාසිය ජනතාවට දිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය (2009* ලබා දුන් තීන්දුවට පයින් ගැසුවා වූ ද රාජපක්ෂ රෙජිමයේ අවස්ථාවාදී සැලසුම් ජයග‍්‍රහණය කිරීමට ඉන්ධන මිල ගණන් ඉහළ යාම අවස්ථාවක් කර ගැනීමට ඉඩ නොදිය යුතු බවයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *