2020 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවාට මහින්ද රාජපක්ෂ අකමැති නෑ – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

 

මෑතක දී පුවත්පත් ලෝකයේ කාගෙත් අවධානයට ලක් වූ ප්‍රධාන සිරස්තලයක් වූයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හා දැව සංස්ථාවේ සභාපති වරයා එක්ව මහා පරිමාණයේ අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් පිළිබදවය. මීට පෙරත් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම කාර්යමණ්ඩල ප්‍රධානින් දෙනෙක් අල්ලස් ගැනීම්වලට චෝදනවලට ලක්වෙලා තියෙනව. එකෙන් පෙන්නුම් කරනව නේද මේ රටේ පහළ සිට ඉහල තැන දක්වාම දූෂණය, අල්ලස තියෙනව කියල.

මෙතනදි එක්සත් ජාතික පක්ෂය කියන්න උත්සාහ කරනව අපේ ළඟ විතරක් නෙමෙයි සිරිසේන ජනාධිපතිවරයා ළඟත් දූෂිතයො ඉන්නව කියල කියන්න. සිරිසේන ජනාධිපතිවරයා ළඟ ඉන්න පිරිස් කියන්න උත්සාහ කරනව අපි ළඟ දූෂිතයො හිටියොත් කොයිතරම් ඉහළ තැනක හිටියත් ඒ අයව නීතියේ රැහැනට කොටුකරනව කියල කියන්න. කොහොම උනත් මේ තර්ක පිළිගන්න තත්ත්වයක මහජනතාව නෑ.

දැන් මෛත්‍රිපාල සිරිසේන මහත්තයට පුළුවන්කම තියෙනවනේද මම ළ ඉන්න දූෂිතයන්ටත් මට දඩුවම් කරන්න පුළුවන්නම්, මහින්ද ළග ඉන්න දූෂිතයන්ට මට කොහොමත් දඩුවම් දෙන්න පුළුවන් කියල ක්‍රියාත්මක වෙන්න.

ඔව්, දැන්වත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ වගේ මාධ්‍යෙව්දින් ඝාතනය වීම, මාධ්‍යවේදින්ට පහර දීම, තාජුඩීන් වගේ ක්‍රිඩකයන් ඝාතනය වීම ගැන පරීක්ෂණ කඩිනම් කරන්න දැන් පුළුවන්කම තියනව. සමහර වැරදි කරපු කට්ටිය ඇපමත මුදාහැරලා තියනව. සමහරු රට පැනලා එහෙ සිට මහෙ ඔවුන්ගේ සුපුරුදු කටයුතු මෙහෙයවනව. මේ සේරම නීතිය හමුවට පැමිණවිය යුතුයි. නැත්නම් රට යන්නෙ කොතෙන්ට ද කියල හිතාගන්න අපහසුයි.

කලක් ලංකාවේ නීති වෘත්තියේ යෙදුනු නීතිඥවරියක් කලක් විදේශගත වී නැවත ලංකාවට පැමිණ පසුගිය දා කරන ලද ප්‍රකාශයක් මහත් අන්දෝලානාත්මක ප්‍රකාශයක් වුණා. එතුමිය හෙළිකළේ අධිකරණ පද්ධතියේ තියෙන දූෂණ හා අකටයුතු කම් ගැන. එය නීතිය හෑල්ලුවකට ලක් කිරීමක්ද? නැතිනම් තම වෘත්තිය වටා ඇති දූෂණ පිළිබදව නොබියව කරුණු ඉදිරිපත් කිරීමක් ද?

මේ ගැන නිශ්චිත නිගමනයකට එන්න ඉක්මන් වැඩියි කියල හිතෙනව. මගෙ අදහස නම් අධිකරණයේ ස්වාධීන්ත්වය ඇතිකරණව කියන එකත්, අධිකරණ කටයුතු කාර්යක්ෂම කරනව කියන එකත් මේ රජය බලයට එනවිට පොරොන්දු වූ පොරොන්දුවක්. ඒක සිද්ධවුණේ නැහැ. සුගන්ධිකා කියන කතාව ඇත්ත.

නඩුවල තීරණ දැන් අරලියගහ මන්දිරයේ දී හෝ ජනාධිපතිවරයාගේ නිවසේ දී ගන්නෙ නැති එක හොයිඳයි. නමුත් එපමණකින් අපිට සතුටු වෙන්න බැහැ. නඩු පමාවීම, අධිකරණ ක්‍රමය තුළ ඇති දූෂණ නැති කළ යුතුයි.

සුගන්ධිකා ප්‍රනාන්දු, නාගහනන්ද කොඩිතුවක්කු වැනි අය එළියට ඇවිත් කතාකරන එක හොඳයි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම නිසා ඇතිවෙලා තියන සාකච්ඡාව මේ රටේ අධිකරණ පද්ධතිය යහපත් දිසානතියකට හැරවීමට යොදාගත යුතුයි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම් නිෂේදනීය ඒව ම කියල ප්‍රතික්ෂේප කරන්න බැහැ.

එක පැත්තකින් නීතිඥ සංගමය ඔවුන් අභියෝගයක් කොට සලකන බව පේනවා. සමහරු අදහස් කරනව නාගහනන්ද කොඩිතුවක්කු ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හදනව කියල.

ඔහු ජනාධිපති අපේක්ෂකයකු වුවහොත් ජනතාව ඔහු වටා එකතුවෙයිද? මීළග ජනාධිපතිවරණයේ දී යම් බලපෑමක් කරන්න පුළුවන් අපේක්ෂකයකු බවට ඔහු පත්වෙයි ද?

ඒක දැන්මම කියන්න බැහැ. කොහොම නමුත් ඔහු ජනාධිපතිවරණයට තරඟ කරයි කියල සමහරු දැන්ම ම බයවෙලා තියන බව නම් පේනවා. සමහරු දැන්ම ම ඔහුට පහර දෙන්න පටන් අරන් තියනව. වික්ටර් අයිවන් දැන්ම තියාම ඔහුට පහර දෙන්න පටන් අරන් තියනව. වික්ටර් අයිවන්ගෙත් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අදහසක් තියනව ද කියල සැකකරන්න පුළුවන්. නාගහනන්ද මතුවීම ඔහු අභියෝගයක් වශයෙන් සලකනවද කියල හිතනවද කියල සැකයි. වික්ටර් අයිවන්, නාගහනන්ද කොඩිතුවක්කුටත් සුගන්ධිකා ප්‍රනාන්දුටත් තදින් පහර දෙන කෙනෙක් බවට පත්වෙලා තියෙනව.

පහුගිය අයවැයේ දී, කාන්තාවන් මත්පැන් අලෙවි කිරීමේ වෘත්තියේ යෙදීම හා ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම නීතිගත කළ යුතුයි කියන ප්‍රශ්නය කරළියට ආවා. සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශකර සිටියේ ලංකාවේ කාන්තාවන්ගේ අධ්‍යාපන හා සමාජ මට්ටම අනුව එයට ඉඩ දීම නුසුදුසුයි කියලයි. ඒ පිළිබඳ අදහසක් දක්වනව නම්.

මම පුද්ගලිකව අකමැතියි කෙනෙකු කාන්තා, පුරුෂ, කුල, ජාති වශයෙන් බේදීමක් ඇතුව සලකනවට. කිසිම බේදයක් නැතුව සියලුම පුරවැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒ අනුව බලනකොට කාන්තා පිරිමි කියල ලිංග බේදය හෝ කුල භේදය හෝ අරගෙන එක් පිරිසකට නැති අයිතියක් තවත් පිරිසකට දීම පිළිගන්න බැහැ.

කාන්තාව මත්පැනට හා සිගරැට් බීමට පුරුදු කළහොත් හොඳ වෙළදපලක් තියනව අරක්කු හා සිගරැට් නිෂ්පාදකයන්ට. කාන්තාව එය විලාසිතාවක් වශයෙන් පටන් ගත්තොත් මුලු කාන්තා සමාජය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. සුපර් ස්ටාර් තර වලට වහ වැටිලා ඉන්න ජන රැල්ල අපේ රටේ කාන්තාවන් ඕනැම දෙයකට පහසුවෙන් නැඹුරුකරගන්න පුළුවන් බවට සාධකයක්. ඒ නිසා මේ සමාජ නොදැනුවත්කම නිසා ඒ තහනම සාධාරණයි නේද?

ඔව්. ඒ තර්කයේ සාධරණයක් තියනව. මේ ආණ්ඩුව ගත්ත හැම තීරණයක්ම ප්‍රශ්නකාරියි. අමාත්‍ය මණ්ඩල පත්වීමේ සිට, ග්ලයිෆොසෙට් තහනම දක්වා හැම තීරණයක්ම ගනු ලැබුවේ විද්‍යාත්මක පදනමක් ඇතිව නෙමෙයි.

කෘෂිකර්මය, කර්මාන්ත, සාමාජයට ඝෘජුව බලපාන ප්‍රශ්න මේ හැම දෙයක්ම තීරණය කළ යුත්තේ විද්‍යාත්මක පදනමක මත පිහිටායි. මුළු සමාජයම මිත්‍යාවෙන් මුදවාගෙන විද්‍යාත්මක පදනමකට ගෙන ඒමේ අවශ්‍යතාවය දැනටමත් ප්‍රමාදයි. එය වහා කළ යුතුයි.

අපිට තීබුණා ලෝකයේ හොදම පොල් පර්යේෂණ මධ්‍යස්ථානය, තේ පර්යේෂණ මධ්‍යස්ථානය, රබර් පර්යේෂණ මධ්‍යස්ථානය හා වී පර්යේෂණ මධ්‍යස්ථානය නමුත් මේවා එකක්වත් අද හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේවා විද්‍යාවෙන් ක්‍රමයෙන් ඈත්වෙන බවයි පෙනෙන්නේ. රට විද්‍යාවෙන් ඈත්වෙමින් මිත්‍යාවට බරවීමකුයි දක්නට තියෙන්නෙ.

මිත්‍යා ඇදහීම්වලට මේ රට් ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයන් පවා මුල්තැන දෙන බව ප්‍රකටයි. ඔවුන් බාර හාර වීමට ඉනිදියාවෙ තිරුපති යනවා. දේශපාලන ව්‍යාපාරයක් පටන්ගන්නෙ කතරගමට බාර වෙලා. රටේ බොහෝ දේවල් කරන්නෙ නැකැත් කමිටුව කියන උපදෙස් අනුව. මෙවන් වැරදි ආදර්ශය දෙන්නෙ දේශපාලඥයන්ම නේද?

මැයි මාසෙ පළවෙනිදා පැවැත්වීමට නියමිත මැයි දිනය මැයි 7 වැනිදාට යොදාගෙන, මැයි මාසෙ පැවැත්වීමට නියමිත, ලෝකයේ සෙසු බෞද්ධ රටවල් මැයි මාසයේ පවත්වන වෙසක් පෝය අප්‍රේල් මාසයට දාගෙන අවුලකට පත්වෙන දේවල් තමයි කරල තියෙන්නෙ. මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දෙනම පවා ප්‍රකාශ කරල තිබුණා වෙසක් තියෙන්න ඕනැ මැයි මාසයේ කියල. අප්‍රෙල් මාසය අග යෙදුනෙ අධි පොහොයක්. වෙසක් පෝය යෙදෙන්නෙ මැයි මාසයට කියන එකයි සමහරු තර්ක කරන්නෙ.

ඊළග මැතිවරණයේ ජනාධිපති තම අපේක්ෂකයා කවුද කියන එක මේ රටේ ප්‍රධාන පක්ෂ විසින් ප්‍රකාශයට පත්වෙමින් තියනව. එක්සත් ජාතික පක්ෂ මැයි රැළියේ දී එජාප ප්‍රබල ඇමතිවරයකු වන රාජිත සේනාරත්න විසින් ප්‍රකාශයට පත්කරල තියනව මීළග ජනාධිපතිවරණයේ දී එජාප ජනාධිපති අපේක්ෂකයා එජාප නායකයා රනිල් වික්‍රමසිංහ බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් කියැවෙනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාම බවටයි.පොදුජන එක්සත්  පෙරමුණෙන් (පොහොට්ටුව) ස්ථිර වශයෙන්ම කෙනෙක් ප්‍රකාශ වී නැතත් රාජපක්ෂ පවුලෙන් කෙනෙක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වෙනව. පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය බව පිරිසක් කියන අතර, තවත් පිරිසක් කියන්නෙ බැසිල් ඉදිරිපත් කළ යුතුබවයි. වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම පවසන්නේ සුදුසුම පුද්ගලයා චමල් රාජපක්ෂ බවයි. ඒ අනුව පොහොට්ටුවේ පමණයි අපේක්ෂකත්වයට අවුලක් ඇති බව පෙනෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි භාවය නිසා මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නැතිබවටයි ආරංචි.

ඔහු එය ඉල්ලා අස්කර ගත් බවට ප්‍රකාශවුණා.

ද්විත්ව පුරවැසිභාවය ලේසියෙන් ඉල්ලා අස්කරගන්න පුළුවන් එකක් නෙමෙයි. කෙනෙක් යම් රටක ද්විත්ව පුරවැසි භාවයෙන් ඉවත්වෙන්න නම් ඒ රටේ ඇති සියලු බැඳීම්  වලින් පළමුව මිදිය යුතුයි. අඩුතරමින් ක්‍රෙඩික්ට් කාර්ඩ් ගිණුමක ඩොලරයක හිගයක් තිබුණත් කෙනෙකුට ද්විත්ව පුරවැසිභාවයෙන් මිදෙන්න ඒ රට ඉඩදෙන්නෙ නෑ. ගෝඨාභයටත් ඒ රටේ පරීක්ෂණ වගයක් අවසන්ව නැති බවට ආරංචියක් තියෙනව. ඒ පරීක්ෂණ අවසන් වන තුරු ද්විත්ව පුරවැසිභාවයෙන් මිදෙන්න බැහැ.

ඒ තත්ත්වය අනුව ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකත්වයට නුසුදුසු වුණොත් අපේක්ෂකත්වය ලැබෙන රාජපක්ෂවරයා කවුද?

ගෝඨාභයට අපේක්ෂකත්වය ලැබීමට සුදුසුකම් තිබුණත්, ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද රාජපක්ෂ අකමැති බවකුයි දැනගන්න තියෙන්නෙ. මහින්දට මීළග මැතිවරණයෙන් රනිල් ජනාධිපති වුණත් කමක් නෑ. ඔහුගේ බලාපොරොත්තුව 2020 නෙමේ.

මනෝජ් රූපසිංහ

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *