මහින්දගේ තෙල් මිලේ තවත් කතාවක් – එදා තෙල් බැරලය ඩොලර් 55යි, පෙට්‍රල් රු. 157යි. අද බැරලය 77යි ,පෙට්‍රල් රු. 137යි

තෙල් මිල වැඩිවීම ගැන කිබුල් කඳුළු හෙලන මහින්දවාදීන් ගිනි ගන්නට තෙල් විකුණු හැටි වත්මන් තෙල් මිල හා සැසදීමේදී ද පැහැදිලි වෙයි . 2014 දෙසැම්බරයේ ලෝක වෙළඳ පලේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 53 – 55 අතරය . පෙට්‍රල් ලීටරයක මිල රු. 157 කි ,ඩීසල් ලීටරයක මිල රු. 111 කි භූමිතෙල් ලීටරය106 කි දැන් ලෝක වෙළඳ පලේ බොරතෙල් බැරලය ඩොලර් 77කි .පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137කි ඩීසල් ලීටරයක මිල රුපියල් 109කි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101කි .

රාජපක්ෂලා තෙල් වලින් ජනතාව ගසාකෑ ආකාරය මෙයින් පැහැදිලිය

රාජපක්ෂ පාලන සමයේ තෙල් මිල

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 157 යි.
ඔක්ටේන් 95 ලීටරයක මිල රු. 158 යි
ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 111 යි
සුපර් ඩීසල් ලීටරයක මිල රු. 133 යි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106යි

වසර තුනකට පසු අද මිල

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137යි – රුපියල් 20ක් අඩුයි
ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 148යි – රුපියල් 10ක් අඩුයි
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 109යි – රුපියල් 2ක් අඩුයි
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119යි – රුපියල් 14ක් අඩුයි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101යි. – රුපියල් 5ක් අඩුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *